Connect with us

කලා

ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ  දිවි රඟමඬලට සමුදෙයි

Published

on

හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය.

වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය අද දිනයේ උදෑසන මහරගම පිළිකා රෝහලට ඇතුළත් වීමට සූදානමින් සිට ඇත.

මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවූවාය. දේහය දැනට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇත.අවසාන කටයුතු (18) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන අරඹන ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.

ඇය අවසාන වරට රංගනයෙන් දායකවී තිබුණේ 2018 වසරේ පුංචි අන්දරේ චිත්‍රපටය සඳහාය .ජනප්‍රිය සිනමාකරු හේමසිරි සෙල්ලපෙරුමගේ චිත්‍රපට රැසකටම ඇය රංගනයෙන් දායක වී තිබිණි.අසනීප තත්ත්වය නිසා ඇය දිගු කලක් රංගනයෙන් ඈත් වී සිටියාය.

කලා

සිරියාව, ඉරානය හා ගසා මෙන් නටබුන් වූ ක්වීන්ලන් (ඡායා)

Published

on

By

නුගේගොඩ ක්වීන්ලන් සිනමා ශාලා පරිශ්‍රය මේවන විට සිරියාවේ, ඉරානයේ හෝ ගාසා තීරයේ ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ලක් මෙන් දිස්වන්නට පටන්ගෙන තිබේ.

ඒ අදාළ සිනමා ශාලාව මේවන විට සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීම නිසාය.

සිංහල සිනමාවේ ප්‍රබෝධයක් ගැන කතා බහක් පවතින මේ අවධියේ තවත් එක් සිනමාශාලාවක අවසානය මෙලෙස සටහනවීම ගැන සිනමා ප්‍රවීණයන් යම් කනසල්ලකින් සිටින බවද පැවසේ.

ඒ 2025 මැයි මස දත්ත වලට අනුව ලංකාවේ සිනමා ශාලා.සංඛ්‍යාව දළ වශයෙන් 184ක් බවකට සීමාවීම නිසාය.

ඉන් ද බහුතරය ඇත්තේ (117ක්) බස්නාහිර පළාතේ බව පැවසේ.

(මූලාශ්‍රය – විජයානන්ද රූපසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවෙනි)

Continue Reading

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

කලා

“කාගේද මේ මූනිස්සම්?” විමල් වීරවංශගෙන් ගීතයක්

Published

on

By

ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතාගේ “කාගේද මේ මූනිස්සම්?” ගීතය අද (08) ජනගත කෙරිණි.

ගීතය ගායනය මෙන්ම එහි පද රචනය ද විමල් වීරවංශ මහතාගෙනි.

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

අද උදෑසන 10.00ට YouTube අවකාශයට මුදාහල ගීතය පහත සබැඳිය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved