Connect with us

කලා

කමල් හා තිරිමාදුර හොඳම නළුවා ලෙස ජනාධිපති සම්මාන දිනයි

Published

on

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි. 

මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නළුවා ලෙස ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි ද 2020 වසරේ හොඳම නළුවා ලෙස දි නිවුස්පේපර් චිත්‍රපටයේ කුමාර තිරිමාදුර ද පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රඟපෑ සමාධි ලක්සිරිද, 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු ද පිදුම් ලැබීය. 

මෙම සම්මාන උළෙලේදී 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනිය පිදුම් ලැබූ අතර ඒ අවස්ථාවේදී නන්දා මාලිනි මහත්මියට සම්මානය පුද කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ සම්මානය පුද කිරීම විශේෂත්වයක් විය. 

එහිදී අදහස් දක්වමින් 1963 නන්දා මාලිනිය ගැයූ දොයි දොයි දොයි දොයිය බබා ගීතය තමන් රස විඳි බවත් එය සරසවි සම්මාන දිනූ බවත් එම අවස්ථාවට තමන්ද එක්ව සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 

රටටම සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් නන්දා මාලිනියට ස්තූතිය පුද කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved