Pasidol
Sathosa Ad Final Sinhala
Feb 19, 2018

“කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” 24දා පානදුරේ දී

කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ එහි වර්තමාන ප්‍රතිලාභයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ‘කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට’ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානදුර Jie Jie Beach by Jetwing, හෝටලයේදී පෙබරවාරි 24 වන සෙනසුරාදා පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා පැවැත්වීමට නියමිතය.

සිංහල මාධ්‍යයෙන් සහ අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වීම තුලින් වර්ධනය වන වෙළෙඳපොළක ප්රතිලාභයන් ළඟා කරගැනීම පිළිබදව මනා අවබෝධයක් ලබාගත හැක.

නවකයන් හට ආයෝජන ඇරඹීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත්, කොටස් වෙළෙඳපොළෙහි වත්මන් ආයෝජකයින් හට වෙළෙඳපොළ තත්වය වටහා ගැනීමටත් මෙය අනගි අවස්ථාවක් වනු ඇති බවත්, මෙදින කොටස් තැරව්කාර සමාගම් හා ඒකක භාර ආයතන නිලධාරීන් හා උපදේශකයින් හමුවීමෙන් එසැනින් ආයෝජනය සඳහා ප්‍රවේශය ලබාගැනීමත් කළ හැකි බවත් සංවිධායකයන් පවසයි.

ලාංකිය කොටස් වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව අත්දැකිම් බහුල වෘත්තිකයන් වන සිදත් කල්‍යාණරත්න මහතා සහ ප්‍රභාෂ් වනිගතුංග මහතා යන විද්වතුන් මෙම සමුළුවේදී දේශන පැවැත්වීමට නියමිතය.

වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අමතන්න, 0112 356517 / 514 / 512

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top