ඇමෙරිකානු රූපවාහිනි ක්ෂේත්රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන එමී සම්මාන උළෙල කල්දමා ඇතැයි වාර්තා වේ.
මෙවර එමී සම්මාන උළෙල සැප්තැම්බර් 18දා පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, සති කිහිපයක් පුරාවට හොලිවුඩයේ පවතින දැවැන්ත වැඩ වර්ජනය හේතුවෙන් මෙය කල්ගොස් ඇත.
හොලිවුඩ් පුරයේ නළු නිළියන් රැසක් මෙන්ම කතුවරයන්ගේ සංසදයද මෙම වර්ජනයට එක්ව සිටින බැවින් මෙලෙස කල් යන සම්මාන උළෙල පැවැත්වෙන නව දිනයක් පිළිබඳව මේ දක්වා ස්ථිර වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, වර්ජනයට එක්ව සිටින පාර්ශවයන් හා රූපවාහිනී සමාගම් සමග එකඟතාවයකට පැමිණෙන තෙක් බලා සිටීමට එහි සංවිධායකයන් හට අවශ්‍ය බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වසර 20කට වැඩි කාලයක් පුරාවට එමී සම්මාන උළෙලක් කල් දමනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. අවසන් වරට මෙම සම්මාන උළෙල කල්දැමුනේ 2001දී සිදුවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි.
සබැඳි පුවත් :
හොලිවුඩයේ දැවැන්ත විරෝධයට නළුනිළියොත් එක්වෙයි