Connect with us

ව්‍යාපාර

X වල නව වෙනසක්

Published

on

x සමාජ ජාලය (ට්විටර්) හරහා ඕඩියෝ හා වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව එහි හිමිකරු ඊලෝන් මස්ක් පවසයි.

ඇපල් හි හි iOS හා ගූගල් හි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති හරහා මෙන්ම පෞද්ගලික පරිගණක හරහා මෙම පහසුකම් ලබාගැනීමට දුරකථන අංකයක් අවශ්‍ය නොවනු ඇති බවත් ඔහු පවසයි.

මෙටා සමාගමේ ත්‍රෙඩ්ස් සමග තරග කිරීමට X ඔස්සේ පහසුකම් රැසක් සිය පරිශීලකයන් හට ලබාදීමට මස්ක් අදහස් කර සිටියි.

ව්‍යාපාර

Economic Policy Lessons for New Sri Lanka කෘතිය නියෝජ්‍ය ඇමති වෙත

Published

on

By

මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයෙකු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත සහ ආර්ථික ක්‍රම සම්පාදන නියෝජය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම අද (14) සිදු කෙරිණි.

ඒ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදීය.

මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණි.

ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල ලියන ලද ශ්‍රී ලංකායේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවයන් පිළිබඳ ලිපි එකතුවක් ඇසුරින් සකස් කෙරුණු මෙම කෘතිය පසුගියදා එළි දැක්විය.

Continue Reading

පුවත්

දත් හිරිවැටෙන සියඹලා මිල

Published

on

By

මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ.

ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි.

මීට පෙර සියඹලා කිලෝවක්  රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් ( සිල්ලර) අලෙවි වන්නේ රුපියල් 2000.00ක ඉහළ මිලකටය.

කෙසේ වෙතත් මේ වනවිට වෙළෙදපොළේ පවතින හිඟතාව හේතුවෙන් මෙලෙස ඉහළ මිලකට සියඹලා අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Continue Reading

ව්‍යාපාර

රටින් ගෙනා සහල් ගැන හෙළිදරව්වක්

Published

on

By

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙම තොගය අතර කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් 101,000ක් පවතියි.

එමෙන්ම මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නොහැකි වූ සහල් මෙට්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින බවද රේගුව සඳහන් කළේය.

එම සහල් නිෂ්කාශනය කිරීම සඳහා රජය විසින් සහල් ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇත.

මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved