Connect with us

පුවත්

පාන්පිටි තොග මිල බහියි

Published

on

තිරිඟු පිටිවල තොග මිල අඩුකර ඇතැයි අත්‍යව්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.

Continue Reading

පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩබලන්න අලුත් ලොක්කෙක්

Published

on

By

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බවය.

ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටියේය.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Continue Reading

පුවත්

ගොවීන්ට සහන

Published

on

By

ලබන සතියේ පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින් ලබාදෙන බවය.

එම සහනාධාරය වී වගාව සඳහා මඩ පොහොර මිලදී ගැනීම වෙනුවෙන් භාවිත කළ හැකි බව ලේකම්වරයා සඳහන් කලේය.

මේ අතර ධීවරයින්ට හිමි ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු මේ වනවිට එක් රැස් කරමින් සිටින බව එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් සහ ඩිසල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බවය.

ධීවරයින්ගේ තොරතුරු රැස්කිරීමෙන් පසුව එම සහනාධාර මුදල් ඉතා ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේය.

මේ අතර ලබන 15 වැනිදා සිට මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

ව්‍යාජ පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published

on

By

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නතර කර ඇති බවට පසුගිය දින කිහිපය තුළ විවිධ තොරතුරු පැතිර ගොස් ඇති බවය.

එම වාර්තා සියල්ල අසත්‍ය බවත් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ වැඩසටහන ලබන වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද පවතින බවය.

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්ට දිවා අහාරය ලබාදීමේ වැඩසටහන පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කෙරුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved