Pasidol
Sathosa Ad Final Sinhala
Mar 08, 2018

"මේකට කියන්නෙ දක්ෂයින්ගේ දශකය කියල, උගතුන්ගේ දශකය ඉවරයි" - ජෙහාන්

රසවින්දනය උදෙසා අලුත් අත්දැකීම් ලබාගැනීමට විවිධ ටෙලි නාට්‍ය නරඹන රසිකයන්ට තවත් අලුත් අත්දැකීමක් වූ "කූඹියෝ" ගැන මේ දිනවල සමාජ ජාල ඔස්සේ විශාල කතා බහක් පවතී.

මෙම නාට්‍යය පිළිබදව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිර්මාණය කර බෙදා හැරෙන වැකි සහ ඡායාරූප කිහිපයක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

koombiyo1

ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ අසංක දොඩන්තැන්නගේ නිෂ්පාදනයෙන් එළිදකින මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ තුමිඳු දොඩන්තැන්නය. කැමරා අධ්‍යක්ෂණය මැක්ලෙයින් ඇඩම්ස් (Striner Macklain Adams) සහ දෙවෙනි කැමරා ශිල්පියා වන්නේ හසිත වර්ණසූරියය. වේශ නිරූපණය ප්‍රියන්ත එස්. වන්නිනායක ගෙනි.

 100314810 capture.3.png
කලණ ගුණසේකර, යුරේනි නොෂිකා, ඇන්ඩෲ පුල්ලේ, ටයිටස් ඇන්තනී, සුජීවා ඩයස්, පරාක්‍රම ජයසිංහ, ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, විශ්වජිත් ගුණසේකර, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන, බුද්ධික ජයරත්න, ධර්මප්‍රිය ඩයස්, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, පීටර් ඩි අල්මේදා වැනි දක්ෂ, ජනප්‍රිය නළු නිළියන් ඇතුළු තව බොහෝ පිරිසකගේ දායකත්වයෙන් මෙම ටෙලි නාට්‍යය හැඩ වී ඇත.

 100315374 capture.4.png
ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි කූඹියෝ කතා පිටපත රචනා කර ඇති අතර, දමිත මෙම නාට්‍යයේ සංස්කාරකවරයා ද වේ.

koombiyo4

ko5
සමාජ ජාල ඔස්සේ විශාල කතා බහක් ඇති කිරීමට සමත් වුණ මෙම නිර්මාණයේ අවසාන කොටස ලබන සති අන්තයේදී විකාශනය වීමට නියමිතය.

ko6

ku8

ku9

ku10
කූඹියෝ ඉංග්‍රීසි උපසිරැසි යොදා ජාත්‍යන්තර ටෙලි නාට්‍යක් ලෙස ඉදිරිපත් කරනලෙසට සනුරි හසාලි ෆේස්බුක් සමාජ ජාල පිටුවක අදහසක් පල කර ඇත.

ku11

ku12
කූඹියෝ ටෙලි නාට්‍යය රූ ගත කළ ස්ථාන නැරඹීමට උනන්දුවක් දක්වන පිරිසක්ද මේ අතර දැක ගැනීමට හැකි විය. එම ස්ථාන ජංගම දුරකථන සහ ඩ්‍රෝන මගින් පටිගත කර යූ ටියුබ් හරහා බෙදා හැරීමට සමහර පුද්ගලයන් ක්‍රියා කර ඇත.

ko13

ko14
කූඹියෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් සෑදුනු විකිපීඩියා පිටුවේ මෙම කතා තේමාව විස්තර කර ඇත. මෙහි රඟපාන චරිතවල කාටුන් චිත්‍ර සහ #කූඹියෝ ලෙස හෑෂ් ටැගයක්ද නිර්මාණය වී ඇති බව දක්නට ලැබේ.

15

16

(බීබීසී)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top