Connect with us

කලා

රෙක්ස් ජීවන රඟමඩලට සමුදෙයි

Published

on

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.
චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇති ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට පැමිණියේය.

‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ත්‍රාසජනක යතුරුපැදි ධාවනයක යෙදෙමින් ප්‍රේක්‍ෂක අවදානය දිනාගත් ඒ මහතා ‘මරුවා සමග වාසේ’ ‘සීමන් අප්පු’ සහ ‘සිහසුන’ ඇතුළු සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් ද ඇතුළුව චිත්‍රපට 150 කට ආසන්න රංගනයෙන් දායක විය. 

චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂවරයෙක් ද වන රෙක්ස් කොඩිප්පිලි මහතා ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක විය. 

රෙක්ස් මහතා සරසවි සම්මාන රැසකින් ඇතුළු සම්මාන රැසක් හිමිකරගනෙ තිබේ.  

කලා

Miss World තරගාවලිය සඳහා එක්වූ එංගලන්ත රූ රැජින තරගයෙන් ඉවත්වෙයි

Published

on

By

72 වන Miss World තරගාවලිය සඳහා එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee එම තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉල්ලා අස්වන බව Miss England තරගයේ අධ්‍යක්ෂවරිය වන Angie Beasley විසින් නිවේදනය කරන  ලදී.

මේ වන විටත් Milla Magee යළි එංගලන්තයට පැමිණ ඇති අතර, ඇයගේ තිරණය අනුමත කරමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සැමවිටම සෞඛ්‍යයට මුල්තැන ලබාදිය යුතු බවය.

මෙවර 72 වන Miss World තරගාවලිය සඳහා රටවල් 112 ක තරගකාරියන් සහභාගී වන අතර, එහි අවසන් තරගය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

Continue Reading

කලා

2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනූ ”Heart Lamp”

Published

on

By

ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද පළමු පොත වන්නේ ද ඇගේ මෙම ග්‍රන්ථයයි.

කන්නඩ භාෂාවෙන් ලියැවුන  ”Heart Lamp” හි කථා දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ.

1990 සිට 2023 දක්වා දශක තුනක් පුරා මුෂ්තාක් විසින් රචිත කෙටිකතා 12ක් ඇතුළත් ”Heart Lamp”, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා තියුණු ලෙස ග්‍රහණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය  විසින් වාර්තා කරයි.

Continue Reading

කලා

ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට ගිය “ගැහැනු ළමයි”

Published

on

By

ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව  ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත  මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි.

1978 දී තිරගත වූ මෙම සිනමා නිර්මාණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය, මැයි 17 වන දින 2025 කෑන්ස් උළෙලේදී මෙසේ ප්‍රදර්ශනය කරනු ලැබීය.

මේ අවස්ථාවට  එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ  ශ්‍යාමා ආනන්දගේ ,  ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල් වැව මහතා ප්‍රධාන පිරිසක් සහභාගී වී සිටියහ 

චිත්‍රපට උරුම පදනම විසින් ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ එක්ව ගැහැණු ළමයි චිත්‍රපටය ‘එල්’ඉමැජින් රිට්‍රෝවාටා’ රසායනාගාරයේදී 4ඛ් ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved