Connect with us

පුවත්

Odel එකෙන් ඉවත් කළ ක්‍රීම් විකුණූ දෙමහල් වෙළඳ සැලට සීල් තියයි

Published

on

කොළඹ 07 පිහිටි Odel සාප්පුවනේ ඉවත් කරන ලද කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබු අතුරුගිරිය ප්‍රදේශයේ මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් ඊයේ (08) පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. 

ලද තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී සොයා ගත් රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවද පැවසේ.

ඒවා විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබු බව වැටලීම් නිලධාරින් පවසයි.

අදාළ පුද්ගලයා නිමි ඇඳුම් අලෙවිසලෙන් එම ද්‍රව්‍ය ඉතා අඩු මිලට රැගෙන ගොස් වට්ටම් සහිතව මෙලෙස අලෙවි කර තිබේ. 

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම අධිකාරිය සඳහන් කරයි.

පුවත්

මතක තියාගන්නවා, සීලරතන හිමි රන්ජන්ගෙන් ගේම ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

රන්ජන් රාමනායක අරගොල්ලෝ දාල තියෙන්නේ, සම්බුද්ධ ශාසනේ විනාශ කරන්නත්, සංස්කෘතිය විනාශකරන්නත් යැයි ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතත හිමියෝ පැවසූහ.

තමුසේ වෙසඟනක් සේ සලකා යශෝධරා දේවියට දොස් කියුවේ ඇයි දැයිද උන්වහන්සේ ප්‍රශ්න සිටියහ.

උන්වහන්සේ සිද කළ සම්පූර්ණ කතාව පහතින්. 

වීඩියෝ අනුග්‍රහය – VoiceTUBE

Continue Reading

පුවත්

ඇමැති තොණ්ඩා ගියත් හරි ජලසම්පාදනේට මාසෙකට ලක්ෂ 30ක් ඉතුරුයි

Published

on

By

ජල සම්පාදන අමාත්‍යවරයාගේ කාර්යාලයේ වියදම්වලින් (පුනරාවර්තන) මේ වන විට මසකට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ඉතිරි වන බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයාගේ පාලන කාලයේ ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන, ආහාරපාන ආදියට දැරූ වියදම් ඉතිරි වීමෙන් මෙම මුදල ශේෂ වී ඇති බවද පැවසේ.

හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස 20 දෙනකු සේවය කර ඇති බවද වාර්තා වේ.

පැවැති රජයේ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජීවන් තොණ්ඩමන් මහතාය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

පාස්පෝර්ට් පෝලිමේ තැනක් පන්දාහයි

Published

on

By

ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බව වාර්තා වේ. 

දෛනිකව 2000 කට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයේ පෝලිම් ගැසෙන අතර බොහෝ විට ඉදිරි දිනයක් ලබා ගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000 කට ආසන්න පිරිසකටය. 

එම පිරිස තුළට ඇතුළු කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා බවට වාර්තා වේ. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පාන්දර සිට පෝලිමේ සිටුවා ස්ථානයක් අල්ලාගන්නා මෙම ජාවාරම්කරුවන් දහවල් කාලයේදී එම ස්ථානය 5000 කට විකුණන බවද පැවසේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved