Connect with us

කලා

චීනයේ “Ne Zha 2”, වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය වෙයි

Published

on

පසුගියදා අතිජනප්‍රියත්වයට පත්වූ  චීනයේ න’ ජා 2 (Ne Zha 2) චිත්‍රපටය මේ වන විට වාර්තා පිට වාර්තා තබමින් සිටියි.

මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට පත්වීමටද Ne Zha 2 ඊයේ (18) සමත්විය.

ඒ, ඩිස්නි සමාගමේ ‘ඉන්සයිඩ් අවුට් 2’ (Inside Out 2) චිත්‍රපටයද අභිබවා යමිනි.

Ne Zha 2 මේ ජයග්‍රහණය ලැබුවේ චිත්‍රපටය තිරගත වී දින 20කට පසුව හා ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්වී දිනකට පසුවයි.

ජනවාරි 29දා උදාවූ චීන අලුත් අවුරුදු දිනයේදී තිරගත වූ මෙම චිත්‍රපටය ලද ආදායම, පෙබරවාරි 18 සවස වන විට පූර්ව අලෙවිය ද ඇතුළුව, යුවාන් බිලියන 12.319ක් (ඇ.ඩො බිලියන 1.72 ) පමණ ඉක්මවා ගොස් තිබේ.

කලා

රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

Published

on

By

ප්‍රසිද්ධ රැප් ගායන ශිල්පී “ශාන් පුතා” නම් පුද්ගලයා අද උදෑසන ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගෙන තිබේ.

මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමඟ මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී ඔහුව අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකරුට ගිනි අවිය ලබාදුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් හා සැකකරුගේ කළමණාකරු යැයි හඳුන්වා දෙන අයෙක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී එම ගිනි අවිය හමුවූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Continue Reading

කලා

යළි කරළියට පැමිණි ”මැණිකේ මගේ හිතේ”

Published

on

By

”මැණිකේ මගේ හිතේ” ගීතය මුළු ලෝකයේම අවදානය දිනා ගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි.

ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී අවසන්ය.

මේ ගීතය ඇසුරෙන් කළ ප්‍රතිනිර්මාණ රැල්ලකුක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් පවතී.

එම ගීතය නැවතත් ජාත්‍යන්තරව කරලියට පැමිණ තිබේ.

ඒ ලන්ඩනයේ වෙසෙන සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය පියානෝ වාදකයෙකු සමගින් යොහානි එම ගීතය ගායනා කිරීමත් සමගය

මෙම ගීතය ඔහුගේ ටික්ටොක් ගිණුමේ මිලියන 7 ක් ඉක්මවූ නැරඹුම් වාර ගාණක් වාර්තා වී තිබේ.

ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද මිලියන 7 ඉක්මවා නැරඹුම් වාර ඉක්මවා තිබිමත් විශේෂත්වයකි

@thibaultpiano

I met @yohani in London! 🤯🤯 I was playing the piano when she asked me to play a famous Sri Lankan song… but no one expected what will happen🥹 That was amazing✨❤️ #manike #yohani #srilanka #bollywoodsong #piano

♬ son original – thibault_piano

Continue Reading

කලා

ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පී  Aloe Blacc දිවයිනට

Published

on

By

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවේ ”ග්‍රැමී” සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුළින්ම සිටින්නෙකි.

ජනාධිපති, විද්‍යා සහ තාක්ෂණ  ජ්‍යෙෂ්ඨ උපදේශක අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කිරිමට මෙලෙස ලංකාවට පැමිණ තිබුණි.

ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved