Connect with us

කලා

Sweetmore අද සුදර්ශියේ

Published

on

අද (22) දවසේ උදේ 10ත් හවස 5ත් අතර සුදර්ශියට ගොඩවුණොත් වැස්ස වැටෙනකොට, තෙත බරිත වෙන හැන්දෑවට, ඉඟුරු දාපු  ප්ලේන්ටියකට, හැන්දෑව සුවඳ කරන කලුපාට උණුසුම්ම උණුසුම් කෝපි කෝප්පයකට යසට කැපෙන … Sweetmore කජු යහමින් දාපු අලුවා රහ බලන්න ඔබටත් හැකියි.

ඒ වගේම රසට හැපෙන කිරි ටොෆී, පැණි දාපු අග්ගලා කන්නත් හැකියි.

සාහිත්‍ය පොතපතේ රස විඳලා එන ගමන් අච්චාරු කන්නත් පුළුවන්.

Contact Us – ⁨077 267 0305⁩
0773 111778

– වෙළෙඳ දැන්වීමකි   

කලා

‘Papon Live’ කොළඹදී පැවැත්වේ! (ඡායා)

Published

on

By

76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ  ‘Papon Live’  (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ (22) උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් – ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වසන්ත සමරසිංහ, මහබැංකු අධිපති – ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, හර්ෂණ සූරියප්පෙරුම, සුනිල් වටගල, මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

පැපොන්ගේ ආත්මීය තනු වලට අමතරව, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ප්‍රමුඛ සංගීත හා ගායන කණ්ඩායමයක දක්ෂතා වලින්ද මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. 

අසාම් ප්‍රාන්තයෙන් බිහිවූ ‘අංගරාග් මහන්තා’ ශෛලයන් ගණනාවක ගී ගයන අතිදක්ෂ ඉන්දීය ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකි.  

Moh Moh Ke Dhaage (Dum Laga Ke Haisha), Kyon (Barfi!) Jiyein Kyun (Dum Maaro Dum), Humnava (Hamari Adhuri Kahani), හා Labon Ka Karobar (Befikre) වැනි චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ඔහු, කෝක් ස්ටූඩියෝ, MTV අන්ප්ලග්ඩ් වැනි අතිජනප්‍රිය සංගීත වැඩසටහන් වලටද දායකත්වය ලබාදෙමින් සම්මාන රැසකට හිමිකම් කියයි.

(ඡායා : ශානිකා ජයසේකර ‍| අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)


Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

Continue Reading

කලා

Netflix  මිල ගණන් ඉහළ දැමීමේ තීරණයක

Published

on

By

Netflix රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබේ.

ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමගය

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ආර්ජන්ටිනාව සහ පෘතුගාලය යන රටවල Netflix පිරිවැය වැඩි කරන බව සමාගම පවසයි.

තවදුරටත් සේවාව වැඩිදියුණු කිරීම සඳහා තම සාමාජිකයින්ගෙන් මෙලෙස සේවා ගාස්තුව ඉහළ දමන බව ඔවුන් සඳහන් කරයි.

පසුගිය වසරේ අග දකුණු කොරියානු නාට්‍යයටක්වන Squid Game හි දෙවන කතා මාලාව සහ සටන්කරුවෙකු බවට පත් වූ, සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන ජේක් පෝල් සහ හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් අතර බොක්සිං තරඟයක් ඇතුළු ක්‍රීඩා මගින් Netflix සමාගම  බලාපොරොත්තු වූවාට වඩා හොඳ ග්‍රාහක සංඛ්‍යාවක් එකතු වී තිබේ.

මේ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ, වෙළඳ දැන්වීම් නොමැති සම්මත දායකත්වය ඇතුළුව සියලුම සැලසුම්වල පාහේ මිල ගණන් ඉහළ යනු ඇති අතර එය දැන් මසකට ඩොලර් 17.99 වනු ඇති. මීට පෙර එය ඩොලර් 15.49 ක් විය.

දැන්වීම් සහිත එහි සාමාජිකත්වය ද ඩොලර් 7.99 දක්වා ඩොලරයකින් ඉහළ යන බව සඳහන්ය.

Netflix  අවසන් වරට අමෙරිකා එක්සත් ජනපදයේ මිල ඉහළ දැමුවේ 2023 ඔක්තෝබර් මාසයේදීවන අතර එහිදී එය එක්සත් රාජධානියේ සමහර සැලසුම් සඳහා පිරිවැය ඉහළ දැමීම සිදුවිය.

ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ නව ග්‍රාහකයින් මිලියන 9.6 ක් එකතු කිරීමට අපේක්ෂා කළ නමුත් එම සංඛ්‍යාව බොහෝ දුරට ඉක්මවා ගොස් පසුගිය වසර අවසන් වූයේ මුළු ග්‍රාහකයින් මිලියන 300 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ බව Netflix  සමාගම පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved