Connect with us

විදෙස්

Air India ජාත්‍යන්තර ගුවන් සේවා 15%කින් අඩුකරයි

Published

on

ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව ජුලි මස මැද භාගය වන තෙක් ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගන්නා බව එයාර් ඉන්දියා සමාගම පෙන්වා දෙයි.

ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අඩුකරන ලද ගුවන් ගමන් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර එහිදී මගීන්ට අමතර වියදමක් දැරීමට සිදුනොවන ආකාරයෙන් විකල්ප හඳුන්වාදීමට ද එයාර් ඉන්දියන් සමාගම පියවර ගෙන තිබේ.

පසුගිය 12 වනදා ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී තත්ත්පර කිහිපයක් තුළ කඩා වැටීමෙන් එම යානයේ මගීන් ඇතුළු 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

විදෙස්

ඉන්දියාවට ගුවන් අවකාශය වසාදැමීමේ තීරණය පාකිස්තානය දීර්ඝ කරයි

Published

on

By

ඉන්දීය ගුවන්සේවා මගින් ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්තානය ගත් තීරණය තවත් මාසයකින් දීර්ඝ කර තිබේ.

පාකිස්තානු ගුවන්තොටුපොළ අධිකාරිය (PAA) පවසා සිටියේ මෙම තීරණය අගෝස්තු 24 දක්වා බලපැවැත්වෙන බවය.

ඉන්දියානු වේලාවෙන් ප.ව. 3:50ට බලාත්මක වූ මෙම තීරණයත් සමග ඉන්දියානු ගුවන්සේවා මගින් ක්‍රියාත්මක කරන කිසිදු ගුවන් යානයකට, ඉන්දියාවට අයත් හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට පාකිස්තාන ගුවන් අවකාශය භාවිතා කිරීමට අවසර නොමැත.

ඉකුත් අප්‍රේල් 22වනදා පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, පාකිස්තානයට එරෙහිව ඉන්දීය රජය පාකිස්තානු ගුවන්යානාවලට ඉන්දියානු ගුවන් අවකාශය වසා දැමීය.

ඊට ප්‍රතිචාර ලෙස පාකිස්තානය අප්‍රේල් 24 වනදා ඉන්දියානු ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට කටයුතු කළේය.

Continue Reading

විදෙස්

නේපාලය ටෙලිග්‍රෑම් තහනම් කරයි

Published

on

By

නේපාලයේ “ටෙලිග්‍රෑම්”  පණිවිඩ යෙදුම තහනම් කිරීම එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

එරට විදුලි සංදේශ නියාමන අධිකාරිය ඊයේ (18) නිවේදනයක් නිකුත් කරමින් පරිශීලකයින් “ටෙලිග්‍රෑම්”  වෙත පිවිසීම සීමා කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට උපදෙස් ලබා දී ඇත.

එම අධිකාරිය පවසන්නේ, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචා සහ මුදල් විශුද්ධිකරණය සඳහා ටෙලිග්‍රෑම් යෙදවුම අනිසි ලෙස භාවිතා කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවය.

එරට සමාජීය සමගියට හානිකර අන්තර්ගතයින් පවතින බවට චෝදනා කරමින් 2023 නොවැම්බර් මාසයේදී  නේපාලය ටික් ටොක් සමාජ මාධ්‍ය යෙදවුමද තහනම් කිරීමට පියවර ගන්නා ලදී.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ ලාංකිකයන් රැගත් බස් රථයක ගින්නක්

Published

on

By

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදේ තම සේවා කටයුතු  සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු සිට තිබේ.

බස් රථය ගිනිගැනීමත් සමග එහි දොර අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී ඇත.

අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇතත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

ඒ හැරෙන්න කිසිවෙක්ට හෝ තුවාල සිදු වී නොමැත.

මේ පිළිබඳව විවිධ සටහන් තබා ඇතත්, තුවාල වූ තරුණයාට තදබල අනතුරක් නොමැති බව නිමල් බණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් හෙතෙම සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved