Connect with us

විශේෂාංග

පළාත් පාලනයේ අකීකරු සභිකයාගේ ඉරණම

Published

on

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.

මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.

බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් ⁠මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.  

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති  “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.

⁠දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.

මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.

එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.

මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)

නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන්‍ ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය.  (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.

මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන්  මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.

මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.  

මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය.  සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.

 ✒️ රජිත් කීර්ති තෙන්නකෝන්

තවත් බොහෝ දේ

වම නෙවෙයි මේක. රුසියන් නව කතා පාඨක සමාජය

Published

on

By

ලංකාවේ බහුතරය හදවතින් ‘වාම කඳවුරේ’ ය. රට ගොඩ නැගිය හැක්කේ ‘වම’ට බව ඔවුහු  සිතති. කියති. ලියති. තර්ක කරති. අසන-දකින-බලන අය ‘වම’ ට විසිල් ගසති. ලංකාවේ ඡන්ද සමයට අටවා ගන්නා ‘වාම කුඩාරමක් මිස’ වාම ව්‍යාපාරයක් දැන් නැත. ලංකාවේ ඇත්තේ ‘රැසියන් නවකතා පාඨක සමාජයකි’. බණ්ඩාරනායක, සිරිමා,ඇන්.එම්., පිලිප්, කේනමන්, චන්ද්‍රිකා, මහින්ද, සෝමවංශ, පමණක් නොව ජේ.ආර්.ජයවර්ධන පවා ‘වාම සංකල්පය’ මේ රැසියන් කතා පාඨක සමාජයට අලෙවි කළේය.

සෙමෙන් නමුත් ස්ථිර ලෙසම නැවතත් ආර්ථික අර්බුදයකට යමින් තිබෙන රට,  ගොඩ ගත හැක්කේ ‘වම’ ට ද? දකුණට ද? යන සංවාදය ආරම්භ වී ඇත. ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූ ‘දකුණට බැට දීමට’ වමේ හණ මිටියට කර ගහන පිරිස් බලය උදෙසාම මේ වම – දකුණ සංවාදය පාවිච්චි කරන්නේ ය. ‍ ලංකාවේ ‘වම’ සහ ‘දකුණ’ අතර ඇත්තේ පට්ටපල් දේශපාලන මිත්‍යාවකි.  ‘වම’ ප්‍රතිශිලී යැයි ද, ‘දකුණ’ සූරා කන්නේ යැයි ද මතයක් ඇත. මේ මතය ‘රැසියන් කතා පාඨක සමාජයේ’ ම නිර්මාණයකි.

1947 මහා මැතිවරණය ජයගත්තේ ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූ ‘දකුණු’ කඳවුර හෙවත් ප්‍රභූ දේශපාලනය යි.  එයට දකුණේ ද, උතුරේ ද ලංකා ජාතික සභාව නායකත්වය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය හා උතුරේ කුලවත් ප්‍රභු කණ්ඩායම් ය.

1952 දී එජාපයෙන් බලය බිඳීම සඳහා ‘වාම ලේබලය’ අලවා ගැනීමට දකු‍ණු කඳවුරේම පිරිසක් කටයුතු කළේය.   ධනවාදයේ හෙවත් ‘දකුණු’ කඳවුරේ ‘වතිකානුව’, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ඔක්ස්ෆර්ඩ් ගිය බණ්ඩාරනායක 1956 ‘වම’ එකතු කරන මුවාවෙන් දැවැත්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹීය. රැසියන් පාඨක සමාජය ධනපති බණ්ඩාටත් වම යැයි සිතා  රැවටුණේය.  

එජාපයේ බලය බිඳින්නට පාඨක සමාජය එක් කොට ගත හැකි කොඩිය ලෙස ‘වාම ලේබලය’ අටවා ගත්තේය. චූල සම්ප්‍රදායේ දේශපාලන කඳවුරට පොදු හතුරෙකු අවශ්‍ය විය.  ඒ පොදු සතුරාගේ නාම කරනය ‘දකුණ’ ය.  

1960 මාර්තු මහා මැතිවරණයෙන් ‘දකුණ’ හෙවත් එජාප ය ජයගත්තේය.  බණ්ඩාරනායක ද, සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු ‘වම’ එක කඳවුරකට පැමිණ 1960 ජූලි මැතිවරණයෙන් ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය, එනම් එජාපය පරාජය කළේය.  රාජ්‍ය බලය ලබාගත්තා හැර සිදු කළ  ආන්ඩු වෙනසක් නැත.  ධනවාදී සූදුරු ඇටයට ‘වාමාංශික’ සීනි තැවරුණු හූණු බිජ්ජක් ‘වාම ආණ්ඩුව’ ලෙස ජනතාව සලකන්නට පටන් ගත්තේය. එවර ද, රැසියන් පාඨක සමාජය නැවත  සිරිමා – ඇන්.එම්. ගේ ‘වමට’ රැවටුණේය.

නැවත 1970 මහා මැතිවරණයේ දී බලය ලබා ගැනීම සඳහාම ‘වාමාංශික එක්සත් පෙරමුණ’ අටවා ගත්තේ ‘දකුණට කෙළවා බලය ලබාගැනීමට’ ය. ආණ්ඩුවේ කෙළිකාරයෝ වුයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි ජේ.ආර්.ටත් වඩා මර්ධනකාරී, ධනපතියන්ය. ජවිපෙ නිර්ධය ලෙස මර්ධනය කළෝ ඔවුහුය. මේ ‘වම’ ද ඇන්.එම්. සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියේය. දකුණට කතා කරන ඇමතිවරු ද, රැසියානු කඳවුරට කතා කරන ඇමතිවරු ද, එකම ආණ්ඩුවේ විය.  රැසියන් පාඨක සමාජය සිරිමා-ඇන්.එම්. ආණ්ඩුව ‘වම නොවන බව’  1971 කැරැල්ලේ දී වත් අවබෝධ කර ගත්තේ නැත. බලය ගිලිහෙන විට 1976 වමේ නායකයෝ දුම්රිය පීලි ගලවමින් ජේ.ආර්.ට හයෙන් පහක බලයක් ලබා දෙන්නට ඉදිරියට පැමිණියේය. යැංකි ඩිකී ජේ.ආර්. පවා  1975 -1977 සමයේ මේ රැසියන් පාඨක සමාජයට ‘සමාජවාදය’ ඉඟි කළේය. 1978 දී අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්’ බවට පත් කළේය.

දකුණ හෙවත් එජාපයෙන් බලය ගැනීමට නැවත 1982 ජවිපෙ ද, 1987 දී එක්සත් සමාජවාදී පෙරමුණ ද, පසුව 1988 – 1990 දී ජවිපෙ ද, ‘වම’ ඉස්සරහට දැමීය.    1994 චන්ද්‍රිකා කුමාරතුංග ‘වම’ යැයි කියමින් එජාප (දකුණ) විරෝධී සියළු බලවේග එකතු කර ගත්තේය.  චන්ද්‍රිකා ආණ්ඩුවේ තිබුණු ‘වමේ ප්‍රතිපත්තියක්’ නැත. තිබුණේ බලය ලබා ගැනීමට අතුල මාවලගේ  ලියූ දැන්වීම් පාඨ පමණී.

නැවත, 2001 දී ආර්ථික අර්බුදයක් මතුවී, රට අරාජික වන විට ජනතාව දකුණ හෙවත් එජාපයට බලය දුන්නේය. ඒ බලය රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් විගසම, නැවත ‘වමේ වලිප්පුව’ ඉස්සරහට දමා චන්ද්‍රිකා සහ ජවිපෙ ‘පරිවාසය ආණ්ඩුවක්’ අටවා ගත්තේය. මහා මැතිවරණයේ වැඩිම මනාප ලබා ඇමතිකම් ගත්තේය. චන්ද්‍රිකා – සෝමවංශ එකතුවෙන් නියම වමක් ඇතිවේ යැයි පාඨක සමාජය සිතුවේය.  

සුනාමි ව්‍යාසනයෙන් පසුව ද, මහින්ද – ජවිපෙ සන්ධානය 2005 ‘වාම ලේබලයෙන්’ ජනාධිපතිවරණයට එන්නේ ‘දකුණේ බලයට’ පැරදවීමටය. රැසියන් පාඨක සමාජය චන්ද්‍රිකාගේ වමට වඩා මහින්ද එක්ක හදන ‘අල්ට්‍රා මැක්ස්’ වමට කැම්පේන් කළේය. හඳුන්නෙත්ති ,  නාමල් රාජපක්ෂට ලියාදුන් පළමු කතාවට පවා පාඨක සමාජය රැවටුණෝය.  

2010 දී ද, 2015 දී ද ජවිපෙ ප්‍රමුඛ වාම කඳවුරට, දකුණ සමඟ එක්වන්නට සිදුවන්නේ ප්‍රතිපත්ති නිසා නොව, පණ බේරාගැනීමට ය. 2015 දිනුවේ ‘වාම මෛත්‍රී හෝ දක්ෂිණ රනිල් නොව’ මරණයේ බියයි. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවයි.  එදා මරණ බිය විසින් ‘රැසියන් පාඨක සමාජය’ බටහිර තානාපති කාර්යාලය, රාජ්‍ය ‍නොවන සංවිධාන වටා ගොනු කරනු ලැබීය.

නිදහසින් පසු ලංකාවේ අසාර්ථකම පාලකයා වූ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ ද, විමල්, ඩලස්, කොමියුනිස්ට්, සම සමාජ, වාසුදේව වැනි ‘වමේ සළුපිළි ආවරණයක්’ සහිතව බව බොහෝ දෙනාට  අමතකය.  රැසියන් කතා පාඨක සමාජයේ කොටසක් රනිල් ලඟ ද, තවත් පිරිසක් මහින්ද ලඟ ද, තාවකාලිකව නැවතුණේය.
ගෝඨාභය ගේ නාමික වාම ආණ්ඩුව අරගලය විසින් ධනපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවක් බවට පත් විය.  රනිල් ‘වම්මු’න්  සමඟ දකුණේ ආණ්ඩුවක් කළේය.  වම්මු, දකුණු කඳවුරට එරෙහිව වෛරයේ කඳවුර නිර්මාණය කළේ ‘225 ම එපා’ සේරම හොරු කියමිනි.

76 වසරක සාපය යැයි කිවේ ද, කාලයෙන් කාලයට රූපාන්ත්‍රණය වූ මේ ‘රැසියන් පාඨක සමාජය’ මය. තමන් වසර 76 ක් එක දිගට ‘වම’ට රැවටී ඇති බවත්, මේ සැරේ නම් නියම ම ‘වම’ හමුවී ඇතැයි ඔවුහු සිතූවෝය.  

2024 රටේ ආර්ථික ස්ථාවරත්වයේ ගමන් මඟ ද, නොතකා ‘දකුණට කෙළවීමට’ වාම ප්‍රතිප්තිය ඉදිරියට ගත්තේ ජවිපෙ යි. එයට සෝවියට් සඟරා, නවකතා කියවූ අපේ පරපුරේ අති මහත් පිරිසක් ද, රාජ්‍ය සේවකයින්ගෙන් 70% ක් ද කර ගැසුවේය.  

අද ධනපති ජේ.ආර්.,  චන්ද්‍රිකා, මහින්ද, රනිල් වලව්කාරයින්ට වඩා හොඳට ජවිපෙ දකුණේ න්‍යාය පත්‍රය ‘වමේ ආණ්ඩුව යැයි කියන ගමන්ම’ කරමින් සිටී. බදු ගැසිල්ල, අයි.එම්.එෆ්. න්‍යාය පත්‍රය, ලෝක බැංකු ව්‍යාපෘතිය පමණක් නොව බ්‍රික්ස් සමුළුවට ලැබුණු ආරාධනයවත් පිළිගන්නේ නැති ‘වාම ආණ්ඩුවක්’ අද ඇත. වත්මන් ‘වම’ ඇමරිකාව සමඟ කරන ගණුදෙනුව ජේ.ආර්. – රනිල්  වත් කළේ නැත.  ජේ.ආර්.,  මැක්නමරා ලඟ නැවුණාට වඩා, අනුර ට ක්‍රිස්ටිනා ජොර්ජියානා  ‘බ්‍රාවෝ’ ලූ ය.  මංගල සමරවීර – USAid සමන්තා පවෙල් හවසකට අඩියක් ගසා මිතුරන් ලෙස සිටි ‘දකුණකි’. අද වමේ ඇමතිලා වෙනුවට රාජ්‍ය නිලධාරි වොෂින්ටන් ගොස් අඩියක් ගසා,  ඒ න්‍යාය  පත්‍රය ගොඩිය පිටින් වැලඳ ගනී. විශ්‍රාම ගිය පසු ඒ ආයතනයේ ම රැකියාවක් ලබා ගන්නට මාවත සකසා ගනී.

දකුණට කරන්නට බැරි වූ බොහෝ ‘ධනපති වැඩ’, මාලිමා ආණ්ඩුව තිතට, හැඩට මිම්මට කරති.  බදු ගසති. දේව භාෂිතය සේ අයි.එම්.එෆ්. අදහති.  මහින්ද – රනිල් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන සමඟ සිටියේ ‘සම අසුන්වල’ ය. අද ආණ්ඩුව ඉන්නේ බංකුවේ නොව පැඳුරේ ය.

ලංකාවේ හැමදාම තිබුණේ අභිමානවත් ‘දකුණ’ කි. ඒ දකුණට කෙළවීමට කාලයෙන් කාලයට අටවා ගන්නා සන්ධානයට ලැබුණු නම ‘වම’ ය. මේ අටමගල, යථාර්ථය, සත්‍යය තේරුම් ගත නොහැකි බහුශුතයෝ ‘දකුණ’ මාර්කට් කළ නොහැකි බව කියති.  

මේ මිත්‍යාව හැදුවෝ ද ‘වම්’ මු ම ය. 1965 පිලිප් ගුණවර්ධන වාම නායකයා ඩඩ්ලි ලඟට ආවේ ය.  1977 විජේවීර ජේ.ආර්. ට හයිය දුන්නේය.  2001 රනිල් අගමැති වුනේ එස්.බී., ජී.එල්., කිරිඇල්ල, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන, රාජිත වැනි වම නිසා යැයි ඔවුහු කියති.  ප්‍රේමදාස ජනපති වූයේ ද ඔසී, සරත් කෝන්ගහගේ, රාජිත වැනි වම්මු නිසා යැයි ද කියති. මෛත්‍රී ජනපති වූයේ ‘වම’ නිසා යැයි කියති.  ඒ සියල්ලම ‘වම’ නොව, රැසියන් නවකතා පාඨක සමාජය බව  අමතක කරති.

අම්මා, පෙරළුණු නැවුම් පස, ගුරු ගීතය, සැබෑ මිනිසෙකුගේ කතාව, මගේ සරසවිය, ළමා විය ආදී වශයෙන් ද, කියවූ 60 සිට 90 දක්වා යුගවල අපි සියළු දෙනා රැසියන් නවකතා සමාජයේ පාඨකයින් ය. පොත් පිටු නැවුම් සුවඳ ආශ්වාදය විදි මිනිසුන්ය. ලංකා දේශපාලනයේ ‘වම’ බවට මේ පාඨක සමාජය අර්ථ ගැන්වීම මිත්‍යාවකි.
රනිල් 2022 දී ජනපති වූයේ ද, මේ රැසියානු පාඨක සමාජයේ ක්‍රියාකලාපය නිසාය.  ඒ සමඟම මේ වම යැයි කියාගන්නා රැසියානු කතා පාඨක සමාජය හරිනි, හර්ෂණ නානායක්කාර, උපුල් කුමරප්පෙරුම, අශෝක පීරිස්, සමඟ මාලිමාව යැයි ‘වමක්’ සාදා ගත්තේය.

ඩිලාන් හා වාසුදේව සිටින්නේ කොතැන ද? එනැත ‘වම’ යැයි අදහන පිරිසක් අදත් ලංකාවේ සිටිති. ටිල්විල් – අනුර – ලාල් – හඳුන් – වසන්ත – නලීන් කොතැන ද? එතැන ‘වම’ යැයි සිතන පිරිසක් තවත් ඉතිරිව ඇත. තව ටික දවසකින් ‘වම’ නිර්මාල් සිටින තැන ද? හරිනි සිටින තැන දැයි සිතන්නට පාඨක සමාජයට සිදුවන්නේය.  ඇත්තටම වම යනු නිර්මාල් මිස හරිනි නොවන බව මේ පිරිස තර්ක කරනු ඇත. හරිනි අවශ්‍ය වූයේ ඡන්දය දිනන්නටය.  දැන් ඡන්දය දිනා අවසන් බැවින් ‘පාඨක සමාජයට’ හරිනි තවදුරටත් වමක් විය යුතු නැත.

ලංකාවේ රාජ්‍යකරණයේ මහා සම්ප්‍රදාය ‘දක්ෂික මාවත’ යි. බලය ලබා ගැනීමට නම් මානසික අල්ලසක් වන්  වූ ‘වාම ලේබලය’ අවශ්‍යය. වාම ලේබලයෙන් විතරක් ‘ඡන්ද දිනිය නොහැකි බව’ ජවිපෙ දනී. මාලිමාවට බලයට එන්නට ධනපති  ශැන්ගිලා, කින්ස්බරී හෝටල් වල සමුළු සම්මන්ත්‍රණ අවශ්‍ය වූයේ ඒ නිසාය.

දැන්, ජේ.ආර්., රනිල්ට කළ නොහැකි ධනපති වැඩ කරන අයි.එම්.එෆ්., ලෝක බැංකුව අතේ නැටවෙන ‘වමේ ආණ්ඩුවක්’ ඇත. ඒ ආණ්ඩුවට ආශක්ත වූවෝ, ‘දකුණට’ අනාගතයක් නැතැයි කියති!

අප්‍රිකාවේ මිලිටරි රාජ්‍යයන්ට වත් ඉටු කරන්නට බැරි වූ, අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන ‘වාම රාජ්‍යයක්’ අද තිබේ. ධන බදු පමණක් නොව, දේපල බද්ධ ද, ජනතාවට ය.  18% ක ඊ කොමස් බද්දක් ගහන්නට හැකි තැනට ‘බදුකරණය දේව වාක්‍ය’ කරගත් වමේ ආණ්ඩුවකි. සජිත් – ජලනී ආණ්ඩුවක් යටතේ කිසිම දවසක කරන්නට හිතන්නේ වත් නැති ‘ධනපති වැඩ කරන’ ආණ්ඩුවකි. රත්තරං අශ්වයින් වෙනුවට දැන් පිරිසම ‘රත්තරං ප්ලග් පොයින්ට්’ අටවති.

දකුණු කඳවුරට විරුද්ධ ‘වාම ලේබලය’ අලවා බලයට පත්වන සෑම ආණ්ඩුවකටම ඉතිහාසය පුරා සිදුව ඇත්තේ මාස හතර පහකින් ‘වම – දකුණ’ මාරුවීම ය.

මැතිවරණයක දී බලය ලබා ගැනීමට ඡන්දදායකයින් අලෙවි කරන ලේබලයක් මිස ලංකාවේ අද ‘වාම දේශපාලන ව්‍යාපාරයක්’ නැත. අද ‘වම’ යැය තමා තමන්ටම ලේබල් ගසා ගන්නේ 70 -90 දශකවල රැසියන් නව කතා, කෙටි කතා, ප්‍රචාරක පොත පත කියවූ මධ්‍යම පාන්තික සමාජයකි. එය ‘රැසියන් නවකතා පාඨක සමාජයක් මිස’ වාම ව්‍යාපාරයක් නොවේ. ප්‍රමාණයෙන් විශාල මේ පාඨක සමාජයේ ඡන්ද පොකුරු සිය අපේක්ෂකයාගේ ‍ඡන්ද ගොඩට එක් කර ගැනීමට ‘වාම කඳවුර’ ලේබලය පක්ෂ නායකයින් විසින් අලවා ගනී. එයින් බලය ලැබූ මොහොතේ සිට මේ පිරිස සාද දමන්නේ ද, බාල් නටන්නේ ද, උපදෙස් ගන්නේ ද, වැඩ කරන්නේ ද, අන්ත දක්ෂිණාංශික කඳවුර සමඟය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු සමඟය.

වසර පහකට සැරයක් මේ රුසියන් නව කතා පාඨක සමාජය නින්දෙන් අවදි වී ‘වාම ලේබලය’ අලවා ගත් ඩක්කුවකට ගොඩ වන්නේය. එතැන් පටන් ‘උප්පතිය සමඟ අවසානය හෙවත් මරණය ද’ පිළිසිද ගන්නේ  මෙන් අලුත් වටයකින් රැවටුණු බව පමණක් අවබෝධ කර ගන්නට පටන් ගනනේ ය.  

රටේ ආර්ථික ප්‍රශ්නය ට උත්තර ඇත්තේ මේ රාජ්‍ය බලය ව්‍යාපෘති ලේබලය අලවාගත් ‘වමේ’ නොව, ශක්තිමත් දක්ෂිනාංශික වැඩපිළිවෙලක බව රැසියානු කතා පාඨක සමාජය දැන්වත් තේරුම් ගත යුතුව ඇත.  

✍️රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

ගැලඩිස් වෙඩි තබා මැරීම, මහේෂි ගිලටීනයට යැවීම හා ඖෂධ මාෆියාව

Published

on

By

මම මේක දිහා බලාගෙන හිටියා. ලංකාවට කුවේණිගේ ශාපේ වැදිලා කියන එක හරි. ඒ ගැන අපි දන්නවා.

ඒ වගේම ලංකාවේ ඉන්න විජයගෙන් පැවත එන ජානමය හැඩරුව අනුව ඇති ජනතාව, කුවේණිට වද දීපු ලෙසම කව්රුහරි ගෑනියෙක් අල්ලගන්නවා. අනික් අතින් කුවේණිගේ සහෝදරයෝ වෙච්ච සෙට් එකේ ජාන ඇති අයත් එහෙමයි: ඔය රට දුවන්නේ ගෑණු බයිට් කරලා, මේක අපි කාලයක් බලා ඉන්නවා.

සතියෙන් සතියට සති 52 දෙකක්. හැබයි හරිනි වගේ වෙන ලෝකෙක ඉන්න කෙනෙක් ව පක්ෂ භේදයක් නැතිව ආරක්ෂා වෙනවා. කොහොම නමුත් මේ පුර්විකාව එක්ක මගෙන් ලියවෙන කෙටි සටහන.

1-  වෛද්‍ය මහේෂි විජේරත්න කියන්නේ හිටපු ඇමතිවරයෙක් ගේ දුවෙක්. විදේශ අධ්‍යාපනය ලබපු. සජිත්ගේ අතීත පෙම්වතිය. ඒ වගේම එංගලන්තයේ වෛද්‍යවරියක් ලෙස තම කටයුතු කරන්න අදටත් හැකියි. ලංකාවේ ඉන්න ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් අතලොස්ස අතින් ඉන්න එකම ස්ත්‍රිය වගේම ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරක් දරන එතුමිය පොලිස් රෝහලේ වැඩ කරන්නේ වැටුප් රහිතව.

2 – ජනාධිපති අනුර ඉන්දියා ගිහින් ගහපු, හංගන ගිවිසුම් වල ලංකාවේ භාණ්ඩ ආනයනය, ඖෂධ ආනයනය ගැන ගිවිසුම් ඇතුලත්. ඒ ගිවිසුම් හංගලා ලුණු කැටේ ඉඳන් බොරු හේතු දාලා තමන්ගේ මල්ටි ප්ලග් ආණ්ඩුව එක්ක ලංකාවේ වෙළඳපල ඉන්දියාවට පාවා දීලා ඉවරයි.

3 – ඉන්දියාව යනු යුරෝපයේ ෆර්මා හබ් එක. ඒ වගේම ලෝකයේ ඖෂධ සපයන්නන් අතර 3 වෙනි තැන. ලංකාවේ භාවිතා කරන ඖෂධ වලින් 80% ඉන්දීය ඖෂධ. කෙහෙළිය හිරේ ඉන්නෙත් ඉන්දීය ඖෂධ මාෆියාවේ උගුලට කැමැත්තෙන් අහුවෙලා. ඉතිරි 20% ඇල්ලීම ඉන්දීය අරමුණ. ලුණු 100% ඇල්ලුවා වගේ. හංගන ගිවිසුම් වල ට අනුව.

4 – වෛද්‍ය මහේෂි තමන්ගේ බටහිර නැමියාව අධ්‍යාපනය හා භාණ්ඩ වල ගුණාත්මක භාවය එක්ක බටහිර වෛද්‍ය උපකරණ නිර්දේශ කරන එක සාමාන්‍යයි. හරියට හරිනි ඉන්දියාවේ අධ්‍යාපනය ලබලා ඉන්දීය කුර්තාව ජාතික ඇඳුම කරගෙන ඉන්නවා වගේ.

මොළයේ ස්නායු සැත්කම් දෙතුන් වතාවක් කරන්න පුළුවන් සැත්කම් නෙවෙයි. සැත්කමක් තනිව කරන්න බැහැ. ඒ අනුව මහේෂිට තිබෙන චෝදනා මිය ගිය අයත් සැත්කම් වලට භාජනය කරපු බව මාලිමාවේ ගජබින්නාලන්කාරයේ හිස්ටීරියා ලක්ෂණ. මේක වෛද්‍යවරු දන්නවා. හැබයි මහේෂි වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.

මහේෂි කරන්නේ තමන්ගේ පුරුදු උපකරණ යොදාගෙන සැත්කම් කිරීම. නුපුරුදු දේට ගිහින් බාල ඉන්දීය උපකරණ වලට ගිහින් රෝගීන්ගේ ජිවිත මේ දෙතුන් පාර කරන්න බැරි හිසේ සැත්කම් වලින් මරා නොදාමා යම් ජිවිත කාලයක් දිනා දීම අගය කල යුතුයි.

5 – මහේෂිට චෝදනාව කරන්නේ වයස අවුරුදු 80ක සැත්කමකට ලක්වෙච්ච පියෙක්ගේ පුතෙක් වගේම යු ටියුබ් මාධ්‍යවේදියෙක්. අවුරුදු 80වේදී ඔය වගේ සැත්කමක් කරලා ජීවත්වෙලා ඉන්නවා කියන්නෙම සැත්කම හා උපකරණ සාර්ථකයි කියන එක. හැබැයි ඉතින් එයාගේ පුතා එනම් ඔය යු ටියුබ් වීරයන්ට පැවරෙන රාජකාරී අපි දන්නවා නෙව.

6 – මහේෂි ගේ පොලීසියේ නිලය අනුව එයාව අත්අඩංගුවට ගත්ත විදිය සම්පුර්ණ ප්‍රේහෙලිකාවක්. ඇයව අත්අඩංගුවට ගන්න පුළුවන් ඇයට එක නිළයක් හෝ ඉහල හෝ එම නිළයේම ඇයට වඩා ජ්‍යෙෂ්ට කෙනෙකුට පමණයි. එය මේ මොහෙතේ ඉෂ්ට වී නැ. අල්ලස් කොමිසම ඇයව අත්අඩංගුවට ගත් නිලධාරියාගේ දේපල ගැන විමර්ශනය කිරීම මේ පරීක්ෂණයේ කොටසක් ලෙස කල යුතුයි.

7 – ඉහත 6 කරුණ අපි කියන්නේ මහේෂිට ඉන්දීය තානාපති කාර්යාලයේ සේවකයෙක්ගෙන් ලැබෙන ඔෆර් එකක් ප්‍රතික්ෂේප වීම හා එවපු සාම්පල ප්‍රතික්ෂේප කිරීමත් එක්ක 2023 සිද්ධියක් අනුව පැමිණිල්ලක් ඉදිරිපත්  වීම.

2023 අර්බුදය හා කොවිඩ් වලින් නොමිදුණු සෞඛ්‍ය අංශ තුල වුවත් ඔය යු ටියුබ් මාධ්‍යවේදියාගේ පියාට එම මුදලට සැත්කමට අවශ්‍ය උපකරණ හා සැත්කම සිදු වී පියා ජීවත්වීම භාග්‍යයක්. එසේම වෛද්‍ය මහේෂි ඔහුගේ චෝදනා අනුව ඔහු විසින් ගෙවූ මුදල පවා ආපසු ගෙවා තිබීම. ඒ නිසා අල්ලස් කොමිසම පැමිණිලිකරුගේ දේපල පරික්ෂාවක් නොකර කරන පරීක්ෂණය වැරදියි. මොකද මෙතන සිද්ධිය අභව්‍ය මානසික තලයක තිබෙන නිසා.

8 – මහේෂිගේ සිද්දිය හරහා ඉන්දියානු ඖෂධ මාෆියාව අපේ රටේ ගුණාත්මක වෛද්‍යවරුන්ගේ සේවය ට පහර ගසා හෝ ඔවුන්ගේ ඖෂධ වලට වෙළඳ පල සකසා ගැනීම හා ආණ්ඩුව ගිවිසුම් ප්‍රකාරව නිතීය යුක්තිය අවභාවිතා කරමින් එම මාෆියාවට සහය දක්වනු ලබන බව ඔප්පු වෙනවා.

9 – මේ වගේ කෙණෙහිලි කම් නිසා ලංකාවේ උගත් වෛද්‍යවරු රටින් පිටවීමට අදහස් කරීම විමතියට කාරණයක් නෙමෙයි. දැනටත් හෙදියන් හා වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර ගිහින්. ඉන්පසු හරිනිලාගේ පෞද්ගලික ඉන්දීය විශ්විද්‍යාල වලින් බිහි වුනු දොස්තර වරුන් ලංකාවේ සේවයට කැඳවනු ඇත. KDU අකුලාගත් තීන්දුව පිටුපස තිබු යටි අරමුණත් මෙයයි. අපේ වැඩිහිටියන්ට දොස්තර ලා ගෙන් බෙහෙත් ගැනීමට හින්දි භාෂා පාටමාලා ඉන්දීය එම්බසිය මගින් ගමින් ගමට යෝගා පන්ති මෙන් බිහි කරනු ඇත.

10- ලංකාවේ දක්ෂ වෛද්‍යවරු 56 සිංහල භාෂා කෙළියෙන් ලැබුණු වරමින් බහුතර සිංහල වන වෛද්‍යවරු.. (80  දශකයට වන විට වැඩිම වෛද්‍යවරු දෙමල භාෂාව කතා කරන අය) මේ අනුව ලෝකය පුරා රටවලට එලවා ගැනීමෙන් පසු ඉන්දීය වෛද්‍යවරු ගෙනවිත් සේවය කරන බවට ආණ්ඩුවේ බලලා මල්ලෙන් එලියට පැන ඇත. ඒ අනුව මහේෂි බිලිවෙමින් සිටින්නේ ඉන්දීය ඖෂධ මාෆියාවට හා ඒ හරහා ඉන්දීය වෛද්‍යවරුන්ගේ සේවය ලංකාව තුල සැලසුම් කරන, දිගු ක්‍රියාදාමයක් ආණ්ඩුව කරමින් ඉන්න බවට මෙයින් වැටහේ.

තම තම නැණ පමණින් මෙය වටහා ගත යුතුය. ලංකාණ්ඩුවට දැනට මුහුණ දීමට ඇති භුමරංග කරුණු දෙකක් තිබේ. පළමුව දේශපාලන වේදිකාවල නැගපු ශානිය. දෙවනුව වෛද්‍ය මහේශීය. වෛද්‍ය මහේෂි ඇගේ ඇති සමාජ සම්බන්දතා අනුව වඩාත් භයානක ම කරුණ වන අතර ලංකාවේ දොස්තර වරුන්ගේ අනාගතය  වෙනුවෙන් මහේෂි බිල්ලට දීමට වඩා ආණ්ඩුවට ගෙදර යාමට පැක් කර ගැනීමක් ඒ හරහා උද්ගත විය හැකිය.

එදා ගැලඩිස් ජයවර්ධන වෙඩි තබා මාර දැමීම හා මහේෂි ගිලටීනයට දැක්කීම මට නම් සමාන සිද්ධි දෙකකි. ඒ දෙදෙනාම සමාන පවුල් පසුබිම්න් පැමිණීම හා වෛද්‍ය අංශවල ඉහල අධ්‍යාපනයක් ලැබූ කාන්තාවන් වීමය. එදා ග්ලැඩිස් ජයවර්ධන දරුවන් වෙනුවෙන් මුදාගත් බෙහෙත් තොගය ගෙන්වුයේ කුමන රටකින්දයි හඳුනා ගත හැකි නම් එතුමියව මැරීමට කොන්තරාත්තුව දුන්නේ කව්දැයි වටහා ගත හැකිය.

කෙසේ නමුත් ජාත්‍යන්තර ඖෂධ මාෆියාව අපේ රටේ සේනක බිබිලේලා තවත් බිලිගමින් ඉන්න බවත් ආණ්ඩුව ඒවාට සහය වන බවත් කෙහෙළියගේ සිද්ධියෙන් තුවාල වී සිටින ඉන්දීය ඖෂධ වල නිවැරදි තාවය, ආණ්ඩුව ලඟකදී තහවුරු කල බවත් සිතන විට මහේෂි වෙනුවෙන් ජනතාව පෙනී සිටිය යුතුව ඇත. ඒ ආණ්ඩුව ඉන්දීය උවමනාව ඉෂ්ට කිරීමට බැඳී ඇති බැවිනි.

(සටහන | සුභාෂිනී විෆ්ලර්)
විධායක අධ්‍යක්ෂිකා,
ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය
ජර්මනිය
උපුටා ගැනීම – Subhashini Wipfler ෆේස්බුක් පිටුවෙන්…

Continue Reading

විශේෂාංග

භාතිය නම් (වල්)  අලියා සහ චෙම්මෙනයි හි (පර) දෙමලා

Published

on

By

ශ්‍රී ලංකාව,  ජනගනය අනුව ස්වේච්චාවෙන්  ගෙවීමක් නැතිව  ඇස් සහ ලේ දන් දෙන  රටවල් පෙළේ ඉහලම රටක්. ඇස දන්  දීම ගැන අනිත් රටවල් බොහොමයකට වඩා අපි හුගාක් ඉදියෙන්

දැන් අපි දන් දෙන ඇස් පිටරට අයගෙත් පෙනීම දෙනවා. ජාතියක් හැටියට මොනතරම් දයාවින්ත ගෞරවයක් ද? 

මේ දන් දීම 95% ක් ම කරන්නේ සිංහල බෞද්ධයන්ය.මොකද,

1. දානය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම සියුම් නිසා
2. කුල චින්තනය නිසා ලේ ඇස් දැන් දීම පිලිබඳ ව දෙමල සමාජ සංස්කෘතිය තුල දරුණු බෙදීම් තියෙනවා
3. ශාරික උත්තානය ගැන අදහන නිසා කතෝලිකයන් ඒ පිළිබඳ නිහඬයි
4. අවයව දානය හරාම් නොවුනත් මුස්‌ලිම භක්තිකයන් ඒ ගැන යුහුසුළු වෙන බවට සාක්ෂි නැති තරම්ය

මාක්ස්වාදී-ලෙනින්වාදය සහ ජාතිකවාදය වැනි “ලෞකික ආගම්” විමර්ශනය කිරීමේ දී සක් සුදක් සේ පැහැදිළිවන වෙනස මෙය වනු ඇත එකක පවතිනදේ කඩා දමන්නටත් අනෙක පවතින දුඛ නිවන්නටත් යොමු වීම ආධ්යාමික   හෝ ලෞකික වේවා, සියලුම ලෝක දර්ශනවල චාරිත්‍රානුකූල අංග – නමස්කාරය, භාවනාව, වන්දනා ගමන සහ පූජාව – සහ මූලධර්ම හා  මෙමෙ දානය නම්  කඩ ඉමෙන් වෙන් වෙන බව මගේ පරි කල්පනයයි

ඉතින් ඒ අතින්  සිංහල බෞද්ධයන් ලෝක සමාජයේ සහනුකම්ප්ත තලයේ ලොව උතුම් වූ ජාතියක් ය

නමුත්,
දේශපානය ඉගන ගන්න කෙනෙක් හැටියට මගෙන් පිටරට විද්වතුන් අහන ප්‍රධාන පළමු පෙලේ ප්‍රශ්නයක් තමයි:
ගහ  කොළ
සතා සිව්පා උරගා
ඇල දොළ මලට
ආදරය කරන
නොදන්නා මිනිසුන්ට තමන්ගේ ඇස් දෙක දෙන
මෙච්චර යහපත් සිංහල මිනුසුන්,
ජාන වශයෙන්
සංස්කෘතියෙන්
භාෂාවෙන්
එකම පොළවෙන්
තමන්ට මේ තරම් සමීප
දෙමලුන් පිළිබඳව සංවේදී නොවන්නේ ඇයි?

මේ තරම් ගැඹුරට ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ, යොදවන්නේ කොහොමද කියන එක මට මතක විදියට මහාචාර්ය SJ තම්බිය්යා ඔහුගේ ලෝකප්‍රකට “Buddhism Betrayed ?” (1984) කෘතිය පටන් ගන්නේ මේ ප්‍රශ්නයෙන් නමුත් ඒ පොතම ඒ ප්‍රශ්න කිරීමම මැරෙන තුරාවට ඔහුට ලංකාවට එන්න බැරි කළා ( පොත නිළ වශයෙන් තාමත් තහනම් ද දන්නේ නැහැ) මෙම පරස්පර විරෝධී ස්ථාපිත සුසමාදර්ශ ප්‍රහේලිකාව ( paradoxically confirmed enegmatic paradigm) පසුගිය වසර 300 – 400 තිස්සේ අපේ රාජ්‍ය | සමාජය  නිර්වචනය කරන වැට මාඉමයි.

වසර 1500 කට කලින් මහා විහාරයේ වැඩම කරමින් මහාවංශය ලියු මහානාම හාමුදුරුවෝ සිට අනගාරික උන්නාන්සේ දක්වාත් Dr  ගුණදාස අමරසේකර දක්වාත් ටිකක් හොදින් අධ්‍යනය කලොත් මා අගය කරන මිත්‍ර Thamalu Maliththa Piyadigama  දක්වාත්  මේ  පරස්පරය  නොනවත්වාම ඉතිහාස ගත ( continued historicization)   වන බව  පෙනෙයි.

මෙම  සිංහල ස්වයං උත්කර්ෂයට නැංවීම සහ දෙමලා  අන්‍ය අනෙකා ( the other-ing) කිරීම (අ)සවිඥ්නකවම ආගම සාහිත්‍ය අධ්‍යාපනය හා බල දේශපාලන අරගලයක් සේ සෙමින් එහෙත් ගැඹුරෙන්ම ගලා අනාගතයටත් යන බවයි මට තේරෙන්නේ

නැත්නම්, අර භාතිය නම් වල්  අලියා වෙනුවෙන් හඬන වැළපෙන පිං දෙන බෝධි පුජා ලැහැස්ති කරන iPhone අතැතිව tight jeans, crop top  අඳින මුතුගල ස’ ගේ bio class යන Gen Z අයවත් ,  යාපනේට culture tourism සංවිධානය කරන අයවත් “එප්පඩි සුහම් නල්ල  පුල්ල කියල ” බොරු රැඩිකල් “අමු”කාර සංජීවට පෙන්නේ නැති
A 9 පාරෙන් මීටර  200ක් වත් ඈත නැති චෙම්මනි සමුහ මිනිවලින් හමුවෙන, මහාචාර්ය රාජ් සෝමදේව ට අනුව වයස අවුරුද්දක් වත් නැති ළදරුවන්ගේ ඇට  කටු මතුවීම ගැන ප්‍රශ්ණ නොකරන්නේ  ඇයි?

කවි සින්දු නිසදැස් නොලියන්නේ මන්ද ?

වල් අලියකුට පෙම් බඳින්න සියුම් සමාජයක් කිරිදරුවන් ගේ කෘර ඝාතන ගැන නිහඬව ඉන්නේ කොහොමද ?

May be, Spiritually justified continuedly historicized Cosmion (in)securitization of an otherwise greatly compassionate nation?

තව  බොහෝ දේ ලියන්න තියෙනවාය පුළුවන්ය
මොකද මේ ජුලි මාසයයි

අපි, සිංහලයන් එක්ක එක බත් පත බෙදා ගෙන
එකට ජීවීතේ ගෙවන එහෙත්  structurally other  දෙමලුන්ය

 ✍️Suren Rāghavan 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved