Connect with us

විශේෂාංග

පාර්ලිමේන්තුව විසිරුවන්ට තව පැය කිහිපයකි

Published

on

ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ගේ නම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.  දැන්, ඔහුට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට දැන් අවස්ථාව ඇත.  (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට අවශ්‍යතාවයක් නැත. මෙයට පෙර බැසිල් රාජපක්ෂ ද, මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට පෙර, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී ඇත)

එබැවින් අද දිනයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් වහාම, පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකිය.

අතිගරු ජනාධිපතිතුමා විසින් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව තව පැය කිහිපයකින් සිදු කරන ප්‍රකාශය මගින්,  

1. අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය  

2. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය

3. නාම යෝජනා කාල සීමාව  

4. එක් එක් දිස්ත්‍රික්කය සඳහා තෝරා පත් කර ගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  ප්‍රකාශනය කරනු ඇත.

මහා මැතිවරණයක ආසන්න (අනුමාන!) දින වකවානුව පහත දැක්වේ.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම/ මැතිවරණ නිවේදනය (සැප්. 25 යැයි සිතමු)
නාම යෝජනා බාර ගැනීම (දින 10 කින් පසුව) 2024 ඔක්තෝබර් 4 සිට ඉදිරියට දින 7 ක්  (නිවාඩු දින ද සහිතව)

මැතිවරණ දිනය – 2024 නොවැම්බර් 22ට ආසන්න දිනක සිට නොවැම්බර් 30 දක්වා ආසන්න දිනක

2024 සැප්. 25 (හෙට) සිට දින 52 සිට 66 දක්වා ඕනෑම දිනක මහා මැතිවරණය පැවැත්වෙනු ඇත.

කීර්ති තෙන්නකෝන්

විශේෂාංග

අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක්

Published

on

By

අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත් තීරණයක්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණයයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

“හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව හිමිකම් සැලැස්ම… දේශීය සැලැස්ම අපිට තනියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ජපානය වගේ රටවල සහාය ගත්තොත් අර කලින් ගෙනා ලංකාවට එරෙහි යෝජනාව අබිබවා යන්න පුළුවන්.”

Continue Reading

පුවත්

ලසන්ත නඩුවේ සැකකරුවන් නිදහස් කිරිමට එරෙහිව උද්ඝෝෂණයක්

Published

on

By

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, එය හෙට (06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වේ.

යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කරන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පසුගියදා (ජනවාරි 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබුණි.

නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල , විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවය.  

නීතිපති දෙපාර්තුමේන්තුව විසින් 2025 ජනවාරි 27 දින නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ ඇතුළත් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ගය  ලිපිය ලැබී දින 14ක් ඇතුලත් ලබා දෙන ලෙසද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

Continue Reading

විශේෂාංග

ජනවාරිය තවමත් “කළුයි”

Published

on

By

කළු ජනවාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මහජන පෙත්සමකට අත්සන් ගැනීමද එහිදී සිදුවිය.

ජනවාරිය තවම කළුයි ජනමාධ්‍යයට එරෙහි අපරාධයන්ට යුක්තිය කඩිනම් කරනු යන මන් එය සංවිධනය කර තිබුණි.

පසුගිය පාලන සමයන් තුළ ඝාතනයට ලක්වූ, අතුරුදහන් වූ,මිලේච්ජ ප්‍රහාරයන්ට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ජායාරූපද එහිදී ප්‍රදර්ශනය කෙරුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved