කලා

බූඩිගෙන් ඉන්කම්ටැක්ස් එකට පොල්ලක්; 22දා උසාවි එන්න කියයි

Published

on

රුපියල් ලක්ෂ 65කට ආසන්න ආදායම් බදු නොගෙවා පැහැර හරින ලදැයි චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන මහතාට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ මහතා ඊයේ (13) නියෝග කළේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරන ලද බී 24822/09 නඩුවට අදාළව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.

හැව්ලොක් පාරේ පිහිටි ගොඩනැගිල්ලක් සඳහා 2019 වර්ෂයට අදාළව අයවිය යුතු රුපියල් හැට හතර ලක්ෂ අනූ තුන්දහස් දෙසිය හැත්තෑ හතක (64,93,277) ආදායම් බදු මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ 05, හැව්ලොක් පාර, අංක 185 ලිපිනයේ බුද්ධි කීර්තිසේන නමැති අයට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එලෙස නඩු පවරා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version