Connect with us

විශේෂාංග

දුරකථන සමාගම්වල පරණ නොම්බර සෙල්ලමින් පාරිභෝගිකයන් අපරාධකරුවන් වීමේ සම්භාවිතාවක්

Published

on

“මුදලාලි වැලි ලෝඩ් එකක් ගන්න පුළුවන් ද? කියුබ් එක කීය ද?” ජංගම දුරකතනය හරහා මෙම ඇමතුම ලැබුණේ, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෙකුට නොවේ.

එම ඇමතුම ලැබුණේ, ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට ය.

ඔහු සේවය කරන ආයතනයේ ම තවත්, මාධ්‍යවේදිනියකට කෙටි පණිවුඩයක් ලැබී තිබිණි.

ඉන් කියවුණේ, මේ වසරේ මෝටර් රථයේ දුම් පරීක්ෂණ සහතිකය අලුත් කර ගන්නා ලෙස සිහි කැඳවීමකි.

ඇය සතුව මෙතෙක් කිසි දිනෙක මෝටර් රථයක් තිබී නැත.

පෞද්ගලික බැංකුවක සේවය කරන තවත් පුද්ගලයෙකුට ලැබුණු ඇමතුමක් හරහා ණය මුදලක් ආපසු දෙන ලෙස දැනුම් දී තිබිණි.

ඔහු කිසිවෙකුගෙන් හෝ කිසිදු මූල්‍ය ආයතනයකින් ණයක් ලබාගෙන නොතිබිණි.

තවත් මෙවැනි සිද්ධි විශාල සංඛ්‍යාවක් පිළිබඳව අපට දැනගන්නට ලැබිණි.

අදාළ සියලු ගැටලුකාරී ඇමතුම් හා පණිවුඩ ලැබී තිබුණේ, අලුතින් මිල දී ගන්නා ලද දුරකතන අංකවලට බව එම සිද්ධි පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ ය.

දුරකතන අංක නැවත නිකුත් කිරීම

ගැටලුකාරී දුරකතන අංක සහ කෙටි පණිවුඩ ලැබී තිබුණු දුරකතන අංක පිළිබඳව තවදුරටත් කළ සොයා බැලීම්වලදී පෙනී ගියේ, එම අංක මීට පෙර භාවිත කරන ලද ඒවා බව ය.

මීට පෙර භාවිත කරන ලද දුරකතන අංකවලට දුරකතන ඇමතුම් සහ විවිධ කෙටි පණිවුඩ හේතුවෙන් එම අංක භාවිත කරන්නන් අපහසුතාවට පත්වන බවට මැසිවිලි නැගේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, යම් දුරකතන අංකයක් ස්ථිර වශයෙන් භාවිතය නතර කර මාස 6ක් ගතවූ පසු නැවත භාවිතයට ගැනීමට අවසර දී ඇති බව ය.

“අපි දුරකතන සමාගම්වලට ඉඩ දීලා තියෙනවා, දුරකතන අංක ස්ථිරව විසන්ධි කරලා මාස 6ක් ගත වුණාට පස්සේ ඒවා නැවත පාරිභෝගිකයින්ට නිකුත් කරන්න. එහෙම කරන්න හේතුව, නම්බර්ස්වල තියෙන හිඟකම.”

අංකවල හිඟයක්

නව අංක නිකුත් කිරීමේදී දුරකතන සමාගම් අංක හිඟයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

“දුරකතන සමාගම්වලින් අලුත් සම්බන්ධතා ගන්නවා විශාල පිරිසක්. ඉතින් අලුත් අංක දෙන එක ලොකු අභියෝගයක්. මොක ද, දුරකතන අංකවල හිඟයක් තියෙනවා,” බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නිලධාරියා ප්‍රකාශ කළේ ය.

විවිධ අංක නිකුත් කිරීමේදී අංක හිඟයකට මුහුණ පා සිටින්නේ, ශ්‍රී ලංකාව පමණක් නොවේ.

අංකවල හිඟය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ පර්යේෂකයින් අධ්‍යයනයන් සිදු කර තිබේ.

ඒ අනුව, හඳුනාගෙන ඇත්තේ, පරිගණකවල IP address සැකසීමේදී ද අංක හිඟය බලපා ඇති බව ය.

ඒ අනුව, IP address නිර්මාණය කිරීමේදී මෙතෙක් භාවිත කළ IPv4 ක්‍රමවේදය වෙනුවට IPv6 ක්‍රමවේදය අනුගමනය කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, ඉදිරියේදී දුරකතන අංක සඳහා ද නව අංකන ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවනු ඇත.

‘වෙන කරන්න දෙයක් නෑ’

ශ්‍රී ලංකාවේ දුරකතන අංකන ක්‍රමය අනුව අංක හිඟයට පිළියමක් ලෙස දැනට දිය හැකි එක ම විසඳුම ඉවත් කරන දුරකතන අංක යළි භාවිත කිරීම බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

“දැනට වෙන කරන්න දෙයක් නෑ. මේකෙන් ඇතැමුන්ට ගැටලු මතු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක තමන් අලුතින් අංකයක් ගත්ත බවත්, කලින් අංකයේ හිමිකරු තමන් නොවන බවත් පැහැදිලි කිරීම තමයි කරන්න වෙන්නේ.”

‘පැමිණිලි කළ හැකි යි’

යම් පාරිභෝගිකයෙකුට අපරාධකරුවෙකුගේ හෝ වෙනත් ප්‍රශ්නසහගත පුද්ගලයෙකුගේ දුරකතන අංකයක් ලැබුණහොත් කුමක් කළ යුතු ද? යන්න අපි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසුවෙමු.

එහිදී, එම කොමිෂන් සභාව දුන් උපදේශය වූයේ, බරපතළ ගැටලුකාරී තත්ත්වයක් නම් පොලිසියට පැමිණිලි කළ හැකි බව ය.

මෙහි තවත් පැත්තක් තිබේ. එනම්, යමෙකු භාවිත කර විසන්ධි කළ අංකයක් අපරාධකරුවෙකුට ලැබුණහොත් හෝ යමෙකු විසින් අපරාධයක් කිරීම සඳහා අදාළ දුරකතන අංකය භාවිත කළහොත් ඇති වන තත්ත්වය යි.

එවැනි අවස්ථාවක දුරකතන අංකයේ පළමු හිමිකරු දැඩි ලෙස අපහසුතාවට පත් වනු ඇත.

කෙසේ වෙතත්, අංකවල පවතින හිඟකම නිසා දුරකතන අංක නැවත නිකුත් කිරීමට අවසර දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

(බීබීසී සිංහල)

පුවත්

මහා බ්‍රිතාන්‍යයේ සම්බාධක පනවන්න බලපෑ සැබෑ හේතුව? (වීඩියෝ)

Published

on

By

මහා බ්‍රිතාන්‍ය විසින් මේ වනවිට ලංකාවේ පුරවැසියන් සිව්දෙනෙක්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින්  සම්බාධක පනවා තිබේ.

ඒ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන පුද්ගලයින්ටයි.

සැබවින්ම මහා බ්‍රිතාන්‍ය විසින් මෙලෙස සම්බාධක පැනවීමට තරම් බලවත් වූ හේතුව කුමක්ද?

මේ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා,

වීඩියෝ –  Voice Tube

Continue Reading

විශේෂාංග

ලෝක ජල දිනය අද යි

Published

on

By

ලෝක ජල දිනය අදට (මාර්තු 22)යෙදී තිබේ.

මෙවර එහි තේමාව “ග්ලැසියර සංරක්ෂණය” යන්නයි.

ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනි දාට යෙදි තිබෙන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍ර‍කාශයට පත් කරනු ලැබුවේ 1993 වසරේදීය.

පෘථිවියේ හතරෙන් තුනක් ජලයෙන් වසා පැවතියත් ඉන් බීමට ගත හැක්කේ 1% ත් වඩා අඩු ප්‍රමාණයකි.

මේ හේතුවෙන් ලොව අඛණ්ඩ පැවැත්මට ජල සම්පත රැක ගැනීම අතිශයින්ම වැදගත් ය.

අපිරිසිදු ජලය පානය කිරීම හේතුවෙන් වාර්ෂිකව ලොව මිලියන 1.4 කට අධික පිරිසක් මියයන අතර තවත් මිලියන 74ක ආයු අපේක්ෂාව පහළ යන බව එක්සත් ජාතීන් පවසයි.

ගෝලීය උණුසුම මතම වරද පටවමින්, ජලය රැකීම යන වගකීමෙන් මිදීමට නොහැකි වන්නේ බොහෝ මිනිස් ක්‍රියාකාරකම් ජල අර්බුදයකට මග පාදා ඇති නිසයි.

ලොවෙහි ශේෂව පවතින ඉතා කුඩා ජල ප්‍ර‍මාණය කළමනාකරණය කිරීමට පිළියම් යෙදීම සියලු රටවල්වල ප්‍රමුඛ වගකීමකි.

මේ වනවිට මෙරට ජනගහනයෙන් 62% කට පිරිසිදු පානීය ජලය ලබා දීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කටයුතු කර ඇත.

2025 වසර වනවිට එය 100% ක් දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කර අවසන්ය.

Continue Reading

විශේෂාංග

ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනය අද යි

Published

on

By

ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනය (World Down Syndrome Day) අද යි.

අද දිනය (මාර්තු 21) ඩවුන් සින්ඩ්‍රෝමය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලොවපුරා වාර්ෂිකව සිදුකරනු ලබන සැමරුම් දිනයකි. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ජයග්‍රහණ පිළිගැනීමට මෙන්ම ඒවා සැමරීමට ද යොදා ගනු ලබන සුවිශේෂී දිනයක් ලෙස අද දිනය සැමරේ.එමෙන්ම ඩවුන් සින්ඩ්‍රෝමය පිළිබඳ සමාජය තුල මුල් බැස ඇති වැරදි වැටහීම් හා මිත්‍යාමත දුරු කිරීමටත්, එම තත්වය පිළිබඳ නිවැරදි ලෙස සමාජය දැනුවත් කිරීමටත් උපකාරී වන දිනයකි.

ඩවුන් සින්ඩ්‍රෝමය යනු?


ඩවුන් සින්ඩ්‍රෝමය යනු ජාන විකෘතිතාවයක් හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්නට හැකිය. එය ජෝන් ලන්ඩන් ඩවුන් නමැති විද්‍යාඥයාගේ නමින් නම් කර ඇති අතර ඔහු මෙම රෝගී තත්ත්වය පිළිබඳව සවිස්තරව අධ්‍යයනය කළ පුද්ගලයා ය. මෙම රෝග තත්ත්වය ට්‍රයිසෝමි 21 (Trisomy 21) යනුවෙන්ද හඳුන්වනවා. එනම් මෙම තත්ත්වයේදී වෙනස් වීමට භාජනය වන්නේ පුද්ගලයාගේ 21 වන වර්ණදේහ යුගලය වන බැවිනි. මිනිස් සිරුරේ සෑම සෛලයකම වර්ණදේහ 46ක් පවතියි. ඒවා යුගල 23 ක් වශයෙන් පවතින අතර පරපුරකින් පරපුරකට අදාළ ගතිගුණ රැගෙන යන්නේ එම වර්ණදේහ මගිනි.

සාමාන්‍යයෙන් කළලයක් නිර්මාණය වීමේදී මවගෙන් වර්ණදේහ 23ක් ද පියාගෙන් වර්ණදේහ 23ක් ද වශයෙන් එම වර්ණදේහ යුගල 23 උරුම වෙනවා. මෙම ක්‍රියාවලියේදී කලාතුරකින් මවගෙන් හෝ පියාගෙන් ලැබෙන වර්ණදේහ 23 න් 21 වන අංකය සහිත වර්ණදේහයහි අතිරේක පිටපතත් දරුවාගේ සෛල පද්ධතියට එකතු වෙයි. එවිට පියාගෙන් ලැබෙන වර්ණදේහය ද එකතු වූ විට 21 වන අංකය ඇති ස්ථානයේ වර්ණදේහ තුනක් බවට පත් වෙයි. මෙලෙස අතිරේක වර්ණදේහයක් හේතුවෙන් ඇති වන ව්‍යාකූලත්වය ඩවුන් සින්ඩ්‍රෝමය යනුවෙන් හඳුන්වනු ලබනවා. ඇමරිකාවේ උපදින සෑම දරුවන් 700කටම එක ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරු උපතක් ඇතුළත් වන බව වාර්තා වෙනවා. එසේම වසරකට මෙවැනි දරුවන් 6 000ක් පමණ එරට උපත ලබන බව ද කියැවෙයි.

මේ සඳහා බලපාන හේතු සාධක

මෙම තත්ත්වයේ දී වෙනස් වීමට භාජනය වන්නේ පුද්ගලයාගේ  21 වන වර්ණදේහ යුගලය යි.

මෙය ඉතා අහඹු රෝග තත්ත්වයක් වන අතර මීට ගොදුරු වන දරුවන්ගේ දෙමව්පියන් බොහෝ විට සාමාන්‍ය ජාන සහිත පුද්ගලයන් වේ. එසේම මෙම තත්ත්වය ඇති වීම සඳහා බලපාන නිසැක හේතුවක් සොයාගෙන නැත.

එහෙත් මෙම තත්ත්වය ඇති වීම කෙරෙහි දරුවා පිළිසිඳ ගැනීමේ දී මවගේ වයස යම් බලපෑමක් වන බව පැවසේ. වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට මෙවැනි දරුවකු පිළිසිඳ ගැනීමේ වැඩි අවදානමක් පවතින අතර මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවන් අතරින් 80%කගේ පමණ මව වයස අවුරුදු 35ට වැඩි වන බවත් සඳහන් වේ. එසේම මේ සඳහා පියාගෙන් ලැබෙන වර්ණදේහ වලින් ඇති බලපෑම අවම වන අතර එය 5% පමණ වන අතර පියාගේ වයසේ බලපෑමක් පිළිබඳව එතරම් තොරතුරු වාර්තා වෙන්නේ නැත.

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවෙකුගේ ලක්ෂණ

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත පුද්ගලයෙකු ඇසුරින් දැකිය හැකි විශේෂිත ලක්ෂණය වන්නේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ සහ භෞතික වර්ධනයේ ඇති වන පසුගාමීත්වය යි. මෙම වර්ධනය ආශ්‍රිතව ඇති වන පසුබෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

එයට අමතරව මුහුණේ සහ ශරීරයෙහි අනෙකුත් අවයව ආශ්‍රිතව ඇති වන පැහැදිලිව හඳුනාගත හැකි වෙනස්කම් රාශියක් ද පවතිනවා. ඒවා අතර උඩු අතට ඇල වූ කුඩා දෙනෙත් පැවතීම, පැතලි වූ නාසයක් තිබීම, කුඩා වූ මෙන්ම හා පහත් වූ කන් පිහිටීම, බොහෝ විට මුඛය විවර වී දිව එළියට වී පැවතීම, කෙටි හා පළල අතැඟිලි පිහිටීම, පළමු හා දෙවන පා ඇගිලි එකිනෙකට ඈත්ව පිහිටීම, කෙටි හා පළල් ගෙලක් තිබීම, හා මාංශ පේශිවල අප්‍රාණිකතාවය ආදිය හඳුනා ගැනීමට හැකිය.

මෙම තත්ත්වය නිසාවෙන් ඇති වන අනෙකුත් සෞඛ්‍ය ගැටලු රැසක් ද පවතී. ඒවා අතර මන්දගාමී බුද්ධි වර්ධනය, හෘද රෝග ඇති වීමේ අවදානම, තයිරොයිඩ් ඌණතාවය, අක්ෂි ආබාධ, ශ්වසන රෝග, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ආබාධ හා ශ්‍රවණය සම්බන්ධ ඌණතා ආදී වශයෙනි.

මෙවැනි දරු උපතක් හඳුනාගැනීම හා එම දරුවන් රැකබලා ගැනීම

නවීන තාක්ෂණය මගින් මෙවැනි දරු උපතක් මුල් ගැබිණි සමයේදීම හඳුනාගැනීමට හැකි අතර දරුවා ඉපදීමෙන් පසුව ශරීර ලක්ෂණ වලට අනුව ද එම රෝගය පිළිබඳව දැනගත හැකයි. එසේම රුධිර පරීක්ෂණයක් මගින් වර්ණදේහ ආශ්‍රිත පරීක්ෂණයක් (karyotype) හරහාද මෙම රෝග තත්වය සනාථ කර ගැනීමට ද හැකියාවක් පවතී.

මෙම තත්ත්වය නිසා සාමාන්‍ය අයුරින් ජිවිත ගත කිරීමට නොහැකි වුණත්, මෙම රෝග තත්ත්වය සහිත දරුවන් ඉතාමත් ආදරණීය සහ ප්‍රීතිමත් දරුවන් ලෙස සැළකේ.

මෙම දරුවකු රැකබලා ගැනීමේදී නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම, ඔවුන්ට විශේෂිත වූ පාසල් හෝ මානසික වර්ධන ක්‍රියාකාරකම් සදහා දරුවා උනන්දු කරවීම ආදිය වැදගත්ය.

මූලාශ්‍රය   https://www.globaldownsyndrome.org

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved