Connect with us

ව්‍යාපාර

PhonePe UPI ගෙවීම් ලංකාවේ දියත් කෙරේ

Published

on

ශ්‍රී ලංකාවේ UPI සේවාවන්ට තවදුරටත් ජවය ලබාදෙමින් 2024 මැයි 15 වන දින PhonePe හා LankaPay හවුල්කාරීත්වයෙන් PhonePe UPI ගෙවීම් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. 

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් පසුම්බි සහ ගෙවීම් යෙදුම වන මෙය ශ්‍රී ලංකාවේ සමාරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් මහතා සහභාගී වූ අතර ඒ සඳහා බැංකු ක්ෂේත්‍රයේ විධායක නිලධාරීන්, ගෙවීම් පද්ධති සම්පාදකයන්, ව්‍යාපාරික ආයතන සහ මාධ්‍ය ආයතන රැසක් ද සහභාගී වූහ.

මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා හුරු පුරුදු ඩිජිටල් ගෙවීම් පද්ධතීන් භාවිතා කිරීමේ පහසුව ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉන්දීය සංචාරකයන් තවදුරටත් දිරිගන්වනු ඇති බව සඳහන් කළේය. 

හෝටල් සහ කැබ් සේවා වෙන් කිරීමේ සහ භාණ්ඩ ගෙන්වා ගැනීමේ නව්‍යකරණයන් සඳහා UPI ස්ටැක් යොදාගැනීම සඳහා ඉන්දීය සමාගම් සමඟ සම්බන්ධ වී තටයුතු කරන ලෙස ඒ මහතා ශ්‍රී ලංකාවේ සමාගම්වලින් ඉල්ලා සිටියේය.

අග්‍රාමත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 පෙබරවාරි 12 වන දින LankaPay සමඟ සහයෝගීතාවයෙන් ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත (UPI) සේවාවන් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. 

2023 ජූලි මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ප්‍රකාශයට පත් කරන ලද දැක්ම ලේඛනය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි මහතා මූල්‍ය සම්බන්ධකතාවය ශක්තිමත් කිරීම එහි ප්‍රධාන ලක්ෂණයක් වන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ එම සේවාව ආරම්භයේ සිට ගනුදෙනු 6000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර ඒවායේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 240කට අධිකය. PhonePe UPI දියත් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටැක්සි සේවාවක් සහ ආහාර ගෙන්වා ගැනීමේ යෙදුමක් වන PickMe වැනි අමතර සබඳතා ඇතුළුව දැනට පවත්නා මූල්‍ය තාක්ෂණ සම්බන්ධකතාවය තවදුරටත් ඉහළ නංවනු ඇති බවට අපේක්ෂා කෙරේ.ඩිජිටල් ක්ෂේත්‍රය තුළ සබඳතා පුළුල් කිරීම ජනතාව අතර සබඳතාවයට ද ශක්තිය ලබා දෙන අතර එය දෙරට ජනතාවගේ අභිලාෂයන් සහ අපේක්ෂාවන්ට සමගාමීව තාක්ෂණයේ නව සහ නැඟීඑන අංශවල ඉන්දියා – ශ්‍රී ලංකා හවුල්කාරීත්වයට දිදුලන නිදසුනක් ද වේ.

ව්‍යාපාර

එළවළු මිල ඉහලට?

Published

on

By

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාබිම්වලට දැඩි හානි සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයට ගැළපෙන පරිදි ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළ පසුබිමක් තුළ මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇති බවය.

මේ හේතුවෙන් තවත් මාස එක හමාරකින් පමණ එළවලු සහ පළතුරුවල මිල ගණන් ඉහළ යා හැකි බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Continue Reading

ව්‍යාපාර

මහ බැංකුව පොලී අනුපාත ගැන තීරණයක් ගනී

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් වෙනුවෙන් සමාගම් 3ක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඉන් සමාගම් 2ක් විදේශීය සමාගම් වන අතර සෙසු සමාගම දේශීය සමාගමකි.

අමාත්‍යවරයා සඳහන් කලේ, ඉන් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බවය.

ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයෝජනය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය මාර්තු 05 වැනි දා අවසන් වූ අතර එය තවත් දින 45කින් දීර්ඝ කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේ ය.

සමාගමට නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් පමණ වන ණය ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවය ගනුදෙනුවට අදාළව උපදෙස් දෙන ලෝක බැංකුවේ ආයෝජන උපදේශන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් ඓFC ආයතනය උපදෙස්දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved