Connect with us

කලා

සුවිශේෂී ශ්‍රී ලාංකීය වචන කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්වේ

Published

on

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබේ.

ඒ ශ්‍රී ලාංකීය භාෂාමය සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු ලෙස පිළිගැනීමක් සනිටුහන් කරමිනි.

නව ඇතුළත් කිරීම් අතරට “asweddumize”  යන වචනය ඇතුළත් වේ. එය සිංහල භාෂාවේ නිරන්තරයෙන් භාවිත වන වචනයක් වන අතර කෘෂිකර්මාන්තයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රයන්හි භාවිත වේ. ප්‍රථම වරට 1857 දී ලේඛනගත කරන ලද එය නැවත ඇගයීමට ලක් කරන ලද අතර අවසානයේ දේශීය විද්වතුන් විසින් දශක ගණනාවක බලපෑම් කිරීමෙන් පසුව සිංහල එකතු කර තිබේ. 

 “කොත්තු රොටි” (kottu roti)  , යන වචනයද මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් කර තිබේ. එය අර්ථ ගන්වා ඇත්තේ කැඩුණු රොටි, මස්, එළවළු සහ කුළුබඩුවලින් සාදන ලද වීදි ආහාර කෑමක් වන අතර එය වඩාත් ජනප්‍රිය වන්නේ ආහාරය සැකසීමේදී එන රිද්මයානුකූල හඬ නිසාය. ලෙසය.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය විසින් සිංහල සම්භවයක් ඇති “මැල්ලුං” (mallung) යන වචනයද මේ සඳහා ඇතුළත් කර තිබේ. එය පොල් සහ කුළුබඩු සමඟ මිශ්‍ර කර සැහැල්ලුවෙන් පිසින ලද ආහාරයක් ලෙස් අර්ථගන්වා ඇත.

“කිරිබත්” (kiribath) යන වචනයද මෙම ශබ්ධකෝෂයට ඇතුළත් කර ඇති අතර එය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායිකව අනුභව කරන පොල් කිරි සහ සහල් යොදා සකසන ආහාරයක් ලෙස අර්ථ නිරූපණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සැමරුම් අගයමින්, ශබ්දකෝෂයේ සඳහා “අවුරුදු” (Avurudu) යන වචනයද ඇතුළත් කර තිබේ. අප්‍රේල් මාසයේ සමරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, සාම්ප්‍රදායික ආහාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ක්‍රීඩාවලින් සමන්විතය යන පැහැදිලි කිරීම ඒ වෙනුවෙන් සඳහන්ය.

පොල් කිරි, හකුරු සහ කුළුබඩුවලින් සාදන ලද මුස්ලිම් උත්සව අතුරුපසක් වන “වටලප්පම්” watalappam යන වචනයද,

පෘතුගීසි ආභාෂය සහිත සංගීත ප්‍රභේදයක් වන “බයිලා” (baila) සහ ක්‍රිකට් තරඟවලදී බොහෝ විට ඇසෙන සංගීත ශෛලියක් වන “පපරේ” (papare) යන වචනයද  ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය වෙත ඇතුලත් කර තිබේ.

“වලව්ව” (Walawwa) යන වචනයද මීට ඇතුළත් වන අතර එහිදී ශ්‍රී ලංකාවේ වතුයායක ප්‍රධාන නිවස, මන්දිරය යන අදහස ඉන් සඳහන්වේ.

“ඔසරිය” (Osari) යන්නද මීට අන්තර්ගත කර ඇති අතර සිංහල කාන්තාවන් පැළදින සාම්ප්‍රදායික සාරි වර්ගයක් යන්න ඉන් විස්තර කරයි.

කලා

සිරියාව, ඉරානය හා ගසා මෙන් නටබුන් වූ ක්වීන්ලන් (ඡායා)

Published

on

By

නුගේගොඩ ක්වීන්ලන් සිනමා ශාලා පරිශ්‍රය මේවන විට සිරියාවේ, ඉරානයේ හෝ ගාසා තීරයේ ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ලක් මෙන් දිස්වන්නට පටන්ගෙන තිබේ.

ඒ අදාළ සිනමා ශාලාව මේවන විට සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීම නිසාය.

සිංහල සිනමාවේ ප්‍රබෝධයක් ගැන කතා බහක් පවතින මේ අවධියේ තවත් එක් සිනමාශාලාවක අවසානය මෙලෙස සටහනවීම ගැන සිනමා ප්‍රවීණයන් යම් කනසල්ලකින් සිටින බවද පැවසේ.

ඒ 2025 මැයි මස දත්ත වලට අනුව ලංකාවේ සිනමා ශාලා.සංඛ්‍යාව දළ වශයෙන් 184ක් බවකට සීමාවීම නිසාය.

ඉන් ද බහුතරය ඇත්තේ (117ක්) බස්නාහිර පළාතේ බව පැවසේ.

(මූලාශ්‍රය – විජයානන්ද රූපසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවෙනි)

Continue Reading

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

කලා

“කාගේද මේ මූනිස්සම්?” විමල් වීරවංශගෙන් ගීතයක්

Published

on

By

ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතාගේ “කාගේද මේ මූනිස්සම්?” ගීතය අද (08) ජනගත කෙරිණි.

ගීතය ගායනය මෙන්ම එහි පද රචනය ද විමල් වීරවංශ මහතාගෙනි.

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

අද උදෑසන 10.00ට YouTube අවකාශයට මුදාහල ගීතය පහත සබැඳිය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved