Connect with us

කලා

තලංගම ගුටි කෙළියෙන් පසුව දෙරණ තරු සොයුරා ශෛල්‍යකර්මයකට

Published

on

සතියේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශයවන ‘සංගීතේ’ මෙගා ටෙලියේ රංඟනයෙන් දායක වන ලෝවන් අභිෂේක්ගේ සොහොයුරා වන ශානක උදීෂ්ගේ හිසෙහි ශෛල්‍යකර්මයක් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සදුදා මේ ශෛල්‍යකර්මය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇති අතර ඒ ලෝවන් අභිෂේක්ගේ සොහොයුරා වන ශානක උදීෂ් ඇතුළු රියැලිටි රූපවාහිනී තරු කිහිප දෙනෙක් තලංගම පිටකෝට්ටේ ආපන ශාලාවකදී ඇතිවූ ගැටුමකදී පහර කෑමේ සිද්ධියක් නිසාය.

එම අවන්හලේ ඒක පුද්ගල සංගීත කණ්ඩායමක් ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙසට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පොලිසියට අනුව මේ ගැටුම ආරම්භ කර ඇත්තේ තරුව විසින් වන අතර පසුව ඔවුහු පුද්ගලයෙකුට පහර දී ඇති බව වාර්තා වේ.

පසුව එය දෙපිරිසක් අතර ගැටුමක් බවට වර්ධනය වී පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පැවසේ.

සිද්ධියෙන් පහර කෑ ශානක උදීෂ ප්‍රතිකාර සඳහා මුලින් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

පසුව ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව තිබූ බැවින් ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරුකර යවා ඇත.

මේ අතර, තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන ශානක උදීෂ පවසා ඇත්තේ සිද්ධියට ගොදුරු වූයේ තමන් බවයි.

සිද්ධිය විස්තර කරමින් ඔහු කියා ඇත්තේ මෙවැන්නකි.

ඉරිදා (13) මගේ බිරිඳ සහ මිතුරන් කිහිප දෙනෙකු ආහාර ගැනීම සඳහා කැෆේ එකට ගියා. ඒ වෙලාවේ වේදිකාවේ ගායකයා ශානකට ගිටාර් වාදනය කරන්න කියලා ආරාධනා කරලා තිබුණා. එවිට හදිසියේම කැෆේ වෙත ගිය යුවළක් ඔවුන්ට ගායනා කිරීම නවත්වන ලෙස කිව්වා. මිනිහා කිව්වා එයා කැෆේ එකේ අයිතිකාරයා කියලා. ශානක කිව්වේ එහි හිමිකරු යැයි කියන පුද්ගලයා කැෆේහි සැබෑ හිමිකරු නෙවෙයි කියල. ඔවුන් අඹුසැමියන් සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අඹු සැමි යුවලගේ ගැටුමට පිටතින් එක්වූ අයෙක් ස්පැනරයකින් තම සැමියාට පහරදුන් බව උදීෂගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ.

තලංගම පොලිසියට සහ 119 ට දැනුම් දීමෙන් අනතුරුව අඹුසැමි යුවළගේ සගයකු බව කියන පුද්ගලයා එම අවස්ථාවේම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

Continue Reading

කලා

ජාතික කලා භවන 2024 අවසානයට පෙර විවෘත කරන්නැයි ජනපති කියයි

Published

on

By

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත.  ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.

කලා භවන සම්බන්ධයෙන් කලාකරුවන් හා වාස්තු විද්‍යාඥයන් අතර ඇති වී තිබෙන විසංවාදී අදහස්වලට සවන් දුන් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ පොදු එකඟතාවකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

කෙසේ හෝ සියලු පාර්ශ්ව සමඟ එකගත්වයක් ඇතිකරගෙන මේ වසර අවසානයට පෙර කලා භවන විවෘත කරලීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුනි. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවද එතුමා අවධාරණය කළේය.

අද කොළඹ නගරයට අවශ්‍යව ඇත්තේ නාට්‍යකරුවන්ට දරාගත හැකි මිලකට ලබා ගත හැකි උසස් ප්‍රමිතිගත නාට්‍ය ශාලා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජෝන් ද සිල්වා රඟහල ඉදිකිරීමෙන් පසු එවැනි මුදලකට නාට්‍යකරුවන්ට ලබා දිය හැකිවේදැයි විමසුවේය.

මේ ඉදිකිරීම් සහ පවත්වාගෙන යෑම් සම්බන්ධයෙන් නාට්‍යකරුවන් සමග සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹීම වඩාත් සුදුසු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

නෙළුම් පොකුණ‍, ⁣කලාභවන‍, ජෝන් ද සිල්වා සමරු රඟහල‍‍, කෞතුකාගාරය‍ සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වීය. ශ්‍රී ලංකාවේ කෞතුකාගාර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යය සඳහා උපදේශකත්වය ලබා ගත හැකි සුදුසු රටක් නම් කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. 

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාණපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් යසින්තා ගුණවර්ධන, මෙම ගොඩනැගිලි සැලසුම් කළ මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී කණ්ඩායම සහ ජාතික කලා භවන ප්‍රතිසංස්කරණ භාරව ක්‍රියා කරන නාවික හමුදා නිලධාරීහු රජය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.
කලාකරුවන් නියෝජනය කරමින් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර‍, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර‍, පරාක්‍රම නිරිඇල්ල‍, මෙහොමඩ් සෆීර් සහ සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

කලා

“අයියෝ සාමී” වෙනුවෙන් වින්ඩි ට සම්මානයක්

Published

on

By

ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක හට ඉන්දියාවේදී සම්මානයක් හිමිවී තිබේ.

ඒ, ඉතා ජනප්‍රියත්වයට පත් “අයියෝ සාමී” ගීතය වෙනුවෙනි.

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පසුගියදා පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම ගීතයට හිමි සම්මානය (Best Sensational Song of the Year) මෙම ගීතය වෙනුවෙන් ඇයට හිමිවිය.

ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ එහි සංගීත අධ්‍යක්ෂණය කළ සනුක වික්‍රමසිංහ ද සම්මාන උළෙල සඳහා  එක්විය.

මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියාය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවියට සමුදෙයි

Published

on

By

දශක කිහිපයක් පුරාවට ගීතයෙන් කලා ක්ෂේත්‍රය වර්ණවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) පෙරවරුවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

එම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පැවසේ.

පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම්, නෙළුම් විලේ, සිතේ සතුට, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි ඇතුළු ගීත රැසක් මගින් දශක කිහිපයක් පුරාවට කලා ලෝලීන් ගේ සිත් අමන්දානන්දයට පත් කළ එම මහතා මිය යන විට 76 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved