Connect with us

කලා

යුරෝපා සිනමා උළෙල හෙට සිට

Published

on

සිනමා විචාරකයන්ගේ හා සිනමා කලා රසිකයන්ගේ අවධානය දිනාගත් යුරෝපා සිනමා උළෙල මෙවරත් 14 වැනි වරට හෙට (අගෝස්තු 16) අගෝස්තු 21දා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වෙනු ඇත.

මෙවර උළෙල ආරම්භ වන්නේ කාන්ස් සිනමා උළෙලේ ‘කැමරා දෝර්’ (Caméra d’Or) සම්මානය හිමිකරගත් ඇන්ටෝනියෙටා අලමත් ගේ “මුරිනා” ක්‍රොඒෂියානු චිත්‍රපටයෙනි.

උළෙල ආරම්භයේ පටනි පැවති සම්ප්‍රදාය අනුව යමින් මෙවරද උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මානලාභී සිනමා ශිල්පියෙක් සහභාගී වෙනු ඇත. ඒ රංගන ශිල්පිනියක හා තිරරචිකාවියක වන නිම්මි හරස්ගමයි.

අගෝස්තු 17 – 21 වැනිදා දක්වා තවත් සම්මානලාභී යුරෝපීය චිත්‍රපට 10ක් සවස 3.30ට සහ 6.00ට තිරගතවෙනු ඇත. ඒ අතර ප්‍රංශය, ජර්මනිය, ස්ලෝවැකියාව, චෙක් ජනරජය, ලක්සම්බර්ග්, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, යුක්රේනය, ලැටිවියාව සහ ඉතාලිය නියෝජනය චිත්‍රපට වේ.

කොළඹ යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කෙරෙන මෙම සිනමා උළෙලේ අභිරක්ෂණය 14 වැනි වරටත් සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මිය විසින් සිදුකරයි. මෙම සිනමා උළෙල සැප්තැම්බර් 01 – 03 දක්වා මහනුවරදී පැවැත්වීමට කටයුතු කරන බව ඇය පවසයි.

කලා

Miss World තරගාවලිය සඳහා එක්වූ එංගලන්ත රූ රැජින තරගයෙන් ඉවත්වෙයි

Published

on

By

72 වන Miss World තරගාවලිය සඳහා එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee එම තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉල්ලා අස්වන බව Miss England තරගයේ අධ්‍යක්ෂවරිය වන Angie Beasley විසින් නිවේදනය කරන  ලදී.

මේ වන විටත් Milla Magee යළි එංගලන්තයට පැමිණ ඇති අතර, ඇයගේ තිරණය අනුමත කරමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සැමවිටම සෞඛ්‍යයට මුල්තැන ලබාදිය යුතු බවය.

මෙවර 72 වන Miss World තරගාවලිය සඳහා රටවල් 112 ක තරගකාරියන් සහභාගී වන අතර, එහි අවසන් තරගය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

Continue Reading

කලා

2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනූ ”Heart Lamp”

Published

on

By

ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද පළමු පොත වන්නේ ද ඇගේ මෙම ග්‍රන්ථයයි.

කන්නඩ භාෂාවෙන් ලියැවුන  ”Heart Lamp” හි කථා දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ.

1990 සිට 2023 දක්වා දශක තුනක් පුරා මුෂ්තාක් විසින් රචිත කෙටිකතා 12ක් ඇතුළත් ”Heart Lamp”, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා තියුණු ලෙස ග්‍රහණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය  විසින් වාර්තා කරයි.

Continue Reading

කලා

ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට ගිය “ගැහැනු ළමයි”

Published

on

By

ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව  ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත  මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි.

1978 දී තිරගත වූ මෙම සිනමා නිර්මාණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය, මැයි 17 වන දින 2025 කෑන්ස් උළෙලේදී මෙසේ ප්‍රදර්ශනය කරනු ලැබීය.

මේ අවස්ථාවට  එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ  ශ්‍යාමා ආනන්දගේ ,  ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල් වැව මහතා ප්‍රධාන පිරිසක් සහභාගී වී සිටියහ 

චිත්‍රපට උරුම පදනම විසින් ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ එක්ව ගැහැණු ළමයි චිත්‍රපටය ‘එල්’ඉමැජින් රිට්‍රෝවාටා’ රසායනාගාරයේදී 4ඛ් ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved