Dec 18, 2018

කිලිනොච්චියට දෙබර ප්‍රහාරයක්

කිලිනොච්චිය කරඩිපෝක්කු මංසන්ධිය සිට පණ්නන්කණ්ඩි දක්වා වන මාර්ගයේ ගමන්ගත් පිරිසකට ඊයේ(17) දෙබර ප්‍රහාරයක් එල්ල වි හත් දෙනෙකු රෝහල්ගත කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

මාර්ගයේ ගසක තිබු දෙබර වදයක් ඇවිස්සීම හේතුවෙන් මාර්ගයේ ගමන්ගත් 10 දෙනෙකු පමණ පිරිසක් ප්‍රහාරයට ලක්ව ඇති අතර, අදාළ පිරිසෙන් හත් දෙනෙකු ප්‍රතිකාර වෙනුවෙන් යොමුව ඇත.

ප්‍රහාරයට ලක්වූවන්ගේ තත්වය බරපතල නොවන අතර ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පැවසූවේ අදාළ මාර්ගයේ ගස් කිහිපයක දෙබර වද තිබෙන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මීට පෙර දැනුම්දි තිබුණද නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

මාධව කුලසූරිය - වවුනියාව

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top