Connect with us

කලා

“සතරාව දීපනී” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Published

on

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ “සතරාව දීපනී” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ දායකත්වයෙන් නිර්මාණය කළ කලා කෘති උදෙසා දායක වූ කලාකරුවන් පිරිසකට උපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණු අතර ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, සිරිල් වික්‍රමගේ යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.
මහාචාර්ය ආරියරත්න ඇතුගල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල යන ප්‍රවීණ කලා ශිල්පීන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා දිවිය ඇසුරෙන් මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, රන්ජිත් කුමාර, අරුණ ගුණරත්න, දිනුෂ කුඩාගොඩගේ යන ප්‍රවීණ මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කරන ලද “සුබන්ධු සිනමා වත” කෘතිය එළිදැක්වීමද මීට සමගාමීව සිදු කෙරිණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මහතාගේ සංකල්පයක් අනුව පාසල් සිසු දරු දැරියන් උදෙසා වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන “ප්‍රඥා බන්දු” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරණ දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන්ගේ සුරතින් සිදු කෙරිණි.මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා විසින් සිදු කළේය.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්, කලාකරුවන්, මාධ්‍ය ආයතන ප්‍රධානින්, මාධ්‍යවේදීන්, වෘත්තිකයින් ඇතුළු  ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කලා

Ambiguous – බිත්තියක් ඕනෑකර තිබේ

Published

on

By

කොළඹ චින්තන මණ්ඩලය හා එක්ව රාජිත රූපසිංහ විසින් ඉදිරිපත් කරනු ලබන “Ambiguous: A Painfully Honest Depiction of the Story of Our Lives”  ප්‍රදර්ශනය 2024 අප්‍රේල් මස 28 වන දින සවස 3.00 සිට 5.00 දක්වා කොළඹ 7 ජාතික කලාභවන ඉදිරිපිට දී පැවැත්වේ.

කලා කෘතිවල අවකාශීය කාරණය, අවකාශය මිලට ගැනීමේ හැකියාව සහ කලා කෘති පිටුපස ඇති නොකියූ පසුබිම් කථා සහ ධාවකයන් පිළිබඳව  අලුත් කියවීමකට ගෙන යෑම ප්‍රදර්ශනයේ අරමුණයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාඥයකු ලෙස පුහුණුව ලබා ඇති රාජිත ‍රූපසිංහ  ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහුගේ මෙම පශ්චාත් නූතන අවකාශීය නිමැවුම් ප්‍රදර්ශනය ඔස්සේ නව කලාත්මක කතිකාවතකට මඟ පාදනු ඇත.

Continue Reading

කලා

නෙළුම් පොකුණම ආදරයේ පාට ගල්වන නවාගේ ගී මේ සතිඅන්තයේ

Published

on

By

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහතා ගේ තෙවැනි සංගීත ප්‍රසංගය වන ‘නවාගේ ගී Colours of Love’ සංගීත ප්‍රසංගය මේ සතිඅන්තයේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. 

කොළඹ නාලන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන මෙම ප්‍රසංගය අප්‍රේල් 20 හා 21 යන දෙදිනම පැවැත්වේ.

30 වසරක පුරාවට ගමගේ මහතාගේ වෘත්තිය ගමනේදී නිර්මාණය වූ තනු, ගායික ගායිකාවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වර්ණවත් සන්ධ්‍යාව පැවැත්වීමට නියමිතය.

ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගැනීමට : සුමුදු 071 798 9189  / කසුන් 071 968 765

මාර්ගගතව ටිකට් පත් වෙන් කරවා ගැනීමට :

අප්‍රේල් 20:

අප්‍රේල් 21:

Continue Reading

කලා

ගීත 7ක් ගායනා කිරීම වළක්වාලමින් සේනක බටගොඩ ට වාරණයක්

Published

on

By

ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් නිකුත් කළේය.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම්දී තිබේ.

ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබීය.

(අද දෙරණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved