Connect with us

කලා

ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවැනි තැන ඉෂාදිට

Published

on

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ.

එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳීය.

එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ.

ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය.

ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහර රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.

කලා

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වේ

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්තවේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මියයන විට කුමාරි පෙරේරා මහත්මිය 68 වන වියේ පසුවිය.

කෝපි කඩේ ටෙළිනාට්‍ය මාලාවේ ආරම්භක රංගන ශිල්පිනියක් වූ ඇය එදා මෙදා තුර ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.

එසේම ඇය ටවර් නාට්‍ය ගණනාවක ප්‍රකට භූමිකා ඉදිරිපත් කළාය. එසේම මහඇදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරිය වන්නට ඇය භාග්‍යවන්ත වූවාය.

කෝපි කඩේ දුවගේ චරිතයට මෙන්ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය සැපයුවාය.

කුමාරි පෙරේරා මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Continue Reading

කලා

පහන් කූඩු උත්සව සංගීත ප්‍රසංගය කොළඹදී (ඡායා)

Published

on

By

චීන වසන්ත උත්සවයේ අවසාන දිනය වන චීන පහන් කූඩු උත්සවය වෙනුවෙන් ඊයේ (පෙබරවාරි 12) දින නෙළුම් පොකුණ රඟහලේදී සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

මෙරට චීන තානාපති කාර්යාලයේ හා චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ප්‍රසංගයට එක්වූයේ වූෂී චීන වාද්‍ය වෘන්දයයි.

(ඡායා : ෂින්හුවා)

Continue Reading

කලා

මෙරට ජපන් තානාපති කාර්යාලයෙන් ඔරිගමි වැඩමුළුවක්

Published

on

By

ශ්‍රී ලාංකිකයන් අතර සාම්ප්‍රදායික ජපන් කඩදාසි නැමීමේ කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ඔරිගමි වැඩමුළුවක්, පෙබරවාරි 07 වැනිදා එම කාර්යාලයේදී පවත්වනු ලැබීය. 

ජපන් ඔරිගමි කලාකරුවෙකු වන හිගෂි කත්සුකවා මහතා විසින් මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන උපදේශණ සහාය ලබාදෙන ලදී.
මෙම වැඩමුළුවට Origami Folders Association of Sri Lanka (OFASL) හි නිර්මාතෘ සහ සභාපති රීසා  දිල්ෂාර්ඩ් කරීම් මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් හට සංකීර්ණ ඔරිගමි ශිල්පීය ක්‍රම ඉගෙන ගැනීමට සහ මෙම සාම්ප්‍රදායික ජපන් කලා ආකෘතියේ සුන්දරත්වය ගවේෂණය කිරීමට අවස්ථාව ලැබුණි.

මෙම මුලපිරීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වන අතර, ඔරිගමි කලාව පිළිබඳව රට තුළ ඇති උනන්දුව ප්‍රවර්ධනය කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved