Connect with us

කලා

“ද නිවුස් පේපර්” ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට

Published

on

25 වැනි ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (SIFF) නියෝජනය කිරීමට “ද නිවුස්පේපර්” චිත්‍රපටයට අවස්ථාව ලැබී තිබේ.

එම සිනමා සම්මාන උළෙල ඊයේ (09) නැගෙනහිර චීන අගනගරයේ ෂැංහයි දී ආරම්භ වූ අතර එය ලබන 18 වැනිදා දක්වා පැවැත් වේ.

“ද නිවුස්පේපර්” චිත්‍රපටය තරගකාරී නොවූ ‘ඉන්ටර්නැෂනල් පැනොරාමා’ කාණ්ඩය යටතේ හොඳම කුලුඳුල් චිත්‍රපට 12 අතරට ත‌ේරීපත්ව ඇත.

වසර 1993 වර්ෂයේදී ආරම්භ වූ ෂැංහයි සිනමා උලෙළ නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට වරම් හිමි වූ 09 වැනි අවස්ථාව මෙය බවද පැවැසේ.

මේ වසරේ Golden Goblet සම්මාන සඳහා කෘති 53ක් කෙටි ලැයිස්තු ගත කර ඇති බව චීන මාධ්‍ය අනාවරණය කර ඇත.

දෙස් විදෙස් චිත්‍රපට 450කට ආසන්න ප්‍රමාණයක් ෂැංහයි නගරයේ සිනමාහල් 41ක දින නවයක් පුරා ප්‍රදර්ශනය කෙරෙන අතර ලෝක මංගල දර්ශන 53ක්, ජාත්‍යන්තර මංගල දර්ශන 41ක්, ආසියානු මංගල දර්ශන 80ක් සහ චීන මංගල දර්ශන 76ක් එයට ඇතුළත් බව සංවිධායකයෝ පවසති.

25 වැනි SIFF හි ගෝල්ඩන් ගොබ්ලට් සම්මාන උළෙලට තරග අංශ පහක් ඇත:

විශේෂාංග-දිග චිත්‍රපට, නව ආසියානු දක්ෂතා, වාර්තා චිත්‍රපට, සජීවිකරණ චිත්‍රපට සහ කෙටි චිත්‍රපට ඊට ඇතුළත් වෙති.

කලා

ලංකාවේ සිහින නගරයට සිහින කුමරු එන්නෙ නෑ කියයි

Published

on

By

තව නොබෝ දිනකින් කොළඹදී විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගවීමට නියමිතව සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත සහභාගී නොවන බව නිවේදනය කර ඇත.

ෂාරුක් ඛාන් සහභාගී නොවීම පිළිබඳව ඔහුගේ නිල ඒජන්සි ආයතනය වන WizCraft විසින් පහත නිවේදනය නිකුත් කර ඇත:

“මීට පෙර සැලසුම් කර තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගී නොවන බව කණගාටුවෙන් යුතුව අප ඔබට දැනුම් දී සිටිමු.”

ශ්‍රී ලංකාව සහ එහි සිටින රසික ජනතාව පිළිබඳව ශාරුක් ඛාන් දක්වන්නේ ඉමහත් ආදරයකි. ඒ නිසාම මෙම සුවිශේෂී උත්සවය වෙනුවෙන් සහභාගී වීමට ශාරුක් ඛාන් ඉතා කැමැත්තෙන් පසු වූ බව රහසක් නොවේ. එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් මත එම අවස්ථාවට සහභාගී වීමට නොලැබීම පිළිබඳව සිය කණගාටුව පළ කරන ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි කළමනාකාරීත්වයට මෙන්ම තමන් වෙනුවෙන් බලා සිටි සියලු දෙනාට සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියි.

එමෙන්ම නුදුරු දිනයකදී City of Dreams Sri Lanka වෙත සපැමිණීමටද ෂාරුක් ඛාන් බලාපොරොත්තු වෙයි.

Continue Reading

කලා

Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

Published

on

By

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සංගීත ප්‍රශංගයට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන අතර, එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading

කලා

ලංකාවේ තැඹිලි වලට සනී ලියොන් ගෙත් මනාපය (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාවේ තැඹිලි වලට තමා අතිශය ප්‍රිය කරන බවත් එය කුරුම්බා වලට වඩා රසැති බව නිල් චිත්‍රපට වල මෙන්ම පසුකාලීනව බොලිවුඩ් චිත්‍රපට හරහා ද ජනප්‍රිය වූ සනී ලියෝන් පවසයි.

ඇය මේ බව පවසා තිබුණේ පසුගියදා කොළඹට පැමිණ සිටි අතරතුර පළ කළ ටික්ටොක් වීඩියෝවකිනි.

තමා පළමු වරට තැඹිලි පානය කළේ මෙරටට පැමිණි පළමු අවස්ථාවේදී බවත්, තමාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය රූගත කෙරුණේ ලංකාවේදී බවත් ඇය වැඩිදුරටත් පවසයි.

@imsunnyleone13

Landed in Sri Lanka!!

♬ original sound – imsunnyleone

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved