Connect with us

කලා

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වේ

Published

on

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඒ මහතා ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද සිනෙසිටි සිනමා අධිපති මෙන්ම ‘බුද්ධි බතික්ස්’ (Buddhi Batiks) ව්‍යාපාරයේ සම නිර්මාතෘවරයාද වේ.

මියයන විට ඒ මහතා 83 වැනි වියේ පසුවිය.

බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය හෙට(18) උදෑසන සිට අනිද්දා(19) පෙරවරු 9.00 දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කරන අතර අනිද්දා(19) පස්වරු 12.00 සිට දේහය කොස්වාඩියේ Buddhi Batiks හි නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කෙරේ.

අවසන් කටයුතු ලබන 21 වැනිදා පස්වරු 4.00ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

කලා

ලංකාවේ සිහින නගරයට සිහින කුමරු එන්නෙ නෑ කියයි

Published

on

By

තව නොබෝ දිනකින් කොළඹදී විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගවීමට නියමිතව සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත සහභාගී නොවන බව නිවේදනය කර ඇත.

ෂාරුක් ඛාන් සහභාගී නොවීම පිළිබඳව ඔහුගේ නිල ඒජන්සි ආයතනය වන WizCraft විසින් පහත නිවේදනය නිකුත් කර ඇත:

“මීට පෙර සැලසුම් කර තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගී නොවන බව කණගාටුවෙන් යුතුව අප ඔබට දැනුම් දී සිටිමු.”

ශ්‍රී ලංකාව සහ එහි සිටින රසික ජනතාව පිළිබඳව ශාරුක් ඛාන් දක්වන්නේ ඉමහත් ආදරයකි. ඒ නිසාම මෙම සුවිශේෂී උත්සවය වෙනුවෙන් සහභාගී වීමට ශාරුක් ඛාන් ඉතා කැමැත්තෙන් පසු වූ බව රහසක් නොවේ. එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් මත එම අවස්ථාවට සහභාගී වීමට නොලැබීම පිළිබඳව සිය කණගාටුව පළ කරන ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි කළමනාකාරීත්වයට මෙන්ම තමන් වෙනුවෙන් බලා සිටි සියලු දෙනාට සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියි.

එමෙන්ම නුදුරු දිනයකදී City of Dreams Sri Lanka වෙත සපැමිණීමටද ෂාරුක් ඛාන් බලාපොරොත්තු වෙයි.

Continue Reading

කලා

Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

Published

on

By

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සංගීත ප්‍රශංගයට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන අතර, එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading

කලා

ලංකාවේ තැඹිලි වලට සනී ලියොන් ගෙත් මනාපය (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාවේ තැඹිලි වලට තමා අතිශය ප්‍රිය කරන බවත් එය කුරුම්බා වලට වඩා රසැති බව නිල් චිත්‍රපට වල මෙන්ම පසුකාලීනව බොලිවුඩ් චිත්‍රපට හරහා ද ජනප්‍රිය වූ සනී ලියෝන් පවසයි.

ඇය මේ බව පවසා තිබුණේ පසුගියදා කොළඹට පැමිණ සිටි අතරතුර පළ කළ ටික්ටොක් වීඩියෝවකිනි.

තමා පළමු වරට තැඹිලි පානය කළේ මෙරටට පැමිණි පළමු අවස්ථාවේදී බවත්, තමාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය රූගත කෙරුණේ ලංකාවේදී බවත් ඇය වැඩිදුරටත් පවසයි.

@imsunnyleone13

Landed in Sri Lanka!!

♬ original sound – imsunnyleone

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved