May 03, 2018

වෙසක් හරි හැටි පසක් නොවූ කල...

වෙසක් සඳ හෙමින් පහව යද්දී පර මල් පවා සුවඳයි. නිවෙන පහන් පවා එළියයි. මේ බුද්ධ , ධම්ම , සංඝ රත්නයේ ආශිර්වාදය වෑහෙන කාලයයි.

ඒත් දැන් ඒක එහෙමද?

k2නන් විසිතුරු කූඩු බලා, දෙදන නමා දන්සැල් වැඳ , රථය බදා බජව් දමා වෙසක් මහා මංගල්‍ය සැමරූ සැදැහැවතුන්ගේ මං සටහන්වල නටඹුන් මේ දවස්වල නගර සභා සේවකයන් නොසෑහෙන්න අදිමින් සිටී. කොළඹ ඉතුරු වී ඇත්තේ කුණු ගඳ පමණි.

ආණ්ඩුවටම බනිමින් සිටින, හිටපු ආණුඩුවටත් බනිමින් සිටින බොහෝ දෙනාගේ අදහස නම් තමන් සිතිවිලිවලින් පොහොසත්ය යන්නය. අද ඇහැට පේන්න වුවද ලස්සන කොළඹක් ඇත. ඒ නගරය සිරි ගන්වා වෙසක් පෙන්වද්දී කන බොන හපය පවා තැන් තැන්වල දමා වනසන්න හොඳ නෑ කියා තේරුම් ගැනීමට ජනතාවට මොළයක් නැත.අඩු තරමේ කුණු බාල්දියක් ඇති විට එය කුණු බාල්දියක්ම බව හඳුනා ගැනීමට ජනතාවට මොළක් තිබිය යුතුය.  

එසේ නොතේරෙන බාල පරම්පරාව වැඩිමහල් පරම්පරාවෙන් යහපත් දෑ උගත යුතුය. ලෝකය සරළ වෙනවා...තාක්ෂණය සහය වෙනවා .... රතු ඉරි ඉක්ම වූ විනෝදය ජීවිතේ දෙනවා යැයි සිතා සිටියද සැබෑවටම සිදුවන්නේ හැමදේම සංකීර්ණ වී මනස අවුල් වීම පමණි.

වෙසක් පමණක් නොව කුමන උත්සවයක් රැළියක් පැවතියද පරිසරයට කරන මේ හානිය පුරුද්දට යාමේ ප්‍රතිඵලයකි. මේ විනෝදවන සැදැහැවතුන් සිතන්නේ හැමදාම නෑ, හැමතැනම නෑ අද දවසෙන් ප්‍රයෝජන ගත යුතුය කියාය.

එමෙන්ම මේ අමනෝඥ ක්‍රියා දේශපාලනය හා ඈදෙන්නේ මේ කුණුටික පරිසර ඇමතිට හෝ කොළඹ නගරාධිපතිට ඇද k3ගැනීමට අමාරු වූ තැනය. නැත්නම් බුද්ධශාසන අමාත්‍යංශය වෙසක් සිරි නරඹන ජනයාට අනුශාසනාවක් නොකර තිබීම නිසාය. එවිට අනෙක් මන්ත්‍රී කණ්ඩායම සතුටින් පිනායති. තමන්ට ලකුණක් වැටුණා යැයි සිතති. මෙවැනි එකාට එකා නැති රටක ජනතාව බුද්ධිමත් විය යුතුය. මේ ලියන කියන දෑ ෆේස් බුක් මිතුරන්ට පෙන්වීමට Share කිරීමෙන් පමණක් තමන් යහපත් පුරවැසියෙක් බව පෙන්වා ජීවිතය දිනිය නොහැකිය. පුළුවන්නම් මේ හානි කරන අයෙක් මුණගැසුණොත් වරද පෙන්වා දිය යුතුය. නොඅසන්නේ නම් දෙකක් ඇනිය යුතුය.  එසේ කරන්නා සේවයක් මිස වරදක් කර නැත.

මීතොටමුල්ල වැනසුණේ අයහපත් දේපාලඥයන්ගේ මෙන්ම යහපත්යැයි සිතා සිටින ජනතාවගේ බුද්ධිමත් දායකත්වය මතය. ටොෆී කොළයක් හලද්දී ඒ විනාශය වූ අතීතය මතක් විය යුතුය. මේ වහින වැස්සට නො‍බෝ දිනකින් ටින් කැබලිවල වතුර එකතු වී පණ ලබන ඩෙංගු මදුරුවා රුදුරු වනු ඇත. එවිට මදුරුවාට මේ අරයද මෙයාද කියා තෝරන්න වෙලාවක් නොමැත.හමුවුණොත් විදිනු නිසැකය.

මේ වෙසක් පෙන්වා ඉතිරි කළ කුණු ප්‍රශ්නය පමණි. පන්සල් භූමිවලට කර ඇති හානිය දන්නේ ඒ පන්සල්වල හාමුදුරුවරු පමණි.

ශිරන්තනි

k4

k5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top