Pasidol
Sathosa Ad Final Sinhala
Feb 06, 2018

ඇමෙරිකානු වෙළඳපොල කඩාවැටෙයි !

ඇමෙරිකානු වෙළඳපොලෙහි සිදුවූ වාර්තාගත කඩාවැටීමත් සමග ලොව වෙළඳපොලවල් කිහිපයක කඩාවැටීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වේ.

ඊයේ වෝල් විදියේ ඩව් ජෝන්ස් හා S&P දර්ශක ද්විත්වයම සියයට 4කින් පමණ කඩා වැටුණු අතර, ඩව් ජෝන්ස් දර්ශකයේ ඒකක 1,600ක පමණ බැස්මක් වාර්තා විය.

කෙසේවෙතත් දිනය අවසන් වන විටදී මෙම බැස්ම යම්තාක් දුරට යහපත් අතට හැරුණ ද, ලොවපුරා ප්‍රධාන වෙළඳපොළවල් කිහිපයකම කඩාවැටීමකට ලක්වුණි.

ජපානයේ නික්කෙයි දර්ශකය මෙන්ම ලන්ඩනයේ, පැරිසියේ හා ෆ්‍රැන්ක්ෆර්ට් හි වෙළඳපොලවල් ද මේ අයුරින් කඩාවැටීමකට ලක්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top