Connect with us

කලා

‘අනාගතයේ’ සිංහල සිංදුව චාල්ස් රජු හමුවේ ගැයෙයි!

Published

on

2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් ඊයේ (13) එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සර්විස් ඔෆ් සෙලිබ්‍රේෂන් උත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවකු හා කලාකාරියක විසින් දේශීය ගී නිර්මාණයක් ඉදිරිපත් කළේය.

ඒ ලන්ඩනයේ පිහිටි වෙස්ට්එන්ඩ් රඟහල් ජාලයේ නිෂ්පාදනයක් වන ‘හැමිල්ටන්’ හි පෙගීගේ චරිතයට පණ පොවන රොෂානි ඇබී සහ වෙස්ට්එන්ඩ් හි තවත් නිෂ්පාදනයක් වන ‘ලයිෆ් ඔෆ් පයි’ හි ප්‍රධාන චරිතය රඟ පෑ නුවන් පෙරේරා විසිනි.

මොවුන් දෙදෙනා බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන බැඳීම් සනිටුහන් කිරීමට සහ මේ වසරේ පෙබරවාරි මාසයේදී සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරයට ගෞරව දැක්වීම සඳහා ඔවුන් වායෝ සංගීත කණ්ඩායමට අයත් ‘අනාගතයේ’ ගීතය ගායනා කළහ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස තුන්වන චාල්ස් රජු ඔහුගේ පොදුරාජ්‍ය මණ්ඩල දින පණිවිඩය ප්‍රථම වතාවට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සැමරුම් දේව මෙහෙය අතරතුර ඉදිරිපත් කළේය.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ඓතිහාසික අවස්ථාවට නවසීලන්තය, රුවන්ඩාව, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව යන රටවල කලාකරුවන් ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට ඇතුළත් සියළු ජාතීන් හා ආගම්වල සංගීත සංදර්ශනවලින් සමන්විත විය.

මේ අනර්ඝ ගායනය සමඟ එම ගීතයේ නිර්මාපකයකු වන සනුක වික්‍රමසිංහ සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක් පහත දැක්වේ.

කලා

ෂැංහායි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ‘රිවස්ටන්’ වෙත සම්මාන 2ක්

Published

on

By

ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ ලාංකීය සිංහල චිත්‍රපටය, චීනයේ 27වන ෂැංහායි ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදෙස් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබේ.

ආසියානු නව හැකියාවන් : හොඳම තිර රචනයට (Asian New Talent Best Screenplay) හිමි සම්මානය, මෙහි අධ්‍යක්ෂක ලලිත් රත්නායක හා නිලන්ත පෙරේරා හටද,  ආසියානු නව හැකියාවන් : හොඳම කැමරාකරණයට (Asian New Talent Best Cinematography) හිමි සම්මානය මෙහි කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රොශාන් හට ද හිමිවිය.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, නිමන්ති පෝරගේ ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් රඟපෑ රිවස්ටන් සිනමාපටය ළඟදීම මෙරට තිරගත වීමට නියමිතය.

Continue Reading

කලා

දකුණු ඉන්දීය නිළි වරලක්ෂ්මී ලංකාවට

Published

on

By

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත  ” කේජ් බර්ඩ් ” ( Cadge Bird ) නැමති චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිතය රගපෑමට , සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් ඊයේ (17) උදෑසන මෙරටට පැමිණ තිබුණි.

මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරයි.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” පර්යන්තය වෙත ගොස් තිබිණි.

Continue Reading

කලා

ලොව විශාලතම ටික්ටොක් තරුව අමෙරිකාවෙන් නෙරපයි

Published

on

By

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ (Khaby Lame), අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව පසුගියදා එරටින් නෙරපා හැර තිබේ.

ඔහු සිය වීසා කාලසීමාව ඉක්මවමින් අමෙරිකාව තුළ රැඳීසිටීම මීට හේතුව වී ඇති බව අනාවරණය වී ඇත.

වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ලාමේ මෙලෙස රටින් පිට කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු එම ඒජන්සියේ අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇත.

සෙනගාල සම්භවයක් සහ ඉතාලි පුරවැසිභාවය සහිත ලාම්ගේ සැබෑ නම සෙරින්ගේ කාබානේ ලාමේ (Seringe Khabane Lame).

ගෙවුණු කොවිඩ් -19 වසංගත සමයේදී ඔහු ලොව වඩාත් ජනප්‍රිය තාරකාවක් බවට පත්වුණි.

එහිදී ඔහු කිසිදු අදහස් දැක්වීමකින් තොරව හුදෙක් සිය මුහුණේ ඉරියව් සහ හැසිරීම් මඟින් ඉදිරිපත් කළ උපහාසාත්මක අංග ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ප්‍රසිද්ධියට පත්වුණි.

ලාමේ පසුගිය අප්‍රේල් 30 වනදා එක්සත් ජනපදය වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සිය නියමිත වීසා කාලය ඉක්මවා අමෙරිකාව තුළ රැඳී සිට ඇති බවත්, ඔහු අධිකරණ නියෝගයක් හරහා රටින් පිටුවහල් කිරීමට පෙර ස්වේච්ඡාවෙන්ම රටින් පිටවීමට අවස්ථාව ලබාදුන් බවත් ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

යම් ලෙසකින් අධිකරණ නියෝගයක් මඟින් රටින් පිටුවහල් කෙරෙන පුද්ගලයෙකුට නැවතත් දශකයක් ගතවන තුරුම එක්සත් ජනපදය වෙත ඇතුළුවීම තහනම් කෙරෙන බව සඳහන්ය.

ලාමේ එක්සත් ජනපදයේ රැඳී සිටි කාලය තුළදී නිව්යෝක් නුවරදී සංවිධාන වූ මෙට් ගාලා විලාසිතා උත්සවයටත් සහභාගී වී තිබේ.

ඔහු මේ වසරේ ජනවාරි මාසයේ සිට යුනිසෙෆ් සංවිධානයේ කීර්තිමත් තානාපතිවරයෙකු ලෙසද පත්කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved