Connect with us

කලා

හොලිවුඩ් තිර රචකයින්ගේ වැඩ වර්ජනය අවසන් වන ලකුණු

Published

on

මාස පහකට ආසන්න කාලයක් පුරා පැවති වැඩ වර්ජනය අවසන් කිරීමට හැකි වන පරිදි, චිත්‍රාගාර ප්‍රධානීන් සමඟ තාවකාලික ගිවිසුමකට එළැඹීමට එකඟත්වය පළ වී ඇති බව ඇමෙරිකානු තිරරචකයන් පවසයි.

ඇමරිකාවේ ලේඛක සංසදය (WGA) පවසන්නේ මෙම එකඟතාවය “ලේඛකයින් සඳහා අර්ථවත් වාසි සහ ආරක්ෂාවක් ලබාදෙන” බවයි.  කෙසේවෙතත්, අවසන් තීරණය ගත යුත්තේ WGA සාමාජිකයින් විසින් බව ඔවුන් පවසයි.

ලේඛකයන් යළි සේවයට වාර්තා කිරීමට පෙර WGA නායකත්වය සහ වෘත්තීය සමිති සාමාජිකයින් විසින් මෝෂන් පික්චර්ස් සංසදය හා රූපවාහිනි නිෂ්පාදනකයන් සමග තෙවසරක ගිවිසුමකට එළැඹීමට එකඟ විය යුතු බවද පැවසේ.

මෙම යෝජිත එකඟතාවය සම්බන්ධයෙන් WGA පණිවිඩයක දැක්වෙන්නේ තවමත් තමන් වර්ජනය අත්හැරීමට සූදානම් නැති නමුත්, අද සිට පිකටිං ව්‍යාපාර අත්හිටුවීමට කටයුතු කරන බවයි.

මෙම වැඩ වර්ජනය, දශක ගණනාවකට පසු හොලිවුඩයට බලපෑ දීර්ඝතම වැඩ වර්ජනය ලෙස සැලකෙන අතර, මේ හේතුවෙන් බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කටයුතු ඇණහිටුණි.

මීට අමතරව නළුනිළියන් ද වෙනම ආරවුලක හේතුවෙන් වැඩ වර්ජනයක නිරත වී සිටියි.

මේ වසරේ මැයි 02දා සිට ඇරඹුනු ලේඛකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වර්ජනය හේතුවෙන් බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කටයුතු අතරමඟ ඇනහිට තිබුණු අතර, පසුගිය සැප්තැම්බර් 18දා පැවැත්වීමට කටයුතු යොදා තිබූ එමී සම්මාන උළෙලද මේ හේතුවෙන් කල් දැමිණි.

සාධාරණ ගෙවීමක් සහ රැකියා සුරක්ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින් පසුගිය මැයි 02දා පා ගමනකින් ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් කැලිෆෝනියාවේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සබැඳි පුවත් :

එමී සම්මාන උළෙල කල් යයි

හොලිවුඩයේ දැවැන්ත විරෝධයට නළුනිළියොත් එක්වෙයි

කලා

අනුදි ‘ලෝක රූ රැජින තරගයේ’ අවසන් 20 දෙනා අතරට

Published

on

By

ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි.

ඒ අනුව මේ වනවිට ඇය මෙම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට පැමිණ ඇත.

ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් තේරීපත්ව සිටියි.

මේ අතර අනුදිගේ මෙම පැමිණීම ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

එනම් වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වීමයි.

එමෙන්ම අනුදිගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ මෙවර ලෝක රූ රැජින තරගයෙන් මෙතෙක් පැවති තරග අංශ දෙකෙහිම අවසන් වටයට පැමිණි ආසියාවේ එකම තරගකාරියද ඇය වීමය.

අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව ඇත.

Continue Reading

කලා

Miss World තරගාවලිය සඳහා එක්වූ එංගලන්ත රූ රැජින තරගයෙන් ඉවත්වෙයි

Published

on

By

72 වන Miss World තරගාවලිය සඳහා එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee එම තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉල්ලා අස්වන බව Miss England තරගයේ අධ්‍යක්ෂවරිය වන Angie Beasley විසින් නිවේදනය කරන  ලදී.

මේ වන විටත් Milla Magee යළි එංගලන්තයට පැමිණ ඇති අතර, ඇයගේ තිරණය අනුමත කරමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සැමවිටම සෞඛ්‍යයට මුල්තැන ලබාදිය යුතු බවය.

මෙවර 72 වන Miss World තරගාවලිය සඳහා රටවල් 112 ක තරගකාරියන් සහභාගී වන අතර, එහි අවසන් තරගය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

Continue Reading

කලා

2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනූ ”Heart Lamp”

Published

on

By

ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද පළමු පොත වන්නේ ද ඇගේ මෙම ග්‍රන්ථයයි.

කන්නඩ භාෂාවෙන් ලියැවුන  ”Heart Lamp” හි කථා දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ.

1990 සිට 2023 දක්වා දශක තුනක් පුරා මුෂ්තාක් විසින් රචිත කෙටිකතා 12ක් ඇතුළත් ”Heart Lamp”, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා තියුණු ලෙස ග්‍රහණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය  විසින් වාර්තා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved