Connect with us

කලා

මාලිනි අභාවප්‍රාප්ත වෙයි!

Published

on

ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය ඊයේ (30) මිය යනවිට 89 වැනි වියේ පසුවූවාය.

“මා බාල කාලේ අම්මාගෙ උකුලේ” සී.ටී. ප්‍රනාන්දු ශූරීන්ගේ හඬින් ඔපවත්වූ එම ගේයපද මාලිනි විජිතා විජයවීර මහත්මියගේ ය.

1991දී ඇගේ “පේ අයියා” යොවුන් නවකථාව විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

පසුගිය වසරේ ප්‍රදීපා ධර්මදාස ශිල්පිනියගේ මියුරු හඬින් ගැයුනු රම්බොඩගල්ලේ බුදුරුව වන්දනා ගීතයද ඇයගේ නිර්මාණයකි.

මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදුකෙරේ.

කලා

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්

Published

on

By

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.

නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබේ.

සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.

Continue Reading

කලා

ලැව්ගිනි නිසා කල්ගිය ඔස්කාර්

Published

on

By

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන මාරාන්තික ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම දින දෙකකින් ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි 17 සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඇකඩමි සම්මාන සඳහා තේරී පත් වූ තරු පිරිවර සහ චිත්‍රපට පිළිබඳ නවතම තතු ජනවාරි 19 වන දින හෙළි කරනු ඇතැයි පැවසේ.

10,000 කට ආසන්න සාමාජිකයින් සඳහා ජනවාරි 08 වන දින විවෘත කරන ලද ඡන්ද විමසීම ජනවාරි 14 අඟහරුවාදා දක්වා දින දෙකකින් දීර්ඝ කර ඇත.

ඔස්කාර් සම්මාන උලෙළේ හිටපු සත්කාරක බිලී ක්‍රිස්ටල් ද ගින්නෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් අතර සිටින අතර පැරිස් හිල්ටන්, ජේම්ස් වුඩ්ස් සහ මයිල්ස් ටෙලර් යන ප්‍රසිද්ධියක් උසුලන අයවලුන්ට ඊට ගොදුරු ව ඇති බව වාර්තා වේ.

Continue Reading

කලා

ජනවාරි 06දා සිට ඉන්දීය සිනමා උළෙලක්

Published

on

By

2025 ජනවාරි 06දා ඇරඹෙන ඉන්දීය සිනමා උළෙල 2025 ජනවාරි 10දා දක්වා ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන අතර එහිදී තෝරා ගත් ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කෙරේ. 

සිනමා උළෙල 2025 ජනවාරි 06 වන දින සඳුදා ප.ව. 6.30ට කොළඹ PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘83’ චිත්‍රපටයෙන් ඇරඹේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දීය  කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙලේදී නාට්‍යමය, ප්‍රේමණීය, ක්‍රියාදාම සහ ඓතිහාසික තේමාවන් රැගත් චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කෙරේ. මෙම චිත්‍රපට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බහු විධ උරුමය පිළිබඳ අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දෙමින් ඉන්දීය සිනමාවේ විවිධත්වය සහ  විචිත්‍රත්වය සමරයි.

කොළඹ නගරයට අමතරව බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවර එළිය ප්‍රදේශවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඇතුළුවීම නොමිලේ වන අතර ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා [email protected] වෙත විද්‍යුත් තැපෑලක් යොමු කළ යුතු වේ.
කොළඹ නගරයේ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට සහ ප්‍රදර්ශන වේලාවන් සඳහා පහත දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved