Connect with us

කලා

සුනිල් අයියා අන්තිමට ගියේ ‘ගාලු පාරේ’ (වීඩියෝ)

Published

on

මීට වසරකට පෙර මෙලොවින් සමුගත් ප්‍රමුඛ සංගීතඥ – සුනිල් පෙරේරා මහතා ගායනා කළ අවසාන ගීතය මේ වන විට ජිප්සීස් සංගීත කණ්ඩායම විසින් එළිදක්වා තිබේ.

‘ගාලු පාරේ’ ලෙස නම් කර ඇති මේ ගීතය වසර 06ක කාලයක් පුරාවට ගොඩනගමින් තිබුණු ගීයක් බව ජිප්සීස් කණ්ඩායම පවසයි.

ඊයේ (24) අන්තර්ජාලයට මුදාහැර තිබුණු මෙම ගීතය මෙසේය :

Continue Reading

කලා

Ambiguous – බිත්තියක් ඕනෑකර තිබේ

Published

on

By

කොළඹ චින්තන මණ්ඩලය හා එක්ව රාජිත රූපසිංහ විසින් ඉදිරිපත් කරනු ලබන “Ambiguous: A Painfully Honest Depiction of the Story of Our Lives”  ප්‍රදර්ශනය 2024 අප්‍රේල් මස 28 වන දින සවස 3.00 සිට 5.00 දක්වා කොළඹ 7 ජාතික කලාභවන ඉදිරිපිට දී පැවැත්වේ.

කලා කෘතිවල අවකාශීය කාරණය, අවකාශය මිලට ගැනීමේ හැකියාව සහ කලා කෘති පිටුපස ඇති නොකියූ පසුබිම් කථා සහ ධාවකයන් පිළිබඳව  අලුත් කියවීමකට ගෙන යෑම ප්‍රදර්ශනයේ අරමුණයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාඥයකු ලෙස පුහුණුව ලබා ඇති රාජිත ‍රූපසිංහ  ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහුගේ මෙම පශ්චාත් නූතන අවකාශීය නිමැවුම් ප්‍රදර්ශනය ඔස්සේ නව කලාත්මක කතිකාවතකට මඟ පාදනු ඇත.

Continue Reading

කලා

නෙළුම් පොකුණම ආදරයේ පාට ගල්වන නවාගේ ගී මේ සතිඅන්තයේ

Published

on

By

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහතා ගේ තෙවැනි සංගීත ප්‍රසංගය වන ‘නවාගේ ගී Colours of Love’ සංගීත ප්‍රසංගය මේ සතිඅන්තයේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. 

කොළඹ නාලන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන මෙම ප්‍රසංගය අප්‍රේල් 20 හා 21 යන දෙදිනම පැවැත්වේ.

30 වසරක පුරාවට ගමගේ මහතාගේ වෘත්තිය ගමනේදී නිර්මාණය වූ තනු, ගායික ගායිකාවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වර්ණවත් සන්ධ්‍යාව පැවැත්වීමට නියමිතය.

ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගැනීමට : සුමුදු 071 798 9189  / කසුන් 071 968 765

මාර්ගගතව ටිකට් පත් වෙන් කරවා ගැනීමට :

අප්‍රේල් 20:

අප්‍රේල් 21:

Continue Reading

කලා

ගීත 7ක් ගායනා කිරීම වළක්වාලමින් සේනක බටගොඩ ට වාරණයක්

Published

on

By

ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් නිකුත් කළේය.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම්දී තිබේ.

ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබීය.

(අද දෙරණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved