Connect with us

පුවත්

QR ක්‍රමය නොසලකන පිරවුම්හල් අත්හිටුවයි

Published

on

QR කේත ක්‍රමය නොසලකා හැර ඉන්ධන සපයන පිරවුම්හල් අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත  සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමඟ ඊයේ (16දා) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

පිරවුම්හල් කිහිපයක් කිව්. ආර්. කේත  ක්‍රමය අනුගමනය නොකරන බවට වාර්තා වී තිබෙන බව එම අමාත්‍යංශය පවසයි.

පුවත්

චීන K-8 ගුවන් යානාවල ප්‍රමිතිය පරික්ෂා කරන්න යයි

Published

on

By

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ, පසුගිය සිකුරාදා K – 8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමගයි.

චීනයේ නිෂ්පාදිත K – 8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.

එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු සඳහන් කළේ ය.

අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරන්නේ, සත් පුද්ගල කමිටුවකිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටිණි.

ඉන් තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කළේ ය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද නිසා ලංකා ආර්ථිකයටත් බලපෑම්; වැට් බද්දත් තීරුබදුවලට එකතුකරන්න යයි

Published

on

By

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු ඇතැයි වාර්තා වේ.

ලබන අප්‍රේල් මාසයේ සිට මෙකී නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඇමෙරිකානු රජය තීන්දු කර ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා බදු ආදායම් පරතරය දෙරටටම සමාන්තර අයුරින් ක්‍රියාත්මක කිරීම නව බද්දේ අරමුණ බව සඳහන්ය.

දැනට වාර්තා වන ආකාරයට ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මිලදී ගැනීම් සිදු කරන අතර ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 600 ක මිලදී ගැනීම් සිදු කරයි. 

මෙම තත්ත්වය යටතේ ඇමෙරිකාවට වාර්ෂිකව සිදු කරන ඩොලර් බිලියන 2 කට අධික වෙළෙඳ අවාසිය පියවා ගැනීමට එරටට ආනයනය කරනු ලබන ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වන බදු අනුපාත ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන බද්දක් නොවන අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක කෙරෙන්නක් බවද සඳහන්ය. 

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අය කරන වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීමට ට්‍රම්ප් පරිපාලනය තීන්දු කර තිබේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

දෙවුන්දර ඝාතනයට කතක් ඇතුළු තුනක් අල්ලයි; ඒ මිනී මැරුම අල්ලන්නත් තවත් පොලිස් කණ්ඩායම් 6ක්

Published

on

By

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි.

වෙඩි තැබීමට අදාළ තවත් සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් හයක් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.

ඒ අනුව අදාළ වෙඩි තැබීම සිදු වූ ස්ථානය ආශ්‍රිත සීසීටීවී කැමරා දර්ශන පිළිබඳව ද විමර්ශකයින්ගේ වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබෙනවා.

අදාළ තරුණයන් දෙදෙනා දෙවුන්දර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගි වී යතුරු පැදියකින් යළි පැමිණෙමින් සිටියදි ඊයේ රාත්‍රී 11.45ට පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් එම තරුණයන් දෙදෙනාට වෙඩි තබා තිබිණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved