Pasidol
Sathosa Ad Final Sinhala
Feb 16, 2018

ඩීමෝ වෙතින් ජර්මානු සහතික ලත් පාඨමාලවක්

මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම හෙවත් ඩීමෝ මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳව තුන් වසරක ජර්මානු සහතික ලත් පාඨමාලාවක් අරඹයි. ජර්මානු වාණිජ මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම පාඨමාලාව වසර 3ක් පුරා පැවැත්වෙන අතර මෙවැනි පාඨමාලාවක් මෙරට දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

රථවාහන කාර්මික තාක්ෂණය යනු වත්මන් රථවාහන වලට ගැලපෙන ආකාරයේ මෝටර් වාහනවල කාර්මික, විදුලි හා ඉලෙක්ට්‍රොනික මෙන්ම තොරතුරු තාක්ෂණය යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන විෂයයකි. ජර්මනියේ ක්‍රියාත්මක ද්වි වෘත්තීය පුහුණු අවස්ථාව හා සමාන මෙම පාඨමාලාව ප්‍රායෝගික පුහුණුව සමඟ පැවැත්වෙන පාඨමාලාවකි. මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීමේදී දැනුමට අමතරව සිසුවාගේ ප්‍රායෝගික කුසලතා ද දියුණු කර ගැනීමට අවස්ථාව හිමිවීම මෙහි ඇති විශේෂත්වයකි. ක්ෂේත්‍රයට අවශ්‍ය ශ්‍රම බලකාය සොයා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් ලෙස මෙම ක්‍රමය හැදින්විය හැකි ය. යූරෝපා සංගමයේ රටවල් අතුරින් අවම රැකියා විරහිත තරුණ ප්‍රතිශතය ජර්මනියෙන් වාර්තා වීම මෙම ක්‍රමයේ සාර්ථකත්වයට ඇති හොඳම සාක්ෂියයි. තව ද එරට හි ඇති සාර්ථක වෘත්තීය පුහුණු වැඩපිලිවෙල නිසා තාක්ෂණයෙන් උසස්තම නිෂ්පාදන බිහිකිරීමටත් ඒවා කෙරෙහි ලොව පුරා ඉහළ පිළිගැනීමක් හිමිකර ගැනීමටත් සමත් වී තිබේ. මේ හේතුවෙන් ජර්මනියේ වෘත්තීය පුහුණුව ලැබූවෙකුට ජාත්‍යන්තර වශයෙන් මෙන්ම යුරෝපා සංගමය තුළ ඉහළ පිළිගැනීමක් පවතී.

තාක්ෂණික කුසලතා පිළිබඳ ඩීමෝ ඇකඩමිය හෙවත් DATS හිදී මෙම පාඨමාලා පැවැත්වෙන අතර ජර්මානු වාණිජ මණ්ඩලය විසින් සහතික කරනු ලබන විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පාඨමාලා මෙහෙයවනු ලබයි. තාක්ෂණික කුසලතා පිළිබඳ ඩීමෝ ඇකඩමිය Daimler AG හි පූර්ණ අධීක්ෂණය යටතේ වර්ෂ 1990 දී පිහිටුවනු ලැබූව කි. එමෙන්ම වසර 2015 සිට රථවාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලා පවත්වන මෙරට එකම ප්‍රථම ආයතනය වන්නේද එම ඇකඩමිය යි. මෙහිදී අභ්‍යාසලාභීන් වෙත රැකියා අඉලක්ක කරගත් පුහුණුවක් ලබාදෙන අතර Mercedes - Benz, ටාටා, Bosch ආදී සන්නාම වල උසස්තම නිෂ්පාදන මෙන්ම ඉදිකිරීම් යන්ත්‍ර පිළිබඳ හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවෙයි. ජර්මානු සැලැස්මකට අනුව මෙම පාඨමාලා පැවැත්වෙන බැවින් උසස් අධ්‍යාපන මට්ටමේ පිළිගැනීමෙක් මෙම පාඨමාලාව සඳහා හිමිවෙයි. මෙම සහතිකපත් ලාභීන්ට විශ්ව විද්‍යාලයක ඉංජිනේරු උපාධියක් දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමට හෝ ජර්මනියේ උසස් වෘත්තීය පාසැලක අධ්‍යාපනය හදාරා සහතික ලත් ඉංජිනේරුවෙකු වීමේ අවස්ථාව පවතී.

මෙම පාඨමාලා ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ ගතවූ වසර කිහිපය තුළදී මෙරට රථවාහන ක්ෂේත්‍රය සංකීර්ණත්වයට පත්ව ඇති බවයි. ඊට සමගාමීව තාක්ෂණික ශිල්පීන්ගේ අවශ්‍යතාවක් ද මතුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. දිනෙන් දින මෝටර් වාහන තාක්ෂණය දියුණුවට පත්වන බැවින් ඊට සරිලන ආකාරයේ කාර්මික තාක්ෂණික ශිල්පීන් සඳහා ලොව පුරා අධි ඉල්ලුමක් හටගෙන ඇති බව ද ඒ මහතා පැවසීය. ඒ සඳහා විසඳුමක් ලෙස ඩීමෝ විසින් නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙම මෝටර් වාහන කාර්මික තාක්ෂණික පාඨමාලාව ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය. එහිදී රංජිත් පණ්ඩිතගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෝටර් රථවාහන ක්ෂේත්‍රය පිළිබඳව උන්නදු වන සහ අභියෝග ජය ගැනීමට කැමැත්තක් දක්වන සීමිත තරුණ තරුණියන් පිරිසකට සෑම වසරකම උදාවන අගනා අවස්ථාවක් ලෙස මෙම පුහුණු පාඨමාලාව හැඳින්විය හැකි බවයි. එමඟින් කුසලතා හා දක්ෂතා පිරි තරුණ තරුණියන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් බවට පත් කිරීම සිය අරමුණ බවද පණ්ඩිතගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම ජර්මානු සහතික ලත් පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසුව ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගම් හා එක්වීමට එම තරුණ තරුණියන්ට අවස්ථාව හිමිවන බැවින් එතුළින් නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයින් දක්වා වර්ධනය වීමට මෙම තරුණ තරුණියන්ට අවස්ථාව හිමිවන බව ඒ මහතාගේ අදහස යි. ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා හිතකර සේවා ස්ථානයක් ලෙස සම්මාන දිනූ ඩීමෝ හිදී මෙම තරුණ තරුණියන්ගේ දක්ෂතා මැනවින් හඳුනා ගනිමින් ඒ සඳහා ඉහළම අවස්ථාවන් උදා කර දෙන බව යළි සිහිපත් කර දිය යුතු කරුණක් නොවන බව ද හෙතෙම පැවසීය.

ගතවූ දශක අට තුළ ජර්මානු කර්මාන්ත හා මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඩීමෝ විසින් ලොව හොඳම තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන රැසක් මෙරට ජනතාවට තිළිණ කර තිබේ. Mercedes - Benz, Bosch, MTU සහ Siemens වැනි ලොව ප්‍රමුඛ සන්නාම 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් මෙරට ජනතාවට ලොව උසස්තම තාක්ෂණය හඳුන්වා දීමට ඩීමෝ කටයුතු කර තිබේ. මීට අමතරව හෙටට ගැලපෙන තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමේ කාර්යයට ද ඩීමෝ උරදී තිබේ. රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට ද ඩීමෝ කැපවී කටයුතු කරයි.

නව පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2

3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top