ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්රව තිබුණි.
ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
එම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන ගෞරවණීය පිරිසකගේ සහභාගීත්වයෙනි.
ඒ අනුව මෙරට සංගීත පුරාවෘත්තයන් ලෙස සැලකෙන ප්‍රවීණ සංගීත ශිල්පි රූකාන්ත ගුණතිලක මහතා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනමා තිබුණි.
එමෙන්ම ඔවුන්ගේ දියණියන් වන රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක ද එහිදී සම්මාන ලබා තිබුණි.
මෙම අවස්ථාව සඳහා සනුක වික්‍රමසිංහ හට ද ආරාධනා කර තිබුණු නමුදු ඔහුට එම මොහොතට සහභාගී වීමට නොහැකිව තිබේ.