76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ‘Papon Live’ (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ (22) උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් – ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වසන්ත සමරසිංහ, මහබැංකු අධිපති – ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, හර්ෂණ සූරියප්පෙරුම, සුනිල් වටගල, මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.
පැපොන්ගේ ආත්මීය තනු වලට අමතරව, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ප්‍රමුඛ සංගීත හා ගායන කණ්ඩායමයක දක්ෂතා වලින්ද මෙම උත්සවය වඩාත් වර්ණවත් විය.
අසාම් ප්‍රාන්තයෙන් බිහිවූ ‘අංගරාග් මහන්තා’ ශෛලයන් ගණනාවක ගී ගයන අතිදක්ෂ ඉන්දීය ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකි.
Moh Moh Ke Dhaage (Dum Laga Ke Haisha), Kyon (Barfi!) Jiyein Kyun (Dum Maaro Dum), Humnava (Hamari Adhuri Kahani), හා Labon Ka Karobar (Befikre) වැනි චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ඔහු, කෝක් ස්ටූඩියෝ, MTV අන්ප්ලග්ඩ් වැනි අතිජනප්‍රිය සංගීත වැඩසටහන් වලටද දායකත්වය ලබාදෙමින් සම්මාන රැසකට හිමිකම් කියයි.
(ඡායා : ශානිකා ජයසේකර | අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)