Connect with us

කලා

ප්‍රසන්න විතානගේ “පැරඩයිස්බූ”ට බූසාන්හීදී සම්මාන

Published

on

දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK) සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ මහතාට හිමිව තිබේ.

ඒ  විතානගේ මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙනි.

මෙවර මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්ථානය, තායිලන්තය, ජපානය, පිලිපීනය, බංග්ලාදේශය හා කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට 10ක් තෝරාගෙන තිබු අතර මෙම චිත්‍රපටය පැරඩයිස් උලෙළ නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් ලෙසින් වීම විශේෂ කරුණකි.

එහිදී සම්මානය පිරිනැමුණේ පැරඩයිස් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙතටය.

බූසාන් සිනමා උලෙළේ නිර්මාතෘවරයකු වන කිම් ජීසොක් නමින් පිරිනැමෙන මෙම සම්මානය ආසියානු කලාපයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්‌ගේ චිත්‍රපට සඳහා පමණක් සීමාවන්නකි.

1996 වසරේදී මුල්වරට ඇරඹුණු බූසාන් සිනමා උලෙළේ එවර විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතාන‌ගේ නිර්මාණය කරන ලද “අනන්ත රාත්‍රිය“ චිත්‍රපටය දිනාගත්තේය.

එය ප්‍රසන්න නිර්මාණය කරන ලද දෙවැනි චිත්‍රපටය මෙන්ම ඔහු අන්තර්ජාතික අවධානය දිනාගත් මුල්ම අවස්ථාව විය.

තවද ලාංකේය සිනමාවේ වර්තමාන‌ පරපුර අන්තර්ජාතික අවධානය දිනාගත් ප්‍රථම අවස්ථාව එය විය.

එයින් පසු එහි 28 වැනි සම්මාන උලෙළේදී ප්‍රසන්න ආසියානු සිනමාවේ මුල් පෙළ සිනමාකරුවකු ලෙස දෙරටක් නියෝජනය කරමින් තරඟ වැද සම්මානයට පාත්‍රවීම විශේෂ සිදුවීමක් විය.

වර්තමානයෙහි ලොව මුල් පෙළේ අන්තර්ජාතික සිනමා උලෙළ අතර බූසාන් සිනමා උලෙළ ඉදිරියෙන් පවතින්නක් ලෙස සළකනු ලබති.

ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන පැරඩයිස් නිෂ්පාදනය කරන ලද්දේ කේරළ චිත්‍රපට සමාගමක් වූ නිව්ටන් ෆිල්ම්ස් සමාගම විසිනි.

මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ලොව පුරා තිරගත කරවන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවලක් වන රෝෂන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන් ඇතුළු ලාංකීය ප්‍රවීන නළු නිළියන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු හා සංජීව දිසානායක පැරඩයිස් සදහා රංගනයෙන් දායක වෙති.

ඉන්දීය සිනමාවේ සම්මානනීය සිනමා ශිල්පීන් වනරාජිව් රවී කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, කේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද පැරඩයිස් සඳහා සහභාගී වී තිබේ.

කලා

සිරියාව, ඉරානය හා ගසා මෙන් නටබුන් වූ ක්වීන්ලන් (ඡායා)

Published

on

By

නුගේගොඩ ක්වීන්ලන් සිනමා ශාලා පරිශ්‍රය මේවන විට සිරියාවේ, ඉරානයේ හෝ ගාසා තීරයේ ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ලක් මෙන් දිස්වන්නට පටන්ගෙන තිබේ.

ඒ අදාළ සිනමා ශාලාව මේවන විට සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීම නිසාය.

සිංහල සිනමාවේ ප්‍රබෝධයක් ගැන කතා බහක් පවතින මේ අවධියේ තවත් එක් සිනමාශාලාවක අවසානය මෙලෙස සටහනවීම ගැන සිනමා ප්‍රවීණයන් යම් කනසල්ලකින් සිටින බවද පැවසේ.

ඒ 2025 මැයි මස දත්ත වලට අනුව ලංකාවේ සිනමා ශාලා.සංඛ්‍යාව දළ වශයෙන් 184ක් බවකට සීමාවීම නිසාය.

ඉන් ද බහුතරය ඇත්තේ (117ක්) බස්නාහිර පළාතේ බව පැවසේ.

(මූලාශ්‍රය – විජයානන්ද රූපසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවෙනි)

Continue Reading

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

කලා

“කාගේද මේ මූනිස්සම්?” විමල් වීරවංශගෙන් ගීතයක්

Published

on

By

ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතාගේ “කාගේද මේ මූනිස්සම්?” ගීතය අද (08) ජනගත කෙරිණි.

ගීතය ගායනය මෙන්ම එහි පද රචනය ද විමල් වීරවංශ මහතාගෙනි.

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

අද උදෑසන 10.00ට YouTube අවකාශයට මුදාහල ගීතය පහත සබැඳිය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved