විශේෂාංග
පැරණිම දේශපාලන පක්ෂයක් ඝාතනය කිරීම
Published
4 months agoon
By
editor
ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය ගුණය රැකගන්නට කටයුතු කළේය. රටම දන්නා කොමියුනිස්ට්වාදීන් 43 ක් ඝාතනය විය. ඔවුන්ට උමවමනා වූවේ ‘කොමියුනිස්ට් පක්ෂය’ ඝාතනය කිරීම ම ය.
ජවිපෙට කොමියුනිස්ට් පක්ෂය සමඟ මාරාන්තික ‘ඇරියස් එකක්’ තිබුණි. ජවිපෙ මුලින්ම රටට හෙළි කළේ 1969 නොවැ. 9 කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පත්තරේ ‘තරුණයින් බිලිගන්න සී.අයි.ඒ. කෙමනක්’ ප්‍රවෘත්තියෙනි. ඒ ගින්න කිසිදා නිවුණේ නැත.
කොමියුනිස්ට් පක්ෂයේ ‘ලංකා ජාතික ශිෂ්‍ය සංගමය’ සතු වූ සරසවි ශිෂ්‍ය බලය, ජවිපෙ විසින් 1978 න් පසුව උදුරාගත්තේය. දෙවන කැරැල්ල ආරම්භයේ දී ම, ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් හය (6) දෙනකු ඝාතනය විය. දෙවිනුව බී.ජේ. අබේසේකර ඝාතනය කරනු ලැබූවේ අලවංගුවකින් පහර දී ය. මාතර වසන්ත කුමාර සේනාධීර, පුත්තලම අමිල දුල්ෂාන් ද සමඟ කොමියුනිස්ට් ශිෂ්‍ය ව්‍යාපාරය ඝාතනය විය. දීප්ති ළමාහේවා, දයා පතිරණ, ධර්මසිරි, චමිලි වර්ණකුලසූරිය, නිර්මාල් දේවසිරි, ශිරාල් ලක්තිලක, තිසරණී ගුණසේකර, උපුල් ශාන්ත සන්නස්ගල, ජගත් වැල්ලවත්ත, අනෝමා ජනාදරී වැනි දැවැන්තයින් බිහිකළ ‘ස්වාධීන ශිෂ්‍ය සංගමය’ මෙන්ම කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමය ද කැරැල්ලෙන් අවසන් ගමන් ගියේය! ‘අන්තරය’ බිහිවූවේ මේ ශිෂ්‍ය සංගම් දෙකේ
ඝාතන හිඩස තුල ය.
‘එක්සත් සමාජවාදී පෙරමුණ’ හදන්නට අවශ්‍ය කාර්යාලීය හා මානව සම්පත් ලැබුණේ කොමියුනිස්ට් පක්ෂයෙනි. සෝවියට් දේශයෙන් ලැබුණු මුදල්, බුද්ධිමතුන්, මුද්‍රණාලය සහ ‘ඇත්ත පත්තරය’ එයට හේතුවිය. ජවිපෙ 1987 ඔක්තෝබර් 1 සවස 6.45 ට පමණ ‘ඇත්ත’ පත්තරයට ගිණි තබා කාර්යාලය විනාශ කළේය. සේවකයින් බැඳ දමනු ලැබීය. ආණ්ඩුවේ 1988 මැයි 20 දින ලේක් හවුස් පත්තර සමඟ ‘ඇත්ත’ ද ‘මුද්‍රණය, බෙදාහැරීම හා කියවීම’ තහනම් කළේය.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ක්‍රියාකාරීන් 87 -89 ගැන සෑම විටම පැවසූවේ, ‘ජවිපෙට එල්ල වූ රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රතිචාරයක්’ ලෙසය. නමුත්, කොමියුනිස්ට්, සම සමාජ, මහජන, නසසප, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය ඇතුළු පැරණි වමට ප්‍රහාර එල්ල කළේ රාජ්‍ය ත්‍රස්තවාදය
හේතුවෙන් නොවේ. ඔවුන් ඝාතනය කළේ ‘දේශප්‍රේමී සටන් පාඨයටත්, ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම’ නිසාය.
එදා මෙරට ප්රමුඛ ගුරු සංගමය ‘ලංකා ජාතික ගුරු සම්මේලනයේ’ සභාපති රොජ්ර් රත්නායක ඝාතනය කරන විට දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙකි. 1988 සැප්තෑම්බර් 14 බස්රථයකින් ගමන් කරමින් සිටිය දී, ජොර්ජ් රත්නායකට ජවිපෙ දෙදෙනෙකු විසින් පිහියෙන් අනිනු ලැබීය. වයස 8 අඩු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ රත්නායකයන් මැරූ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහ ය. ඝාතක ළමයා රෝර්ජ් යනු කවුදැයි දැන සිටි ද නැත! ජෝර්ජ් සමඟ ගුරු සංගමය ඝාතනය විය! ගුරු වෘත්තීය සමිති බලය පක්ෂයට අහිමි විය.
එල්.ඩබ්ලිව්. පණ්ඩිත (රත්ගම) – පැය 8 වැඩ දිනය, ස්ත්‍රී පුරුෂ සම වැටුප, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීමට මුලික වූ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම්වරයාය. 1988 ජුනි 26 රාත්‍රී දෙමටගොඩ දී පිහියෙන් ඇන ඔහු ඝාතනය කළේය. ජවිපෙ ට වෘත්තීය සමිති ව්‍යාපාරය ජයගැනීමට තිබූ ලොකුම බාධකය පණ්ඩිත නිසා ජවිපෙ 1986 සංවත්තරයක් දවසේ ඔහුට ශාරීරිකව පහර දුන්නේය. කැරැල්ල සිදුවන විටත් ජවිපෙ හි ‘ජාතික වෘත්තීය සමිති සම්මේලනය’ ට සමාජිකයින් නොවූ අතර වැඩවර්ජන කළේ කල්කටස් තුවක්කුවේ හයියෙනි. පණ්ඩිත සමඟ කොමියුනිස්ට් වෘත්තීය සමිතිය ද ඝාතනය විය!
ප්‍රකට ලේඛකයෙකු ද ගුරුවරයෙකු ද වූ හබරකඩ ජේ.ඊ. ගුණසේකර ලොව විශිෂ්ඨතම රැසියන් කෘතියක් වූ ‘උභය ජීවී’ පරිවර්ථනය ඇතුළු පොත් 13 ලියා ඇත. 1988 ඔක්තෝබර් 2 ඔහු මරා දමන විට වසර 72 කි.
මාතර තරුණ සමිතියේ ලේකම් ගාමිණී රණවීර 1988 අගෝස්තු 30 ඝාතනය කරන විට ඔහුගේ බිරිඳ හය මස් ගැබිණියකි.
මේ සියළු දෙනා ජීවිත කාලයට එදා පාලක එජාපයට විරුද්ධව දේශපාලන කළ ඒ නිසා දේශපාලන පළිගැනීමට ලක් වූ, ජීවිතයේ අනෙක පීඩාවන්ට ලක් වූ වාමාංශික පාලනයක් පැතූ ප්‍රතිපත්තිකරුක මිනිසුන් ය!
1983 ජවිපෙ තහනම මේ ඛෙදවාචකයේ ආරම්භය යි. 1982 මැයි 18 පැවති අතුරු මැතිවරණ කිහිපයක තරඟ කල ජවිපෙ සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලැබීය. මහා මැතිවරණයකින් පාර්ලිමේන්තු අසුනක් ලබාගැනීමේ ඉඩ අවහිර නොවූවේ නම්, කැරැල්ල ඇති නොවන්නට ද තිබුණු බව ද කිව යුතුය. නමුත්, මේ ඝාතන ‘රාජ්‍ය ත්රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැත.
ගාමිණී මැදගෙදර පොලොන්නරුවේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සිටිමින් කොමියුනිස්ට් පක්ෂ දිසා ලේකම් ලෙස කටයුතු කළ නීති ශිෂ්‍යයෙකි. ජවිපෙ ඝාතන රැල්ලෙන් මැරූ තුන්වැනියාය. මාතලෙන් පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයෙකු විසින් මරණ පරීක්ෂණය පවත්වා, පොලොන්නරුවේ මතක වස්ත්‍ර පූජා කොට, දේහය සීදුවේ දී මිහිදන් කරනු ලැබූවේ ජවිපෙ තුණ්ඩු කෑල්ලේ භීෂණයේ පරිමාව ගැන අදහසක් දෙමිනි. විජය කුමාරතුංග මේ මළ ගෙදර සිදු කළ කතාවෙන් දින 4 කට පසු ඝාතනය විය. විජය කුමාරතුංග කොමිෂන් සභාව මේ අවමගුල් කථාව සොයා යන විට එහි විඩියෝ කැසට් එක රූපවාහිනියෙන් ඉවත් කිරීමට තරම් සුක්ෂම වී තිබුණි.
නීතිඥ දේශප්‍රිය බණ්ඩාර වෘත්තියෙන් ඉංජිනේරුවයෙකු ද විය. සරත් මුත්තෙට්ටුගම ගේ දේශපාලන සඟයා වූ දේශප්‍රිය කොළොන්න කොමියුනිස්ට් නායකයාය. බටලන්ද ගැන කතා කරන විට නිතර කියවෙන නීතිඥ විජේදාස ලියනාරච්චි පැහැරගැනීමේ දී පොලිස් පැමිණිල්ල සිදු කළ නීතිඥයා දේශප්‍රිය යි. පුරුද්දක් ලෙස සිය පියාගේ සොහොනට මල් තබන්නට යන දේශප්‍රිය සවස 7.30ට පියාගේ සොහොන අසල දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
(ගෝඨාභය ගේ පුද්ගලික ලේකම් සූගීෂ්වර බණ්ඩාර ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර ගේ පියා ය, දේශප්‍රිය ඝාතනය වෙනත් පක්ෂයක මැරයින් පිරිසක් සිදු කළ බවට ප්‍රබල ජනගත අදහසක් ද ඇත.)
හිටපු විදුහල්පතිවරයෙකු හා සමූපකාර ව්‍යාපාරයේ ගෞරවණීය නායකයෙකු වූ කේ.ඒ.ඩී.සද්ධාතිස්ස අංශභාග රෝගියෙකු ලෙස නිවසේ සිටිය දී 1988 ජනවාරි 5 ගල්කටස් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එදිනම ඔහුගේ පුතා වූ කොමියුනිස්ට් තරුණ සංගමයේ දිසා නායක උපුල් සද්ධාතිස්ස තේ දළු එකතු කරන්නට ලොරියක යමින් සිටිය දී එදිනම ජවිපෙ වෙතින් ඝාතනය විය. මාගේ මාමා කෙනෙකු වූ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ කිංස්ලි සර්, මේ පුවත අසා මහ රෑ හැඩු හැටි මට තවම මතකය. සද්ධාතිස්ස ඝාතනය බොහෝ දෙනා දුටුවේ මිලේච්ඡත්වයේ පිළිඹිබුවක් ලෙසිනි.
හෙන්රි පමුණුව 1988 ඔක්තෝබර් 1 දින මහරගම ඔහුගේ නිවෙස ඉදිරිපිට දී ඝාතනය කරන ලද්දේ රාත්‍රී 7.30ට පමණය. සිවිල් සංවිධාන රැසක ප්‍රබල චරිතයක් වූ ඔහු ට වෙඩි තැබීමෙන් පසුව සිරුරේ ස්ථාන 21 කට පිහියෙන් ඇණ තිබුණි. චතුර පමුණුව හා සරණපාල පමුණුව යනු හෙන්රි ගේ දරුවන් ය.
කොමියුනිස්ට් පක්ෂයට වඩා ලොකු පත්තරයක් ‘ඇත්ත’ නමින් පක්ෂයට තිබුණි. අසූව වර්ජකයෙකු වූ මගේ බාප්පා හැමදාම පත්තරේ ගෙදර ගෙනාවේය. අවුරුදු 10 අද දක්වාම අතට අහුවන හැම විටම ‘ඇත්ත’ පෙරළා බලන පුරුද්ද ආවේ හතරේ පහේ පන්තියේ සිටය. ජවිපෙ ‘මහජන අච්චු කන්තෝරුවේ’ සේවයකින්ට පහර දුන්නේය. පත්තර ගිණි තිබ්බේය. බෝම්බ ගැසුවේය. 87 – 89 විනාශ කළ ‘ඇත්තට’ තිබූ මාධ්‍ය බලය නැවත ගොඩනගා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයට තබා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයට හැකිවූයේ නැත. (මේ ගැන දේශපාලන සන්නිවේදනය – රජුන් තැනීමේ කලාව පොතේ මම දීර්ඝව ලියා ඇත) කර්තෘ ලොකුබණ්ඩා වනිගසේකර ගේ මහනුවර පවුලේ සාමාජිකයින් ඝාතනය කෙරුණි. ලොකුබණ්ඩා ජීවිත කාලයම අවිවාහයක තම පවුලේ අනාථවූවන් සුරක්ෂා කළේය. කැරැල්ල මරා දැමූ මිනිසුන් පමණක් නොව ජීවත්වන මිනිසුන් ගේ ද ජීවිත පණ පිටින් විනාශ කළේය.
රජයේ නීති විරෝධී ඝාතන කල්ලි හෙළිකරන ‘කළු බලල් ප්‍රවෘත්තිය’ නිසා ලොකුබණ්ඩාට ප්‍රේමදාස පාලනයේ මාධ්‍ය නිදහස ගැන ඓතිහාසික නඩුවක් ද වැටුණේය.
මාතර ගාමිණී තුඩාව, හක්මන කේ.ඒ.උපුල් රංජිත්, කරුණෑගල ජිනදාස, සරත්චන්ද්‍ර අතුරලිය, ඩී.වීරසිංහ, ඩබ්ලිව්. කරුණාරත්න, වෙහෙරහේන කේ.එම්.විමලසේන ඝාතනය වූ පක්ෂ සාමාජිකයින් 43 න් පිරිසකි. විමලසේනට වෙඩි දෙකක් තබා හතර තැනකට පිහියෙන් ඇණ සාදා නිම කළ චිතකයේ අවසන් ගෞරවය දැක්වීම ද තහනම් කරන ලදී. තල්පාවිල කේ.ජී.විමලසෝම 1988 ඔක්. 26 දින ඝාතනය විය.
දිවුලපිටියේ ටී.අමරදාස ඝාතනය වූයේ 1988 මැයි 8 එක්සත් සමාජවාදී පෙරමුණේ රැස්වීමක් අමතමින් සිටිය දී ය. ඇඹිලිපිටියේ එච්.ජී. ජිනදාස තමන්ට වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකුට පෙරළා වෙඩි තබා ඝාතනය කළේය. අනෙකාට ද වෙඩි තබා තුවාල කළ නමුත් ඔහු පෙරලා තිබූ වෙඩි පහරට ජිනදාස මිය ගියේය. බිය නිසාම කිසිවෙකුත් ජිනදාස ගේ දේහය භාරනොගත් නමුත් පොලීසිය ඔහුට උත්තමාචාර පවත්වා මිහිදන් කළේය. සූරියකන්ද, ඇඹිලිපිටිය සිසු ඝාතන ගැන ඔබ ඇති තරම් කියවා ඇති නමුත්, ‘සූරියකන්ද මිනීවලින් පිරෙන්නට’ ආසන්නතම හේතු ව ජිනදාගේ ඝාතනයට හමුදාවේ පොලීසියේ ප්‍රතිචාරය බව බොහෝ දෙනා අහන්නට අකමැති කතාවයි. ජවිපෙ රෑට රෑට මුහුණ වසාගෙන ගෙවල්වලට පැන ඝාතන සිදු කළ ක්‍රමයටම, හමුදාවේ කෝප්රල් ලා හයිඑස් වෑන් එකෙන් ගොස් යුද්ධ කරන්නට තීරණය වූයේ මේ සිද්ධියත් සමඟිනි.
2024 දක්වාම කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මාතර දී කොමියුනිස්ට් සමාජිකයින් මැරෑ ආකාරයට එය පැවතීම පවා පුදුම සහගතය. මාතර රෝහලේ බාහිර රෝගී අංශයේ ලෙඩුන්ට සේවය කරමින් සිටිය දී පී.ජී. ප්‍රේමලාල් 1988 නොවැ. 29 ඝාතනය කළේය. කඹුරුපිටියේ ගම්පති ටී.ධනපාල කුඹුරේ දී පිහියෙන් ඇණ ඝාතනය කරන විට 75 වන වියේ පසුවිය. මාතර ගම්සභාවේ සභාපති වූ පී.ඒ. ජයවර්ධන වැලිදුව දී 1988 අප්‍රේල් 22 ඝාතනය විය. හක්මන ක.ගි. දහම්සිරි, වේයන්ගොඩ සමරවර්ධන රාජපක්ෂ, ගම්පහ කේ.ඒ.ගුණසිරි, මාතර ලුවිස් ප්‍රතාපසිංහ, ජූලි වර්ජක කැලණිය අතපත්තු ධර්මදාස, දෙවිනුවර කේ.ජී. ධර්මසිරි, වාරිපපොල උප විදුහල්පති කේ.ඒ.ඩී. ජිනදාස, මාතර තැපැල් දෙපාර්තමේන්තුවේ එන්.නන්දසේන, මාතර ජී.මී.කුලතුංග, බූස්ස සුදත් ලාල් ගමගේ, එන්.ජී.ඒබ්රහිම්, ඩබ්ලිව්. පියසේන ඝාතන ද කැරැල්ලේ ප්‍රතිඑලය. මෙවැනි ඝාතන රැල්ලක් හමුවේ වුව ද, මාතර ඩැනී හිත්තැටිය වැනි නායකයින් පණ බේරා ගැනීමට පාපැදියේ ගිණි අවියතබාගෙන දේශපාලනය කළ පරම්පරාවේ මිනිසුන් ලෙස ඉතිහාසයට එක් වන්නේය.
කොමියුනිස් පක්ෂයේ සමාජිකයින් අතර කුරුරුම ඉරණම අත්වූයේ අනුරාධපුර රාජාංගයේ යායා 17 එකම පවුලේ සාමාජිකයින් වූ කොමියුනිස්ට් පක්ෂයේ අනුරාධපුර ප්‍රබලයින් වූ එස්.විජේරත්න, කේ.වීරරත්න හා කේ. තිලකරත්න ට ය. ඔවුන් තිදෙනාගේ දෙපා සහ අත් ලණුවකින් බැඳ කි.මි. 2 ක් දුර බිම ඇදගෙන ගොස් බස්නැවතුමක දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. දේ.ජ.ව්යා. විසින් පක්ෂයෙන් ඉවත්වී බැනර් දමන්නට කළ නියෝගය ඔවුන් පැහැර හැර තිබුණි. මේ ඝාතන ත්‍රිත්වයත් සමඟ අනුරාධපුර හමුදා මෙහෙයුම් කුරිරු හා සහාසික වූ බව හොදින්ම දන්නේ එදා අනුරාධපුර දිස්ත්‍රික් නායක වු ජවිපෙ ජනාධිපතිවරණ අපෙක්ෂක නන්දන ගුණතිලක ය.
එකා පිටුපස එකා ඝාතනය වන විට ආණ්ඩුව ලබාදුන් ආරක්ෂක නිලධාරීන්ගෙන් හා ආයුධ වලින් සන්නද්ධව ජීවිතය බේරාගත්තෝය. අද වසර 35 කට පසුව එදා කොමියුනිස්ට් පක්ෂය මුහුණ දුන් භීෂණයේ ප්‍රමාණය විසින් පක්ෂ සාමාජිකයින් තුල ඇති කළ හැඟීම වටහා ගැනීම පහසු නැත. නමුත්, ජයන්ත ගම්මන්පිල නමින් ‘රන් පිළිම’ නමින් කවි පොතක එදා කොමියුනිස්ට්වාදීන් ලෙස මේ පාක්ෂිකයින් මුහුණ දුන් මානුෂීය හැඟුම් කැටි කොට තිබුණි. නීතිඥ එස්.ජී.පුංචිහේවා විසින් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයට පරිත්‍යාග කරන ලද පුස්තකාලයේ එහි පිටපත් තිබිය හැකිය. කැමැත්තෝ සොයාගෙන කියවත්වා! (නිර්මාල් ලඟ ද පොතක් තිබිය හැකිය)
87 – 90 භිෂණය ජේ.ආර්. සහ එජාපය පිට පටවනු ලබන්නේය. ජීවිත කාලයම වාමාංශික දේශපාලන නිසා එජාපයේ පීඩාවට ලක් වූ කොමියුනිස්ට්, සම සමාජ, නව සමසමාජ, මහජන පක්ෂ, විප්ලවකාරි කොමියුනිස්ට් පක්ෂය, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය විනාශ කිරීමට ගල්කටස් පත්තු වූවේ සන් සූ ගේ ‘ආර්ට් ඔෆ් වෝ’ සිද්ධාන්තයන්ට අනුවය.
බ්‍රිගේඩියර් ජානක පෙරේරා දෙවන කැරැල්ලේ දී ජවිපෙ සිදු කළ වැරදි දෙක ලෙස දකින්නේ හමුදා සමාජිකයින්ගේ පවුල් ඝාතනය කිරීම හා වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන් ඝාතනය කිරීමය. වාමාංශිකයින් ඝාතනයෙන් කැරැල්ලේ සුජාත භාවය විනාශ වූයේය. ඝාතනය වූයේ පක්ෂ සමාජිකයින් නමුත්, ජවිපෙ දෙවන කැරැල්ලේ දී උත්සහ කළේ කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන්ම මරා දැමීම ය. එම උත්සාහය අඩක් සාර්ථක වූ අතර, 1994 න් පසුව ධනපති පක්ෂවල ඇමති ධූර ලබා ගැනීම නිසා ඉතිරි අඩ සම්පූර්ණ විය.
– රජිත් කීර්ති තෙන්නකෝන් –
විශේෂාංග
GCE O/L: යෝජිත සාමාන්‍ය පෙළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබට ඇති ප්‍රශ්න 7කට පිළිතුරු
Published
2 days agoon
July 18, 2025By
editor
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වන විට විශාල සංවාදයක් මතුව තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් අනිවාර්ය විෂය ගොන්නෙන් ඉවත් කර ඇති බවට මේ වන විට දැඩි විවේචන මතුව ඇති අතර, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා. මේ විෂයයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගණනාවක් සාකච්ඡා කරලා, සෑම දරුවෙකුට ම ඉතිහාසය හා මානුෂීය ගුණාංග වර්ධනය වන සෞන්දර්ය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ,” යැයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (ජූලි 17) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දක්වන අදහස්වලින් පෙනී යන්නේ, බොහෝ දෙනෙකුට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බව ය.
මෙම ප්‍රතිසංස්කරණය සිදුවන්නේ කෙසේ ද? සිසුන් හැදෑරිය යුතු විෂයයන් මොනවා ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.
01. සාමාන්‍ය පෙළ විභාගයට එන විෂයයන් සංඛ්‍යාව කොපමණ ද?
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට මුහුණ දෙන විෂයන් 9 වෙනුවට එය විෂයයන් 7ක් දක්වා අඩු කිරීමට මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජාතික වැඩපිළිවෙළින් යෝජනා කර තිබේ.
එහිදී දැනට අනිවාර්ය විෂයයක් වන ඉතිහාසය විෂය සිසුන්ට අධ්‍යයනය කිරීමට තෝරාගත හැකි විෂය කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, එහිදී සෞන්දර්ය විෂයයන් ද එම තෝරාගත හැකි විෂයයන් ගොන්නට එක් කර තිබේ.
ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයන් 7කට පෙනී සිටිය යුතු ය.02. 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් අධ්‍යයනය කළ යුතු විෂයයන් මොනවා ද?
පොදු මූලික විෂය මාලාව යටතේ අනිවාර්ය විෂයයන් 5ක් සහ තෝරාගත් විෂයයන් 2ක් අධ්‍යයනය කළ යුතු ය.
මීළඟට වැඩිදුර අධ්‍යාපනය සඳහා අධ්‍යයන ක්ෂේත්‍ර සහ වෘත්තීය අධ්‍යාපන විෂය ක්ෂේත්රයෙන් සිසුන් මොඩියුල තෝරාගත යුතු ය.
තෙවනුව තීර්යක් කුසලතා (transversal) කාණ්ඩයෙන් සිසුන් ක්‍රෙඩිට් තුනක් උපයා ගත යුතු ය.03. පොදු මූලික විෂය මාලාව යටතේ හැදෑරිය යුතු විෂයයන් මොනවා ද?
පොදු මූලික විෂය මාලාව යටතේ සිසුන් හැදෑරිය යුතු අනිවාර්ය විෂයයන් පහත පරිදි ය.
- මව් බස
- ඉංග්‍රීසි භාෂාව
- ගණිතය
- විද්‍යාව
- ආගම සහ සාරධර්ම අධ්‍යයනය
මෙම එක් එක් විෂය සඳහා ක්‍රෙඩිට් තුන බැගින් හිමි වන අතර ආගම සහ සාරධර්ම අධ්‍යයනය සඳහා පමණක් ක්‍රෙඩිට් දෙකක් හිමි වේ.
ඉන්පසුව විෂයයන් දෙකක් සිසුන් විසින් තෝරා ගත යුතු අතර එයට මෙතෙක් අනිවාර්ය විෂයක් වූ ඉතිහාසය විෂය ද ඇතුළත්ව තිබේ.
එම විෂයන් පහත පරිදි වේ.
- දෙවන ජාතික භාෂාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- සෞන්දර්ය අධ්‍යාපනය
- ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය
සිසුන් මෙම විෂයයන් අතරින් විෂයයන් දෙකක් තෝරාගත යුතු අතර, ඒ සඳහා එක් එක් විෂයට ක්‍රෙඩිට් 2 බැගින් හිමි වේ.04. වැඩිදුර අධ්‍යාපන විෂය මාලාවලින් විෂයයන් තෝරා ගන්නේ කෙසේ ද?
සිසුන්ට වැඩිදුර අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර යටතේ ඔවුන් උසස් පෙළ සඳහා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයයන් සඳහා ප්‍රවේශයක් ලබා දීමේ අවස්ථාවද නව ප්‍රතිසංස්කරණ මගින් හිමි වේ.
ඒ අනුව ඔවුන්ට, STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය), මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා හෝ කළමනාකාරණය යන විෂය මාලාවලට අදාළ විෂයයන් හැදෑරීම සිදු කළ හැකි ය.
එහිදී යම් සිසුවෙකු STEM තෝරා ගතහොත් එම සිසුවා ගණිතය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත්ව STEM විෂය කාණ්ඩයේ විෂයයන් 4ක් අධ්‍යයනය කළ යුතු අතර, ඔවුන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව විෂයන් දෙකක් හැදෑරිය යුතු වේ.
ඊට අමතර ව ඔවුන් වෘත්තීය පුහුණු එක විෂයක් හැදෑරීම සිදු කළ යුතු ය.
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂයයන් හැදෑරීමට තෝරා ගන්නා සිසුන් STEM විෂයන්ගෙන් ගණිතය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත්ව විෂයයන් දෙකක් තෝරා ගත යුතු අතර, ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් 4ක් ද, වෘත්තීය පුහුණු එක් විෂයක් ද හැදෑරිය යුතු ය.
කළමනාකරණ විෂය පථය තෝරා ගන්නා සිසුන් ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් දෙකක් හැදෑරිය යුතු අතර, කළමනාකරණ විෂය කාණ්ඩයෙන් විෂයයන් 4ක් හා වෘත්තීය පුහුණු එක් විෂයක් හැදෑරිය යුතු ය.
වෘත්තීය පුහුණු විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් දෙකක්, කළමනාකරණ විෂය කාණ්ඩයෙන් ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව විෂය ද, වෘත්තීය පුහුණු කාණ්ඩයෙන් විෂයයන් 4ක් ද හැදෑරිය යුතු වේ.
ඒ අනුව, සිසුහු මූලික විෂය නිර්දේශය යටතේ තෝරා ගන්නා විෂයන් 7ට අමතරව තවත් විෂයන් 7ක් හදාරති. එනම් මුළු විෂයන් සංඛ්‍යාව 14කි.
මෙම විෂය කාණ්ඩ යටතේ විෂයයන් තෝරා ගැනීමේදී සියලු ම විෂය කාණ්ඩ යටතේ සිසුන්ට ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් හැදෑරීමට සිදු වේ.
ඒ අනුව විෂයන් 14ක් සහ තවත් අමතර ක්ෂේත්රයක් අධ්‍යයනය කිරීමට සිදුවීමෙන් නැවතත් සිසුන් පිට වඩා වැඩි බරක් යෙදවීමක් සිදු නොවන්නේ දැයි බීබීසී සිංහල විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශයේ නිලධාරියෙකුගෙන් විමසීමක් සිදු කරන ලදී.
“සබ්ජෙක්ට් ගාන දිහා බලලා විෂයන්වල බර ගැන කියන්න බෑ. අපි මුලින් ම බලන්න ඕනේ ඒ විෂයන්වල අන්තර්ගතය. ඒ වගේ ම ඒකෙ තියෙන නම්‍යශීලී ගතිය.
කලින් උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත්, කලා අංශයෙන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් දෙන්න ම එක ම ගණිත අන්තර්ගතයක් ඉගෙන ගන්න ඕනේ,” ඔහු පැවසුවේ ය.
ඒ අනුව උසස් පෙළ සඳහා යම් විෂය ධාරාවක් තෝරාගැනීමට බලාපොරොත්තු වන සිසුන් විෂයන් තෝරා ගැනීම සිදු කළ යුත්තේ කෙසේදැයි බීබීසී සිංහල විසින් එම නිලධාරියාගෙන් විමසන ලදී.
“දැන් සාමාන්‍යයෙන් ළමයෙක් ඉගෙන ගන්න ඕනේ ගණිත දැනුම අපි ගණිතය විෂය යටතේ දෙනවා. එතකොට විද්‍යා, ගණිත විෂයන් කරන්න බලාපොරොත්තු වෙන වැඩි ගණිත දැනුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට වැඩිදුර අධ්‍යාපන විෂයන්වලින් ගණිත විෂය කොටස් සඳහා ක්‍රෙඩිට් උපයා ගන්න පුළුවන්. දැනට සාමාන්‍ය පෙළ ගත්තොත් උසස් පෙළ විද්‍යා විෂයන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් කලා විෂයන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් එන්නේ එක මට්ටමකට. ඒ නිසානේ බර වැඩි වෙලා තියෙන්නේ ඒ අයට,” ඔහු පැවසුවේ ය.
එහිදී බීබීසී සිංහල විසින් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම නිලධාරියා පැවසුවේ මූලික විෂයන් හත යටතේ සිසුන් පෙනී සිටින විභාග ප්‍රශ්න පත්‍ර ගෝලීයව පිළිගත් සාමාන්‍ය මට්ටමකට අනුව සකස් කරන බවත්, ඒ ඒ විෂය කාණ්ඩ යටතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් වැඩිදුර අධ්‍යාපන විෂය කාණ්ඩයෙන් ඔවුන්ගේ විෂයන්ට සම්බන්ධ විෂයන්වලට අදාළ ක්‍රෙඩිට් උපායාගැනීමට හැකි බවත් ය.
05. තීර්යක් විෂයයන් (transversal) තෝරා ගන්නේ කොහොම ද?
මෙම ශ්‍රේණිවල සිසුන් තීර්යක් විෂයන් යටතේ තවත් ක්‍රෙඩිට් 3ක් උපයා ගත යුතු ය.
එහි ඇතුළත් වන්නේ මොඩියුල වන අතර එම මොඩියුල පහත පරිදි වේ.
සාහිත්‍ය රසාස්වාදය
මාධ්‍ය අධ්‍යයනය
කර්මාන්ත අධ්‍යයනය
සේවා අංශ අධ්‍යයනය
ගෝලීය අධ්‍යයනය
සෞඛ්‍ය සහ ක්‍රීඩා
ව්‍යවහාරික තාක්ෂණය
සෞන්දර්ය රසාස්වාදය
සිනමා අධ්‍යයනය
වෘත්තීය සූදානම සඳහා පදනම් අධ්‍යාපනය
ඩිජිටල් පුරවැසිභාවය
06. සාමාන්‍ය පෙළ සඳහා ශිෂයෙකු හැදෑරිය යුතු මුළු විෂය නිර්දේශය සකස් වෙන්නේ කෙසේ ද?
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව පහත විෂයන් සහ පහත ක්‍රෙඩිට් උපයා ගත යුතු ය.
අනිවාර්ය විෂයන් 05: ක්‍රෙඩිට් 14
තෝරාගත් විෂයන් 02: ක්‍රෙඩිට් 04
වැඩිදුර අධ්‍යාපන විෂයන් 07: ක්‍රෙඩිට් 14
තීර්යක් විෂයයන් (transversal): ක්‍රෙඩිට් 03
ඒ අනුව සිසුන් සාමාන්‍ය පෙළ සඳහා ඉහත විෂයන් අධ්‍යයනය කළ යුතු අතර උපයා ගතයුතු මුළු ක්‍රෙඩිට් සංඛ්‍යාව 35කි.
07. A, B, C, S වෙනුවට ප්‍රතිඵල වෙනස් වෙන්නේ කොහොම ද?
එක් එක් විෂයයන් සඳහා A,B,C ලෙස දැනට ලබා දෙන අගැයීම් ක්‍රමය වෙනුවට ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA) ලබා දීමට ද මෙම නව ප්‍රතිසංස්කරණය යටතේ යෝජනා වී තිබේ.
එය දැනට විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන ක්‍රමවේදයට සමාන ක්‍රියාවලියකි.
මේ සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් සම්බන්ධ කරගත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියා විස්තර කළේ ය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම: ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් වෙලා ද?
“දැන් ළමයෙක් මේ විෂයන් ටික පාසලේදී ඉගෙන ගත්තොත් එයාට සහතිකයක් ලබා දෙනවා එයා මේ විෂයන් ඉගෙන ගෙන තියෙනවා කියලා. හරියට විශ්වවිද්‍යාලයේදී අපට ට්රාන්ස්ක්රිප්ට් එකක් ලැබෙනවා වගේ.”
“එතකොට ළමයා 10 වසර සම්පූර්ණ කරන්න නම් එයා සම්පූර්ණ කරන්න ඕනේ ක්‍රෙඩිට් ගාණ උපයාගෙන තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයක නම් කෙනෙක් ක්‍රෙඩිට් 120ක් ගත්තම තමයි එයා සාමාන්‍ය උපාධියක් සම්පූර්ණ කළා කියලා පිළිගන්නේ. ඒ විදිහට තමයි වෙන්නේ,” ඔහු පැවසුවේ ය.
මූලාශ්‍රය – බීබීසී සිංහල
තවත් බොහෝ දේ
වම නෙවෙයි මේක. රුසියන් නව කතා පාඨක සමාජය
Published
3 days agoon
July 18, 2025By
editor
ලංකාවේ බහුතරය හදවතින් ‘වාම කඳවුරේ’ ය. රට ගොඩ නැගිය හැක්කේ ‘වම’ට බව ඔවුහු සිතති. කියති. ලියති. තර්ක කරති. අසන-දකින-බලන අය ‘වම’ ට විසිල් ගසති. ලංකාවේ ඡන්ද සමයට අටවා ගන්නා ‘වාම කුඩාරමක් මිස’ වාම ව්‍යාපාරයක් දැන් නැත. ලංකාවේ ඇත්තේ ‘රැසියන් නවකතා පාඨක සමාජයකි’. බණ්ඩාරනායක, සිරිමා,ඇන්.එම්., පිලිප්, කේනමන්, චන්ද්‍රිකා, මහින්ද, සෝමවංශ, පමණක් නොව ජේ.ආර්.ජයවර්ධන පවා ‘වාම සංකල්පය’ මේ රැසියන් කතා පාඨක සමාජයට අලෙවි කළේය.
සෙමෙන් නමුත් ස්ථිර ලෙසම නැවතත් ආර්ථික අර්බුදයකට යමින් තිබෙන රට, ගොඩ ගත හැක්කේ ‘වම’ ට ද? දකුණට ද? යන සංවාදය ආරම්භ වී ඇත. ලංකා දේශපාලනයේ මහා සම්ප්රදාය වූ ‘දකුණට බැට දීමට’ වමේ හණ මිටියට කර ගහන පිරිස් බලය උදෙසාම මේ වම – දකුණ සංවාදය පාවිච්චි කරන්නේ ය. ලංකාවේ ‘වම’ සහ ‘දකුණ’ අතර ඇත්තේ පට්ටපල් දේශපාලන මිත්‍යාවකි. ‘වම’ ප්රතිශිලී යැයි ද, ‘දකුණ’ සූරා කන්නේ යැයි ද මතයක් ඇත. මේ මතය ‘රැසියන් කතා පාඨක සමාජයේ’ ම නිර්මාණයකි.
1947 මහා මැතිවරණය ජයගත්තේ ලංකා දේශපාලනයේ මහා සම්ප්රදාය වූ ‘දකුණු’ කඳවුර හෙවත් ප්‍රභූ දේශපාලනය යි. එයට දකුණේ ද, උතුරේ ද ලංකා ජාතික සභාව නායකත්වය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය හා උතුරේ කුලවත් ප්‍රභු කණ්ඩායම් ය.
1952 දී එජාපයෙන් බලය බිඳීම සඳහා ‘වාම ලේබලය’ අලවා ගැනීමට දකුණු කඳවුරේම පිරිසක් කටයුතු කළේය. ධනවාදයේ හෙවත් ‘දකුණු’ කඳවුරේ ‘වතිකානුව’, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ඔක්ස්ෆර්ඩ් ගිය බණ්ඩාරනායක 1956 ‘වම’ එකතු කරන මුවාවෙන් දැවැත්ත ප්රචාරක ව්‍යාපාරයක් ඇරඹීය. රැසියන් පාඨක සමාජය ධනපති බණ්ඩාටත් වම යැයි සිතා රැවටුණේය.
එජාපයේ බලය බිඳින්නට පාඨක සමාජය එක් කොට ගත හැකි කොඩිය ලෙස ‘වාම ලේබලය’ අටවා ගත්තේය. චූල සම්ප්රදායේ දේශපාලන කඳවුරට පොදු හතුරෙකු අවශ්‍ය විය. ඒ පොදු සතුරාගේ නාම කරනය ‘දකුණ’ ය.
1960 මාර්තු මහා මැතිවරණයෙන් ‘දකුණ’ හෙවත් එජාප ය ජයගත්තේය. බණ්ඩාරනායක ද, සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු ‘වම’ එක කඳවුරකට පැමිණ 1960 ජූලි මැතිවරණයෙන් ලංකා දේශපාලනයේ මහා සම්ප්රදාය, එනම් එජාපය පරාජය කළේය. රාජ්‍ය බලය ලබාගත්තා හැර සිදු කළ ආන්ඩු වෙනසක් නැත. ධනවාදී සූදුරු ඇටයට ‘වාමාංශික’ සීනි තැවරුණු හූණු බිජ්ජක් ‘වාම ආණ්ඩුව’ ලෙස ජනතාව සලකන්නට පටන් ගත්තේය. එවර ද, රැසියන් පාඨක සමාජය නැවත සිරිමා – ඇන්.එම්. ගේ ‘වමට’ රැවටුණේය.
නැවත 1970 මහා මැතිවරණයේ දී බලය ලබා ගැනීම සඳහාම ‘වාමාංශික එක්සත් පෙරමුණ’ අටවා ගත්තේ ‘දකුණට කෙළවා බලය ලබාගැනීමට’ ය. ආණ්ඩුවේ කෙළිකාරයෝ වුයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි ජේ.ආර්.ටත් වඩා මර්ධනකාරී, ධනපතියන්ය. ජවිපෙ නිර්ධය ලෙස මර්ධනය කළෝ ඔවුහුය. මේ ‘වම’ ද ඇන්.එම්. සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියේය. දකුණට කතා කරන ඇමතිවරු ද, රැසියානු කඳවුරට කතා කරන ඇමතිවරු ද, එකම ආණ්ඩුවේ විය. රැසියන් පාඨක සමාජය සිරිමා-ඇන්.එම්. ආණ්ඩුව ‘වම නොවන බව’ 1971 කැරැල්ලේ දී වත් අවබෝධ කර ගත්තේ නැත. බලය ගිලිහෙන විට 1976 වමේ නායකයෝ දුම්රිය පීලි ගලවමින් ජේ.ආර්.ට හයෙන් පහක බලයක් ලබා දෙන්නට ඉදිරියට පැමිණියේය. යැංකි ඩිකී ජේ.ආර්. පවා 1975 -1977 සමයේ මේ රැසියන් පාඨක සමාජයට ‘සමාජවාදය’ ඉඟි කළේය. 1978 දී අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව ‘ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක්’ බවට පත් කළේය.
දකුණ හෙවත් එජාපයෙන් බලය ගැනීමට නැවත 1982 ජවිපෙ ද, 1987 දී එක්සත් සමාජවාදී පෙරමුණ ද, පසුව 1988 – 1990 දී ජවිපෙ ද, ‘වම’ ඉස්සරහට දැමීය. 1994 චන්ද්‍රිකා කුමාරතුංග ‘වම’ යැයි කියමින් එජාප (දකුණ) විරෝධී සියළු බලවේග එකතු කර ගත්තේය. චන්ද්‍රිකා ආණ්ඩුවේ තිබුණු ‘වමේ ප්‍රතිපත්තියක්’ නැත. තිබුණේ බලය ලබා ගැනීමට අතුල මාවලගේ ලියූ දැන්වීම් පාඨ පමණී.
නැවත, 2001 දී ආර්ථික අර්බුදයක් මතුවී, රට අරාජික වන විට ජනතාව දකුණ හෙවත් එජාපයට බලය දුන්නේය. ඒ බලය රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් විගසම, නැවත ‘වමේ වලිප්පුව’ ඉස්සරහට දමා චන්ද්‍රිකා සහ ජවිපෙ ‘පරිවාසය ආණ්ඩුවක්’ අටවා ගත්තේය. මහා මැතිවරණයේ වැඩිම මනාප ලබා ඇමතිකම් ගත්තේය. චන්ද්‍රිකා – සෝමවංශ එකතුවෙන් නියම වමක් ඇතිවේ යැයි පාඨක සමාජය සිතුවේය.
සුනාමි ව්‍යාසනයෙන් පසුව ද, මහින්ද – ජවිපෙ සන්ධානය 2005 ‘වාම ලේබලයෙන්’ ජනාධිපතිවරණයට එන්නේ ‘දකුණේ බලයට’ පැරදවීමටය. රැසියන් පාඨක සමාජය චන්ද්‍රිකාගේ වමට වඩා මහින්ද එක්ක හදන ‘අල්ට්රා මැක්ස්’ වමට කැම්පේන් කළේය. හඳුන්නෙත්ති , නාමල් රාජපක්ෂට ලියාදුන් පළමු කතාවට පවා පාඨක සමාජය රැවටුණෝය.
2010 දී ද, 2015 දී ද ජවිපෙ ප්රමුඛ වාම කඳවුරට, දකුණ සමඟ එක්වන්නට සිදුවන්නේ ප්‍රතිපත්ති නිසා නොව, පණ බේරාගැනීමට ය. 2015 දිනුවේ ‘වාම මෛත්‍රී හෝ දක්ෂිණ රනිල් නොව’ මරණයේ බියයි. ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවයි. එදා මරණ බිය විසින් ‘රැසියන් පාඨක සමාජය’ බටහිර තානාපති කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන වටා ගොනු කරනු ලැබීය.
නිදහසින් පසු ලංකාවේ අසාර්ථකම පාලකයා වූ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ ද, විමල්, ඩලස්, කොමියුනිස්ට්, සම සමාජ, වාසුදේව වැනි ‘වමේ සළුපිළි ආවරණයක්’ සහිතව බව බොහෝ දෙනාට අමතකය. රැසියන් කතා පාඨක සමාජයේ කොටසක් රනිල් ලඟ ද, තවත් පිරිසක් මහින්ද ලඟ ද, තාවකාලිකව නැවතුණේය.
ගෝඨාභය ගේ නාමික වාම ආණ්ඩුව අරගලය විසින් ධනපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවක් බවට පත් විය. රනිල් ‘වම්මු’න් සමඟ දකුණේ ආණ්ඩුවක් කළේය. වම්මු, දකුණු කඳවුරට එරෙහිව වෛරයේ කඳවුර නිර්මාණය කළේ ‘225 ම එපා’ සේරම හොරු කියමිනි.
76 වසරක සාපය යැයි කිවේ ද, කාලයෙන් කාලයට රූපාන්ත්රණය වූ මේ ‘රැසියන් පාඨක සමාජය’ මය. තමන් වසර 76 ක් එක දිගට ‘වම’ට රැවටී ඇති බවත්, මේ සැරේ නම් නියම ම ‘වම’ හමුවී ඇතැයි ඔවුහු සිතූවෝය.
2024 රටේ ආර්ථික ස්ථාවරත්වයේ ගමන් මඟ ද, නොතකා ‘දකුණට කෙළවීමට’ වාම ප්‍රතිප්තිය ඉදිරියට ගත්තේ ජවිපෙ යි. එයට සෝවියට් සඟරා, නවකතා කියවූ අපේ පරපුරේ අති මහත් පිරිසක් ද, රාජ්‍ය සේවකයින්ගෙන් 70% ක් ද කර ගැසුවේය.
අද ධනපති ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද, රනිල් වලව්කාරයින්ට වඩා හොඳට ජවිපෙ දකුණේ න්‍යාය පත්‍රය ‘වමේ ආණ්ඩුව යැයි කියන ගමන්ම’ කරමින් සිටී. බදු ගැසිල්ල, අයි.එම්.එෆ්. න්‍යාය පත්‍රය, ලෝක බැංකු ව්‍යාපෘතිය පමණක් නොව බ්‍රික්ස් සමුළුවට ලැබුණු ආරාධනයවත් පිළිගන්නේ නැති ‘වාම ආණ්ඩුවක්’ අද ඇත. වත්මන් ‘වම’ ඇමරිකාව සමඟ කරන ගණුදෙනුව ජේ.ආර්. – රනිල් වත් කළේ නැත. ජේ.ආර්., මැක්නමරා ලඟ නැවුණාට වඩා, අනුර ට ක්‍රිස්ටිනා ජොර්ජියානා ‘බ්රාවෝ’ ලූ ය. මංගල සමරවීර – USAid සමන්තා පවෙල් හවසකට අඩියක් ගසා මිතුරන් ලෙස සිටි ‘දකුණකි’. අද වමේ ඇමතිලා වෙනුවට රාජ්‍ය නිලධාරි වොෂින්ටන් ගොස් අඩියක් ගසා, ඒ න්‍යාය පත්‍රය ගොඩිය පිටින් වැලඳ ගනී. විශ්‍රාම ගිය පසු ඒ ආයතනයේ ම රැකියාවක් ලබා ගන්නට මාවත සකසා ගනී.
දකුණට කරන්නට බැරි වූ බොහෝ ‘ධනපති වැඩ’, මාලිමා ආණ්ඩුව තිතට, හැඩට මිම්මට කරති. බදු ගසති. දේව භාෂිතය සේ අයි.එම්.එෆ්. අදහති. මහින්ද – රනිල් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන සමඟ සිටියේ ‘සම අසුන්වල’ ය. අද ආණ්ඩුව ඉන්නේ බංකුවේ නොව පැඳුරේ ය.
ලංකාවේ හැමදාම තිබුණේ අභිමානවත් ‘දකුණ’ කි. ඒ දකුණට කෙළවීමට කාලයෙන් කාලයට අටවා ගන්නා සන්ධානයට ලැබුණු නම ‘වම’ ය. මේ අටමගල, යථාර්ථය, සත්‍යය තේරුම් ගත නොහැකි බහුශුතයෝ ‘දකුණ’ මාර්කට් කළ නොහැකි බව කියති.
මේ මිත්‍යාව හැදුවෝ ද ‘වම්’ මු ම ය. 1965 පිලිප් ගුණවර්ධන වාම නායකයා ඩඩ්ලි ලඟට ආවේ ය. 1977 විජේවීර ජේ.ආර්. ට හයිය දුන්නේය. 2001 රනිල් අගමැති වුනේ එස්.බී., ජී.එල්., කිරිඇල්ල, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන, රාජිත වැනි වම නිසා යැයි ඔවුහු කියති. ප්‍රේමදාස ජනපති වූයේ ද ඔසී, සරත් කෝන්ගහගේ, රාජිත වැනි වම්මු නිසා යැයි ද කියති. මෛත්‍රී ජනපති වූයේ ‘වම’ නිසා යැයි කියති. ඒ සියල්ලම ‘වම’ නොව, රැසියන් නවකතා පාඨක සමාජය බව අමතක කරති.
අම්මා, පෙරළුණු නැවුම් පස, ගුරු ගීතය, සැබෑ මිනිසෙකුගේ කතාව, මගේ සරසවිය, ළමා විය ආදී වශයෙන් ද, කියවූ 60 සිට 90 දක්වා යුගවල අපි සියළු දෙනා රැසියන් නවකතා සමාජයේ පාඨකයින් ය. පොත් පිටු නැවුම් සුවඳ ආශ්වාදය විදි මිනිසුන්ය. ලංකා දේශපාලනයේ ‘වම’ බවට මේ පාඨක සමාජය අර්ථ ගැන්වීම මිත්‍යාවකි.
රනිල් 2022 දී ජනපති වූයේ ද, මේ රැසියානු පාඨක සමාජයේ ක්‍රියාකලාපය නිසාය. ඒ සමඟම මේ වම යැයි කියාගන්නා රැසියානු කතා පාඨක සමාජය හරිනි, හර්ෂණ නානායක්කාර, උපුල් කුමරප්පෙරුම, අශෝක පීරිස්, සමඟ මාලිමාව යැයි ‘වමක්’ සාදා ගත්තේය.
ඩිලාන් හා වාසුදේව සිටින්නේ කොතැන ද? එනැත ‘වම’ යැයි අදහන පිරිසක් අදත් ලංකාවේ සිටිති. ටිල්විල් – අනුර – ලාල් – හඳුන් – වසන්ත – නලීන් කොතැන ද? එතැන ‘වම’ යැයි සිතන පිරිසක් තවත් ඉතිරිව ඇත. තව ටික දවසකින් ‘වම’ නිර්මාල් සිටින තැන ද? හරිනි සිටින තැන දැයි සිතන්නට පාඨක සමාජයට සිදුවන්නේය. ඇත්තටම වම යනු නිර්මාල් මිස හරිනි නොවන බව මේ පිරිස තර්ක කරනු ඇත. හරිනි අවශ්‍ය වූයේ ඡන්දය දිනන්නටය. දැන් ඡන්දය දිනා අවසන් බැවින් ‘පාඨක සමාජයට’ හරිනි තවදුරටත් වමක් විය යුතු නැත.
ලංකාවේ රාජ්‍යකරණයේ මහා සම්ප්රදාය ‘දක්ෂික මාවත’ යි. බලය ලබා ගැනීමට නම් මානසික අල්ලසක් වන් වූ ‘වාම ලේබලය’ අවශ්‍යය. වාම ලේබලයෙන් විතරක් ‘ඡන්ද දිනිය නොහැකි බව’ ජවිපෙ දනී. මාලිමාවට බලයට එන්නට ධනපති ශැන්ගිලා, කින්ස්බරී හෝටල් වල සමුළු සම්මන්ත්රණ අවශ්‍ය වූයේ ඒ නිසාය.
දැන්, ජේ.ආර්., රනිල්ට කළ නොහැකි ධනපති වැඩ කරන අයි.එම්.එෆ්., ලෝක බැංකුව අතේ නැටවෙන ‘වමේ ආණ්ඩුවක්’ ඇත. ඒ ආණ්ඩුවට ආශක්ත වූවෝ, ‘දකුණට’ අනාගතයක් නැතැයි කියති!
අප්‍රිකාවේ මිලිටරි රාජ්‍යයන්ට වත් ඉටු කරන්නට බැරි වූ, අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන ‘වාම රාජ්‍යයක්’ අද තිබේ. ධන බදු පමණක් නොව, දේපල බද්ධ ද, ජනතාවට ය. 18% ක ඊ කොමස් බද්දක් ගහන්නට හැකි තැනට ‘බදුකරණය දේව වාක්‍ය’ කරගත් වමේ ආණ්ඩුවකි. සජිත් – ජලනී ආණ්ඩුවක් යටතේ කිසිම දවසක කරන්නට හිතන්නේ වත් නැති ‘ධනපති වැඩ කරන’ ආණ්ඩුවකි. රත්තරං අශ්වයින් වෙනුවට දැන් පිරිසම ‘රත්තරං ප්ලග් පොයින්ට්’ අටවති.
දකුණු කඳවුරට විරුද්ධ ‘වාම ලේබලය’ අලවා බලයට පත්වන සෑම ආණ්ඩුවකටම ඉතිහාසය පුරා සිදුව ඇත්තේ මාස හතර පහකින් ‘වම – දකුණ’ මාරුවීම ය.
මැතිවරණයක දී බලය ලබා ගැනීමට ඡන්දදායකයින් අලෙවි කරන ලේබලයක් මිස ලංකාවේ අද ‘වාම දේශපාලන ව්‍යාපාරයක්’ නැත. අද ‘වම’ යැය තමා තමන්ටම ලේබල් ගසා ගන්නේ 70 -90 දශකවල රැසියන් නව කතා, කෙටි කතා, ප්රචාරක පොත පත කියවූ මධ්‍යම පාන්තික සමාජයකි. එය ‘රැසියන් නවකතා පාඨක සමාජයක් මිස’ වාම ව්‍යාපාරයක් නොවේ. ප්‍රමාණයෙන් විශාල මේ පාඨක සමාජයේ ඡන්ද පොකුරු සිය අපේක්ෂකයාගේ ඡන්ද ගොඩට එක් කර ගැනීමට ‘වාම කඳවුර’ ලේබලය පක්ෂ නායකයින් විසින් අලවා ගනී. එයින් බලය ලැබූ මොහොතේ සිට මේ පිරිස සාද දමන්නේ ද, බාල් නටන්නේ ද, උපදෙස් ගන්නේ ද, වැඩ කරන්නේ ද, අන්ත දක්ෂිණාංශික කඳවුර සමඟය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු සමඟය.
වසර පහකට සැරයක් මේ රුසියන් නව කතා පාඨක සමාජය නින්දෙන් අවදි වී ‘වාම ලේබලය’ අලවා ගත් ඩක්කුවකට ගොඩ වන්නේය. එතැන් පටන් ‘උප්පතිය සමඟ අවසානය හෙවත් මරණය ද’ පිළිසිද ගන්නේ මෙන් අලුත් වටයකින් රැවටුණු බව පමණක් අවබෝධ කර ගන්නට පටන් ගනනේ ය.
රටේ ආර්ථික ප්රශ්නය ට උත්තර ඇත්තේ මේ රාජ්‍ය බලය ව්‍යාපෘති ලේබලය අලවාගත් ‘වමේ’ නොව, ශක්තිමත් දක්ෂිනාංශික වැඩපිළිවෙලක බව රැසියානු කතා පාඨක සමාජය දැන්වත් තේරුම් ගත යුතුව ඇත.
රජිත් කීර්ති තෙන්නකෝන්
විශේෂාංග
ගැලඩිස් වෙඩි තබා මැරීම, මහේෂි ගිලටීනයට යැවීම හා ඖෂධ මාෆියාව
Published
5 days agoon
July 15, 2025By
editor
මම මේක දිහා බලාගෙන හිටියා. ලංකාවට කුවේණිගේ ශාපේ වැදිලා කියන එක හරි. ඒ ගැන අපි දන්නවා.
ඒ වගේම ලංකාවේ ඉන්න විජයගෙන් පැවත එන ජානමය හැඩරුව අනුව ඇති ජනතාව, කුවේණිට වද දීපු ලෙසම කව්රුහරි ගෑනියෙක් අල්ලගන්නවා. අනික් අතින් කුවේණිගේ සහෝදරයෝ වෙච්ච සෙට් එකේ ජාන ඇති අයත් එහෙමයි: ඔය රට දුවන්නේ ගෑණු බයිට් කරලා, මේක අපි කාලයක් බලා ඉන්නවා.
සතියෙන් සතියට සති 52 දෙකක්. හැබයි හරිනි වගේ වෙන ලෝකෙක ඉන්න කෙනෙක් ව පක්ෂ භේදයක් නැතිව ආරක්ෂා වෙනවා. කොහොම නමුත් මේ පුර්විකාව එක්ක මගෙන් ලියවෙන කෙටි සටහන.
1- වෛද්‍ය මහේෂි විජේරත්න කියන්නේ හිටපු ඇමතිවරයෙක් ගේ දුවෙක්. විදේශ අධ්‍යාපනය ලබපු. සජිත්ගේ අතීත පෙම්වතිය. ඒ වගේම එංගලන්තයේ වෛද්‍යවරියක් ලෙස තම කටයුතු කරන්න අදටත් හැකියි. ලංකාවේ ඉන්න ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් අතලොස්ස අතින් ඉන්න එකම ස්ත්‍රිය වගේම ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරක් දරන එතුමිය පොලිස් රෝහලේ වැඩ කරන්නේ වැටුප් රහිතව.

2 – ජනාධිපති අනුර ඉන්දියා ගිහින් ගහපු, හංගන ගිවිසුම් වල ලංකාවේ භාණ්ඩ ආනයනය, ඖෂධ ආනයනය ගැන ගිවිසුම් ඇතුලත්. ඒ ගිවිසුම් හංගලා ලුණු කැටේ ඉඳන් බොරු හේතු දාලා තමන්ගේ මල්ටි ප්ලග් ආණ්ඩුව එක්ක ලංකාවේ වෙළඳපල ඉන්දියාවට පාවා දීලා ඉවරයි.
3 – ඉන්දියාව යනු යුරෝපයේ ෆර්මා හබ් එක. ඒ වගේම ලෝකයේ ඖෂධ සපයන්නන් අතර 3 වෙනි තැන. ලංකාවේ භාවිතා කරන ඖෂධ වලින් 80% ඉන්දීය ඖෂධ. කෙහෙළිය හිරේ ඉන්නෙත් ඉන්දීය ඖෂධ මාෆියාවේ උගුලට කැමැත්තෙන් අහුවෙලා. ඉතිරි 20% ඇල්ලීම ඉන්දීය අරමුණ. ලුණු 100% ඇල්ලුවා වගේ. හංගන ගිවිසුම් වල ට අනුව.
4 – වෛද්‍ය මහේෂි තමන්ගේ බටහිර නැමියාව අධ්‍යාපනය හා භාණ්ඩ වල ගුණාත්මක භාවය එක්ක බටහිර වෛද්‍ය උපකරණ නිර්දේශ කරන එක සාමාන්‍යයි. හරියට හරිනි ඉන්දියාවේ අධ්‍යාපනය ලබලා ඉන්දීය කුර්තාව ජාතික ඇඳුම කරගෙන ඉන්නවා වගේ.

මොළයේ ස්නායු සැත්කම් දෙතුන් වතාවක් කරන්න පුළුවන් සැත්කම් නෙවෙයි. සැත්කමක් තනිව කරන්න බැහැ. ඒ අනුව මහේෂිට තිබෙන චෝදනා මිය ගිය අයත් සැත්කම් වලට භාජනය කරපු බව මාලිමාවේ ගජබින්නාලන්කාරයේ හිස්ටීරියා ලක්ෂණ. මේක වෛද්‍යවරු දන්නවා. හැබයි මහේෂි වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.
මහේෂි කරන්නේ තමන්ගේ පුරුදු උපකරණ යොදාගෙන සැත්කම් කිරීම. නුපුරුදු දේට ගිහින් බාල ඉන්දීය උපකරණ වලට ගිහින් රෝගීන්ගේ ජිවිත මේ දෙතුන් පාර කරන්න බැරි හිසේ සැත්කම් වලින් මරා නොදාමා යම් ජිවිත කාලයක් දිනා දීම අගය කල යුතුයි.
5 – මහේෂිට චෝදනාව කරන්නේ වයස අවුරුදු 80ක සැත්කමකට ලක්වෙච්ච පියෙක්ගේ පුතෙක් වගේම යු ටියුබ් මාධ්‍යවේදියෙක්. අවුරුදු 80වේදී ඔය වගේ සැත්කමක් කරලා ජීවත්වෙලා ඉන්නවා කියන්නෙම සැත්කම හා උපකරණ සාර්ථකයි කියන එක. හැබැයි ඉතින් එයාගේ පුතා එනම් ඔය යු ටියුබ් වීරයන්ට පැවරෙන රාජකාරී අපි දන්නවා නෙව.

6 – මහේෂි ගේ පොලීසියේ නිලය අනුව එයාව අත්අඩංගුවට ගත්ත විදිය සම්පුර්ණ ප්‍රේහෙලිකාවක්. ඇයව අත්අඩංගුවට ගන්න පුළුවන් ඇයට එක නිළයක් හෝ ඉහල හෝ එම නිළයේම ඇයට වඩා ජ්‍යෙෂ්ට කෙනෙකුට පමණයි. එය මේ මොහෙතේ ඉෂ්ට වී නැ. අල්ලස් කොමිසම ඇයව අත්අඩංගුවට ගත් නිලධාරියාගේ දේපල ගැන විමර්ශනය කිරීම මේ පරීක්ෂණයේ කොටසක් ලෙස කල යුතුයි.
7 – ඉහත 6 කරුණ අපි කියන්නේ මහේෂිට ඉන්දීය තානාපති කාර්යාලයේ සේවකයෙක්ගෙන් ලැබෙන ඔෆර් එකක් ප්‍රතික්ෂේප වීම හා එවපු සාම්පල ප්‍රතික්ෂේප කිරීමත් එක්ක 2023 සිද්ධියක් අනුව පැමිණිල්ලක් ඉදිරිපත් වීම.
2023 අර්බුදය හා කොවිඩ් වලින් නොමිදුණු සෞඛ්‍ය අංශ තුල වුවත් ඔය යු ටියුබ් මාධ්‍යවේදියාගේ පියාට එම මුදලට සැත්කමට අවශ්‍ය උපකරණ හා සැත්කම සිදු වී පියා ජීවත්වීම භාග්‍යයක්. එසේම වෛද්‍ය මහේෂි ඔහුගේ චෝදනා අනුව ඔහු විසින් ගෙවූ මුදල පවා ආපසු ගෙවා තිබීම. ඒ නිසා අල්ලස් කොමිසම පැමිණිලිකරුගේ දේපල පරික්ෂාවක් නොකර කරන පරීක්ෂණය වැරදියි. මොකද මෙතන සිද්ධිය අභව්‍ය මානසික තලයක තිබෙන නිසා.

8 – මහේෂිගේ සිද්දිය හරහා ඉන්දියානු ඖෂධ මාෆියාව අපේ රටේ ගුණාත්මක වෛද්‍යවරුන්ගේ සේවය ට පහර ගසා හෝ ඔවුන්ගේ ඖෂධ වලට වෙළඳ පල සකසා ගැනීම හා ආණ්ඩුව ගිවිසුම් ප්‍රකාරව නිතීය යුක්තිය අවභාවිතා කරමින් එම මාෆියාවට සහය දක්වනු ලබන බව ඔප්පු වෙනවා.
9 – මේ වගේ කෙණෙහිලි කම් නිසා ලංකාවේ උගත් වෛද්‍යවරු රටින් පිටවීමට අදහස් කරීම විමතියට කාරණයක් නෙමෙයි. දැනටත් හෙදියන් හා වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර ගිහින්. ඉන්පසු හරිනිලාගේ පෞද්ගලික ඉන්දීය විශ්විද්‍යාල වලින් බිහි වුනු දොස්තර වරුන් ලංකාවේ සේවයට කැඳවනු ඇත. KDU අකුලාගත් තීන්දුව පිටුපස තිබු යටි අරමුණත් මෙයයි. අපේ වැඩිහිටියන්ට දොස්තර ලා ගෙන් බෙහෙත් ගැනීමට හින්දි භාෂා පාටමාලා ඉන්දීය එම්බසිය මගින් ගමින් ගමට යෝගා පන්ති මෙන් බිහි කරනු ඇත.
10- ලංකාවේ දක්ෂ වෛද්‍යවරු 56 සිංහල භාෂා කෙළියෙන් ලැබුණු වරමින් බහුතර සිංහල වන වෛද්‍යවරු.. (80 දශකයට වන විට වැඩිම වෛද්‍යවරු දෙමල භාෂාව කතා කරන අය) මේ අනුව ලෝකය පුරා රටවලට එලවා ගැනීමෙන් පසු ඉන්දීය වෛද්‍යවරු ගෙනවිත් සේවය කරන බවට ආණ්ඩුවේ බලලා මල්ලෙන් එලියට පැන ඇත. ඒ අනුව මහේෂි බිලිවෙමින් සිටින්නේ ඉන්දීය ඖෂධ මාෆියාවට හා ඒ හරහා ඉන්දීය වෛද්‍යවරුන්ගේ සේවය ලංකාව තුල සැලසුම් කරන, දිගු ක්‍රියාදාමයක් ආණ්ඩුව කරමින් ඉන්න බවට මෙයින් වැටහේ.

තම තම නැණ පමණින් මෙය වටහා ගත යුතුය. ලංකාණ්ඩුවට දැනට මුහුණ දීමට ඇති භුමරංග කරුණු දෙකක් තිබේ. පළමුව දේශපාලන වේදිකාවල නැගපු ශානිය. දෙවනුව වෛද්‍ය මහේශීය. වෛද්‍ය මහේෂි ඇගේ ඇති සමාජ සම්බන්දතා අනුව වඩාත් භයානක ම කරුණ වන අතර ලංකාවේ දොස්තර වරුන්ගේ අනාගතය වෙනුවෙන් මහේෂි බිල්ලට දීමට වඩා ආණ්ඩුවට ගෙදර යාමට පැක් කර ගැනීමක් ඒ හරහා උද්ගත විය හැකිය.
එදා ගැලඩිස් ජයවර්ධන වෙඩි තබා මාර දැමීම හා මහේෂි ගිලටීනයට දැක්කීම මට නම් සමාන සිද්ධි දෙකකි. ඒ දෙදෙනාම සමාන පවුල් පසුබිම්න් පැමිණීම හා වෛද්‍ය අංශවල ඉහල අධ්‍යාපනයක් ලැබූ කාන්තාවන් වීමය. එදා ග්ලැඩිස් ජයවර්ධන දරුවන් වෙනුවෙන් මුදාගත් බෙහෙත් තොගය ගෙන්වුයේ කුමන රටකින්දයි හඳුනා ගත හැකි නම් එතුමියව මැරීමට කොන්තරාත්තුව දුන්නේ කව්දැයි වටහා ගත හැකිය.
කෙසේ නමුත් ජාත්‍යන්තර ඖෂධ මාෆියාව අපේ රටේ සේනක බිබිලේලා තවත් බිලිගමින් ඉන්න බවත් ආණ්ඩුව ඒවාට සහය වන බවත් කෙහෙළියගේ සිද්ධියෙන් තුවාල වී සිටින ඉන්දීය ඖෂධ වල නිවැරදි තාවය, ආණ්ඩුව ලඟකදී තහවුරු කල බවත් සිතන විට මහේෂි වෙනුවෙන් ජනතාව පෙනී සිටිය යුතුව ඇත. ඒ ආණ්ඩුව ඉන්දීය උවමනාව ඉෂ්ට කිරීමට බැඳී ඇති බැවිනි.
(සටහන | සුභාෂිනී විෆ්ලර්)
විධායක අධ්‍යක්ෂිකා,
ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය
ජර්මනිය
උපුටා ගැනීම – Subhashini Wipfler ෆේස්බුක් පිටුවෙන්…

යාපනේදී පොලිසියට ගල් ගහලා, පොලිසිය වෙඩි තියලා

රවී හා ශානි නැවත පත්කරන්න කියල කාදිනල් කිව්වෙ නැතිලු!

නුවර සැලුන්එකදී දුමක් වැදී කතුන් හතක් සිහිනැති වෙයි!
Trending
-
පුවත්6 days ago
අජිත් අස්වෙයි
-
පුවත්4 days ago
Mr. කොත්තු ග්‍රෑන්ඩ් හා බිග් බයිට් බිරියානි අපිරිසිදු ලෙස කෑම හදන බවට චෝදනා
-
ක්‍රීඩා6 days ago
දඹුල්ලේදී ඊයේ නිමාවුනේ 1XBET තරගයක්?
-
පුවත්1 week ago
ප්‍රයිම් ලෑන්ඩ්ස් හි 0.5% ප්ලෑන් එක නිසා HNB ෆිනෑන්ස් තැන්පත්කරුවන් අනතුරේ?
-
පුවත්1 week ago
පොල්තෙල් ලූස් අලෙවිය තහනම් කරන ගැසට් එකක්