ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් අතරින් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් දේශපාලනඥයන්ගේ හිතවත් වෙළෙඳුන් ගබඩා කරගෙන සිටින බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා චෝදනාකරයි.
ලංකාව තුළ සහල් අතිරික්තයක් තිබියදී පිටරටින් සහල් ආනයනය කෙරෙන බවද ඔහු පැවසුවේය.
ඉකුත් 2020/21 මහකන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන පහක් බවත්, වාර්තාගත අස්වැන්නක් එලෙස ලැබී තිබියදීත් සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත්, සහල් ආනයනය සිදුකළේ කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ සිදුවූ අඩුවක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බවත් ඔහු කීවේය.
මේ අතර, ලබන මස පළමුවැනිදා සිට සහල් කිලෝවකට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් ගෙවීමට සිදුවී ඇතැයි ද, එම බදු මුදල සහල් කිලෝවට එකතු කිරීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටී.
සහල් කිලෝවට බදු මුදල එකතු නොකර සිටීමට නම් ගොවියාගෙන් මිලදී ගන්නා වී කිලෝවකින් අදාළ බදු මුදල අඩු කිරීමට සිදුවන බවද ඔහු පවසයි.
අසීමිත ලෙස සහල් මිල ඉහළ ගියේ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකුගේ තක්කඩිකම නිසා බවත්, කෘෂිකර්ම නිලධාරීන්ගේ කොන්ද පණනැති නිසා මෙම තත්වය උද්ගතවූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.
“කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුදු කරපටිකරුවන් දෙපැත්තේම කටවල් වසාගෙන බලාගෙන හිටියා රට සහල් ටික එනතුරු. ඒ නිසා ලංකාව උකසට තියලා අනවශ්‍ය ලෙස ණයට පිටරටින් සහල් ගෙනාවා. මිනිස්සුන්ට කන්න නැති වෙලාවක රටේ තියෙන සහල් ටික කුකුළු ආහාරවලට ලබා ගැනීමට උත්සාහ කිරීම සාපරාධීයි. මහින්ද අමරවීර ඇමැතිවරයා කාලා තියෙන්නේ ලණුවක්.’’ යැයි ඔහු පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 700 කට වඩා වැසී ගොස් ඇති බවත්, මහා පරිමාණ සහල් මෝල්වලින් අඩකට වැඩි ප්‍රමාණයක් වැසී ඇති බවත්, ලබන වසරේ වී අස්වැන්න විශාල වශයෙන් වැඩි වන බවද ඔහු පැවසුවේය.
lista escape room
July 6, 2024 at 5:37 am
Great post and right to the point. I am not sure if this is really the
best place to ask but do you folks have any thoughts on where to get some professional writers?
Thx 🙂 Escape room lista
Cassandra.D
July 6, 2024 at 11:52 pm
You have remarked very interesting details! ps
nice web site.?
travel guide
August 16, 2024 at 10:03 pm
I was looking through some of your posts on this site and I
believe this site is really informative! Keep posting.
Travel blog