Connect with us

කලා

සුපිරි නළු අල්ලු අර්ජුන්ගේ නිවසට ප්‍රහාරයක්

Published

on

ජනප්‍රිය තෙළිගු නළු අල්ලු අර්ජුන්ගේ හයිද්‍රාභාත්හි පිහිටා ඇති නිවසට පිරිසක් විසින් ගල්, මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උස්මානියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානය විසින් මෙම ක්‍රියාවක් සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

පුෂ්පා 02 චිත්‍රපටිය තිරගත වූ දිනයේ ඇති වූ තෙරපීමකින් රේවති නමැති කාන්තාවන් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්ය.

ඇයගේ පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර මේ වනවිට ඔහුගේ මොළය අක්‍රීය වී ඇති බවට තොරතුරු වාර්තා විය.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සහ එම පවුලට කෝටියක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා එම සිසුන් විසින් නළු අල්ලු අර්ජුන්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් නිරත වී තිබේ.

ඉන් අනතුරුව ඔවුන් නිවසේ තාප්පය මතට නැග නිවාස අලංකරණය සඳහා තිබූ මල් පෝච්චි විසි කර නිවසට ගල්වලින් පහරදී ඇති බව සඳහන්ය.

විරෝධතාවයේ නිරත වූ සිසුන්ව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි, ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කලා

බොලිවුඩ් නළු සයිෆ්ට පිහියෙන් ඇනපු හොරාව අල්ලයි

Published

on

By

බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම සැකකරුව අතඅඩංගුවට ගෙන තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම් කාලයේ දී නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සමඟ සයිෆ් අලි ඛාන්ගේ නිවසේ ඇති වූ ගැටුමකදී ඛාන් පිහි ඇණුමකට ලක් වී රෝහල්ගත කෙරුණි.

සයිෆ් සැත්කමකින් අනතුරුව මේවන විට සුවය ලබමින් සිටී.

සබැඳි පුවත්

Continue Reading

කලා

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්

Published

on

By

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.

නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබේ.

සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.

Continue Reading

කලා

ලැව්ගිනි නිසා කල්ගිය ඔස්කාර්

Published

on

By

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන මාරාන්තික ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම දින දෙකකින් ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි 17 සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඇකඩමි සම්මාන සඳහා තේරී පත් වූ තරු පිරිවර සහ චිත්‍රපට පිළිබඳ නවතම තතු ජනවාරි 19 වන දින හෙළි කරනු ඇතැයි පැවසේ.

10,000 කට ආසන්න සාමාජිකයින් සඳහා ජනවාරි 08 වන දින විවෘත කරන ලද ඡන්ද විමසීම ජනවාරි 14 අඟහරුවාදා දක්වා දින දෙකකින් දීර්ඝ කර ඇත.

ඔස්කාර් සම්මාන උලෙළේ හිටපු සත්කාරක බිලී ක්‍රිස්ටල් ද ගින්නෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් අතර සිටින අතර පැරිස් හිල්ටන්, ජේම්ස් වුඩ්ස් සහ මයිල්ස් ටෙලර් යන ප්‍රසිද්ධියක් උසුලන අයවලුන්ට ඊට ගොදුරු ව ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved