Connect with us

කලා

ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කරයි

Published

on

ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හරහා ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතු සිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූපගත කර සංරක්ෂණය කිරීමට නියමිතයි.

එසේ සංරක්ෂණය කරන ලද සිතුවම් බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන අතර අදාළ බිතුසිතුවම් ඇතුළත් විහාරයට ද එහි ඩිජිටල් පිටපතක් ලබා දීමට නියමිත බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

කලා

වියපත් බඹරෙකුගේ අසම්මත ප්‍රේමය

Published

on

By

ප්‍රේමය වූ කලී තාරුණ්‍යට පමණක්ම උරුම වූ හැඟීමක් බව අර්ථකථනය වෙන සමාජ පසුබිමක ප්‍රේමයේ රහ විඳින්නට සීමා නොමැති බව අභියෝගාත්මකව කතා කරන සිනමා කෘතියකි 69.

අවුරුදු 69ක වියපත් මිනිසෙකුගේ බලාපොරොත්තු විරහීන ජීවිතය යලිත් පණ ගන්වන්නට ප්‍රේමයේ වසන්තය අරන් එන තරුණියට හැකි වේවිද?

සාමාජීය බැමි ලිහාගෙන සාම්ප්‍රදායක රාමුව බිඳ දමාගෙන ප්‍රේමය ප්‍රේමණීය ලෙස විඳින ඔව්න් සමාජයේ සහ පවුලේ දරුණු ගැරහුම් වලට මුහුණ දෙන්නේ කෙසේද?

ජීවිතයේ දරුණුතම හැඟීම “තනි වීම” තෝරා ගත් මිනිසෙකුගේ මානසික පීඩනය හමුවේ කඨෝර අත්දැකීම් වලට මුහුණ දෙන ඔහු ප්‍රේමණීය පුනරාගමනය හමුවේ යලිත් තරුණ හැඟීම් වලින් ජීවිතය විඳින ආකාරය කියා දෙන මෙම චිත්‍රපටයේ,

නිෂ්පාදනය –   යූ.ඒ පල්ලියගුරු ය.

අධ්‍යක්ෂණය –  වින්ධ්‍යා හාරිස්පත්තුව

සහය අධයක්ෂණය – දිනේෂ් සංජීව

කැමරා අධ්‍යක්ෂණය – එච්.ඩී. ආරියවංශ

නිෂ්පාදන කලමණාකාරිත්වය – ෂර්ලි සමරසිංහ

රංගන දායකත්වය:
ක්ලීටස් මෙන්ඩිස්, දිලෘෆා ශානාස් , හිමායා බන්ඩාර, විරාජ් පෙරේරා, ශශි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, සචිත්‍ර කල්‍යාන්ජිත්,  දිනේෂ් සංජීව, රමණි දමයන්ති, ඩිලානි වැලිවිට, යශු ඒකනායක.

Continue Reading

කලා

‘භරංගම්’ හෙට සිට ලංකාවේ

Published

on

By

ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන භාරත් රංග මහෝත්සවයේ රිදී ජුබිලිය සමරමින් ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික නාට්‍ය පාසල විසින් එම නාට්‍ය උළෙල 2025 පෙබරවාරි 6 – 9 දක්වා කොළඹ දී සංවිධානය කර ඇත. එය කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය සමඟින් එක්ව කොළඹ ටවර් රඟහලේදී සහ පණිභාරත රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 ‘භරංගම්’ නමින් ද හැඳින්වෙන භාරත් රංග මහෝත්සවය ලොව විශාලතම නාට්‍ය උළෙල වේ. 2025 ජනවාරි 28 වන දින ඇරඹි එය ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ නගර 13ක පෙබරවාරි 16 වන දින දක්වා පැවැත්වෙනු ඇත. මෙම පුරෝගාමී ප්‍රයත්නය හරහා, ජාතික නාට්‍ය පාසල නාට්‍ය උළෙල ජනාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයට ද සමීප කරවයි. 2025 භාරත් රංග මහෝත්සවයෙහි තේමාව වන “එක් ප්‍රකාශනයක්, අසමසම නිර්මාණයක්” යන්න නිර්මාණාත්මක ප්‍රකාශනයෙහි එකමුතුභාවයේ හැඟීම හා සමපාත වේ.  මෙම නාට්‍ය උළෙල සඳහා රුසියාව, ඉතාලිය, ජර්මනිය, නෝර්වේ, චෙක් ජනරජය, නේපාලය, ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව යන රටවල සුවිශේෂී නාට්‍ය 200ක් පමණ ඇතුළත් වේ.

කොළඹ පැවැත්වෙන නාට්‍ය උළෙලේදී පෙබරවාරි 6 සහ 7 දිනවල ‘ටජ්මහල් කා ටෙන්ඩර්’ සහ ‘බාබුජි’ යන හින්දි නාට්‍ය ටවර් හෝල් රඟහලේ ද පෙබරවාරි 8 සහ 9 දිනවල ‘රෝමියෝ සහ ජුලියට්’ සහ සින්දු කිරිල්ලි – 2 (වෙරෝනිකා ආපසු ඇවිත්) නාට්‍ය පණිභාරත රඟහලේ ද පැවැත්වේ. කොළඹ, භාරත් රංග මහෝත්සවයේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 6 වන දින ප.ව. 6ට  මරදාන ටවර් හෝල් රඟහලේදී පැවැත්වෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා ජාතික නාට්‍ය පාසලේ වෙබ් අඩවිය වන https://nsd.gov.in සහ භාරත් රංග මහෝත්සව් වෙබ් අඩවිය වන www.brm.nsd.gov.in වෙත පිවිසෙන්න. කොළඹ පැවැත්වෙන නාට්‍ය නැරඹීම සඳහා උනන්දුවක් දක්වන්නන් හට [email protected] වෙත ඊ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකිය.

Continue Reading

කලා

ලෝක විවාහන රෑ රැජින තරඟයේ දෙවැනි තැන දිනූ ඉෂාදි දිවයිනට

Published

on

By

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී එහි දෙවැනි තැන දිනාගත් ඉෂාදි අමන්දා අද (04) දිවයිනට පැමිණියාය.

පසුගිය 30 වැනිදා ලෝකයේ රටවල් 40ක විවාහක රෑ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගය පවත්වා තිබුණු අතර ඉන් ඇය දෙවැනි තැන දිනා ගැනීමට සමත් වුවාය.

ඇය අද අලුයම 01.55ට දෝහා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඇය එහිදී උදෑසන 09ට පමණ පැවැත්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී වූවාය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved