Connect with us

කලා

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය 

Published

on

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් 2025 ජනවාරි 18 වන දින පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායම්, යාපනය නාගරික කොමසාරිස් එස්. ක්‍රිෂේන්ද්‍රන්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අතපත්තු, යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් සායි මුරලි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ යාපනයේ කලාකරුවන් රැසක් සහභාගී වූහ.

මෙම සුවිශේෂී අති නවීන ගොඩනැගිල්ල මහල් දෙකක් පුරා පැතිරුණු කෞතුකාගාරයක්, ප්‍රේක්ෂකයන් 600කට වැඩි පිරිසකට අසුන් ගත හැකි රංග පීඨ ආකාරයේ අති නවීන ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගෙනුම් කුළුණක් සහ එළිමහන් රංග පීඨයක් ලෙස ද භාවිතා කළ හැකි පොදු මහජන චතුරස්‍රයක් යනාදි විවිධ පහසුකම්වලින් සමන්විත වේ.

කලා

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වේ

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්තවේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මියයන විට කුමාරි පෙරේරා මහත්මිය 68 වන වියේ පසුවිය.

කෝපි කඩේ ටෙළිනාට්‍ය මාලාවේ ආරම්භක රංගන ශිල්පිනියක් වූ ඇය එදා මෙදා තුර ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.

එසේම ඇය ටවර් නාට්‍ය ගණනාවක ප්‍රකට භූමිකා ඉදිරිපත් කළාය. එසේම මහඇදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරිය වන්නට ඇය භාග්‍යවන්ත වූවාය.

කෝපි කඩේ දුවගේ චරිතයට මෙන්ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය සැපයුවාය.

කුමාරි පෙරේරා මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Continue Reading

කලා

පහන් කූඩු උත්සව සංගීත ප්‍රසංගය කොළඹදී (ඡායා)

Published

on

By

චීන වසන්ත උත්සවයේ අවසාන දිනය වන චීන පහන් කූඩු උත්සවය වෙනුවෙන් ඊයේ (පෙබරවාරි 12) දින නෙළුම් පොකුණ රඟහලේදී සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

මෙරට චීන තානාපති කාර්යාලයේ හා චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ප්‍රසංගයට එක්වූයේ වූෂී චීන වාද්‍ය වෘන්දයයි.

(ඡායා : ෂින්හුවා)

Continue Reading

කලා

මෙරට ජපන් තානාපති කාර්යාලයෙන් ඔරිගමි වැඩමුළුවක්

Published

on

By

ශ්‍රී ලාංකිකයන් අතර සාම්ප්‍රදායික ජපන් කඩදාසි නැමීමේ කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ඔරිගමි වැඩමුළුවක්, පෙබරවාරි 07 වැනිදා එම කාර්යාලයේදී පවත්වනු ලැබීය. 

ජපන් ඔරිගමි කලාකරුවෙකු වන හිගෂි කත්සුකවා මහතා විසින් මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන උපදේශණ සහාය ලබාදෙන ලදී.
මෙම වැඩමුළුවට Origami Folders Association of Sri Lanka (OFASL) හි නිර්මාතෘ සහ සභාපති රීසා  දිල්ෂාර්ඩ් කරීම් මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් හට සංකීර්ණ ඔරිගමි ශිල්පීය ක්‍රම ඉගෙන ගැනීමට සහ මෙම සාම්ප්‍රදායික ජපන් කලා ආකෘතියේ සුන්දරත්වය ගවේෂණය කිරීමට අවස්ථාව ලැබුණි.

මෙම මුලපිරීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වන අතර, ඔරිගමි කලාව පිළිබඳව රට තුළ ඇති උනන්දුව ප්‍රවර්ධනය කරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved