Connect with us

කලා

ෂාරුක් රෝහල් ගත කෙරේ

Published

on

ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර 21 දින පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිට ඇති බවත් එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් ඇති වී ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

එම රෝගී තත්වය හේතුවෙන් ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ගෞරි ඛාන්, බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා සහ ඇයගේ සැමියාද වහාම කේ.ඩී රෝහල වෙත පැමිණ ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා ප්‍රකාශ කර සිටියේ ෂාරුක් ඛාන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහභාගී වන අවසන් තරඟය නැරඹීමට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත්ය.

කලා

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

Continue Reading

කලා

Netflix  මිල ගණන් ඉහළ දැමීමේ තීරණයක

Published

on

By

Netflix රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබේ.

ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමගය

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ආර්ජන්ටිනාව සහ පෘතුගාලය යන රටවල Netflix පිරිවැය වැඩි කරන බව සමාගම පවසයි.

තවදුරටත් සේවාව වැඩිදියුණු කිරීම සඳහා තම සාමාජිකයින්ගෙන් මෙලෙස සේවා ගාස්තුව ඉහළ දමන බව ඔවුන් සඳහන් කරයි.

පසුගිය වසරේ අග දකුණු කොරියානු නාට්‍යයටක්වන Squid Game හි දෙවන කතා මාලාව සහ සටන්කරුවෙකු බවට පත් වූ, සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන ජේක් පෝල් සහ හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් අතර බොක්සිං තරඟයක් ඇතුළු ක්‍රීඩා මගින් Netflix සමාගම  බලාපොරොත්තු වූවාට වඩා හොඳ ග්‍රාහක සංඛ්‍යාවක් එකතු වී තිබේ.

මේ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ, වෙළඳ දැන්වීම් නොමැති සම්මත දායකත්වය ඇතුළුව සියලුම සැලසුම්වල පාහේ මිල ගණන් ඉහළ යනු ඇති අතර එය දැන් මසකට ඩොලර් 17.99 වනු ඇති. මීට පෙර එය ඩොලර් 15.49 ක් විය.

දැන්වීම් සහිත එහි සාමාජිකත්වය ද ඩොලර් 7.99 දක්වා ඩොලරයකින් ඉහළ යන බව සඳහන්ය.

Netflix  අවසන් වරට අමෙරිකා එක්සත් ජනපදයේ මිල ඉහළ දැමුවේ 2023 ඔක්තෝබර් මාසයේදීවන අතර එහිදී එය එක්සත් රාජධානියේ සමහර සැලසුම් සඳහා පිරිවැය ඉහළ දැමීම සිදුවිය.

ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ නව ග්‍රාහකයින් මිලියන 9.6 ක් එකතු කිරීමට අපේක්ෂා කළ නමුත් එම සංඛ්‍යාව බොහෝ දුරට ඉක්මවා ගොස් පසුගිය වසර අවසන් වූයේ මුළු ග්‍රාහකයින් මිලියන 300 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ බව Netflix  සමාගම පවසයි.

Continue Reading

කලා

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය 

Published

on

By

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් 2025 ජනවාරි 18 වන දින පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායම්, යාපනය නාගරික කොමසාරිස් එස්. ක්‍රිෂේන්ද්‍රන්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අතපත්තු, යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් සායි මුරලි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ යාපනයේ කලාකරුවන් රැසක් සහභාගී වූහ.

මෙම සුවිශේෂී අති නවීන ගොඩනැගිල්ල මහල් දෙකක් පුරා පැතිරුණු කෞතුකාගාරයක්, ප්‍රේක්ෂකයන් 600කට වැඩි පිරිසකට අසුන් ගත හැකි රංග පීඨ ආකාරයේ අති නවීන ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගෙනුම් කුළුණක් සහ එළිමහන් රංග පීඨයක් ලෙස ද භාවිතා කළ හැකි පොදු මහජන චතුරස්‍රයක් යනාදි විවිධ පහසුකම්වලින් සමන්විත වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved