Connect with us

කලා

යුරෝපා සිනමා උළෙල : අගෝස්තු 18 ප්‍රදර්ශන

Published

on

14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ තෙවැනි දිනය අදයි (අගෝස්තු 18).

අද දිනයේ ප.ව. 3.30ට ඇමෙරිකානු – ලැට්වියා – ලක්සම්බර්ග් චිත්‍රපටයක් වන ‘My Love Affair With Marriage’ ද ප.ව. 6.00ට ප්‍රංශ චිත්‍රපටයක් වන ‘The Big Hit’ ද තිරගත වනු ඇත.

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී තිරගත වන මෙම චිත්‍රපට නැරඹීමට ඇතුල්වීම නොමිලේ.

කලා

‘භරංගම්’ හෙට සිට ලංකාවේ

Published

on

By

ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන භාරත් රංග මහෝත්සවයේ රිදී ජුබිලිය සමරමින් ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික නාට්‍ය පාසල විසින් එම නාට්‍ය උළෙල 2025 පෙබරවාරි 6 – 9 දක්වා කොළඹ දී සංවිධානය කර ඇත. එය කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය සමඟින් එක්ව කොළඹ ටවර් රඟහලේදී සහ පණිභාරත රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 ‘භරංගම්’ නමින් ද හැඳින්වෙන භාරත් රංග මහෝත්සවය ලොව විශාලතම නාට්‍ය උළෙල වේ. 2025 ජනවාරි 28 වන දින ඇරඹි එය ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ නගර 13ක පෙබරවාරි 16 වන දින දක්වා පැවැත්වෙනු ඇත. මෙම පුරෝගාමී ප්‍රයත්නය හරහා, ජාතික නාට්‍ය පාසල නාට්‍ය උළෙල ජනාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයට ද සමීප කරවයි. 2025 භාරත් රංග මහෝත්සවයෙහි තේමාව වන “එක් ප්‍රකාශනයක්, අසමසම නිර්මාණයක්” යන්න නිර්මාණාත්මක ප්‍රකාශනයෙහි එකමුතුභාවයේ හැඟීම හා සමපාත වේ.  මෙම නාට්‍ය උළෙල සඳහා රුසියාව, ඉතාලිය, ජර්මනිය, නෝර්වේ, චෙක් ජනරජය, නේපාලය, ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව යන රටවල සුවිශේෂී නාට්‍ය 200ක් පමණ ඇතුළත් වේ.

කොළඹ පැවැත්වෙන නාට්‍ය උළෙලේදී පෙබරවාරි 6 සහ 7 දිනවල ‘ටජ්මහල් කා ටෙන්ඩර්’ සහ ‘බාබුජි’ යන හින්දි නාට්‍ය ටවර් හෝල් රඟහලේ ද පෙබරවාරි 8 සහ 9 දිනවල ‘රෝමියෝ සහ ජුලියට්’ සහ සින්දු කිරිල්ලි – 2 (වෙරෝනිකා ආපසු ඇවිත්) නාට්‍ය පණිභාරත රඟහලේ ද පැවැත්වේ. කොළඹ, භාරත් රංග මහෝත්සවයේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 6 වන දින ප.ව. 6ට  මරදාන ටවර් හෝල් රඟහලේදී පැවැත්වෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා ජාතික නාට්‍ය පාසලේ වෙබ් අඩවිය වන https://nsd.gov.in සහ භාරත් රංග මහෝත්සව් වෙබ් අඩවිය වන www.brm.nsd.gov.in වෙත පිවිසෙන්න. කොළඹ පැවැත්වෙන නාට්‍ය නැරඹීම සඳහා උනන්දුවක් දක්වන්නන් හට [email protected] වෙත ඊ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකිය.

Continue Reading

කලා

ලෝක විවාහන රෑ රැජින තරඟයේ දෙවැනි තැන දිනූ ඉෂාදි දිවයිනට

Published

on

By

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී එහි දෙවැනි තැන දිනාගත් ඉෂාදි අමන්දා අද (04) දිවයිනට පැමිණියාය.

පසුගිය 30 වැනිදා ලෝකයේ රටවල් 40ක විවාහක රෑ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගය පවත්වා තිබුණු අතර ඉන් ඇය දෙවැනි තැන දිනා ගැනීමට සමත් වුවාය.

ඇය අද අලුයම 01.55ට දෝහා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඇය එහිදී උදෑසන 09ට පමණ පැවැත්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී වූවාය.

Continue Reading

කලා

චීනයේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට

Published

on

By

2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 3 වැනිදා වන විට, යුවාන් බිලියන 8.02 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසගත වන වාර්තාවක් බව චීනයේ ජාතික චිත්‍රපට පරිපාලනයේ වාර්තා පවසයි.

ඒ අතරින්, ” Ne Zha 2″ චිත්‍රපටය යුවාන් බිලියන 3.8 ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට ආසන්න ආදායමක් ඉපැයීමට ද සමත්ව තිබේ.

මේ වන විට, මෙම වසරේ චීනයේ ප්‍රදර්ශනය කෙරුණු සමස්ත චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 9.8 ඉක්මවා ඇති අතර, එය උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ලොව පෙරමුණ ගෙන ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved