Pasidol

Sathosa

May 14, 2018

සිලෝන් වේස්ට් පරිසරය නසද්දී පරිසර අධිකාරිය නිදි

හෝමාගම කහතුඩුව ප‍්‍රදේශයේ ගොඩපරහේන කිරිවත්තුඩුව යන ලිපිනයේ පවත්වාගෙන යන සිලෝන් වේස්ට්  මැනේජ්මන්ට් නම් අබලි ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයක් නිසා ගොඩපරහේන ප‍්‍රදේශයේ විශාල පාරිසරික හානියක් සිදුවෙමින් ඇති අතර එය ප‍්‍රදේශයේ ජනතාවට බරපතල සෞඛ්‍යය අවධානමක් ඇති කරමින් ඇත.

googlecam

කර්මාන්ත ශාලාව පිහිටා ඇති ස්ථානය ගූගල් මගින් දිස්වන අකාරය

සිලෝන් වේස්ට්  මැනේජ්මන්ට් අබලි ද්‍රව්‍ය හා විද්‍යුත් අපද්‍රව්‍ය ප‍්‍රතිචක්තී කරණය සදහා මෙම ආයතනය ආරම්භ කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ සුවිශේෂි නිතී රේගුලාසි වලට එකගවය. 2008 නිකුත් කරන ලද අති විශේෂි ගැසට් පත‍්‍ර අංක 1534×18 අනුව උපද්‍රවයකාරි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු පරිසරයට හා මානව සමාජයට බරපතල ගැටළු ඇති කරවිය හැකි අබලිද්‍රව්‍ය නිසා ඒවා ගබඩා කිරිම,ප‍්‍රවාහනය කිරීම ,අසුරා තැබීම, ප‍්‍රතිචක්‍රීරණය කිරිම හෝ ප‍්‍රතිචක්‍රීකරණ ආයතන වලට ගෙන යාම සියල්ල මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය සහිතව කල යුතු අතර එම අනුමැතිය ලබාදීමෙන් අනතුරුව එකි කොන්දේසී වලට යටත්ව ක‍්‍රියා කල යුතුය.

දෙදහස් දහය වර්ෂයේ ගොඩපරහේන ප‍්‍රදේශයේ ආරම්භ කරන ලද අබලි ද්‍රව්‍ය හා අනතුරු දායක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනය කර්මාන්ත ශාලාවලින් හෝ නොයෙක් ආයතන වලින් ලැබෙන අනතුරුදායක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩපරහෙන ප‍්‍රදේශයේ ඇති සිය කර්මාන්ත ශාලාවට ගෙනවිත් දමන අතර ඒවා ගොඩ ගසා ඇත්තේ පරිසරයට හා මානව සෞඛ්‍යට ඉතාමත් හානිකර අකාරයටය.

32376728 10214405784831109 8482298042932789248 n

මානව සෞඛ්‍යට මාරක පහරක්

එලිමහනේ විශාල වශයෙන් ගොඩ ගසා ඇති මෙම අපද්‍රව්‍ය නිසා වර්ෂා අවස්ථාවලදි ජලයට ඊයම් ඇතුළු බැරලෝහ ජලයට හා පොළවට එකතු වේ. කර්මාන්ත ශාලාවෙන් වර්ෂාකාලයේ පිටවන ඊයම් හා අනෙකුත් බැරලෝහ සහිත ජලය කෘෂිකර්ම ඉඩම් වල, ප‍්‍රදේශයේ කාණු පද්ධතිවල,නිවාස ආශ‍්‍රිතව තැන්පත් වීම සිදුවේ.

එයින්ද නොනැවතී මෙකී ආයතනයේ උපද්‍රවකාරි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බිදීම සිදු කරන්නේ විවෘත භූමියකය. ඒ ඇතම් රුපවාහිනි,පරිඝණක වැනි ද්‍රව්‍ය කඩා බිද දමන්නේ කිසිදු යන්ත‍්‍ර උපකරණ භාවිතයෙන් නොව පොලවේ ගසා බිද දමමින්ය. අනතුරුව ඒවා ගොණු තුළ බහා අනාරක්ෂිත ලෙස ගොඩ ගසා තබනු ලබයි. මෙම පරිඝණක හා රුපවාහිණි යන්ත‍්‍ර ඇතුළු උපද්‍රවකාරි විද්‍යුත් අපද්‍රව්‍ය බිද දමන විට විශාල ශබ්දයක් ප‍්‍රදේශය පුරා පැතිරෙන අතර සුළග මගින් ඊයම් අංශු හා උපද්‍රවකාරි සියුම් අංශු සුලගට මුසුවන අතර අවට නිවාස, වගා බිම් හා පරිසරය පුරා ඒවා පැතිරේ. මේ අනුව මෙම කර්මාන්ත ශාලාව ගොඩපරහේන ප‍්‍රදේශයේ මේවන විට බරපතල පාරිසරික හානියක් හා මානව සෞඛ්‍යට හානි සිදුකරමින් ඇත.

32407148 10214405785591128 1699602358134112256 n

ජනාවස පිහිටි ප‍්‍රදේශයකට අවසරයක් කොයින්ද

මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙවැනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රයක් නිකුත් කලයුතු අතර ඒකි බලපත‍්‍රයක් මධ්‍යම පරිසර අධිකාරියට නිකුත් කල හැක්කේද මෙවන් ආයතනයක පිහිටිම හා පරිසර ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවරයන් සම්බන්ධව සලකා බලමිනි. කර්මාන්ත ශාලාවක ඇති විය හැකි හදිසි තත්වයන් සලකා බලා මෙවැනි ආයතනයක් ස්ථාපිත කල හැක්කේ ජනාවාස වලින් බැහැරව විය යුතුව ඇතත් සිලෝන් වේස්ට්  මැනේජ්මන්ට් ආයතනය පිහිටා ඇත්තේ ජනාවස පිහිටි ප‍්‍රදේශයකයි. එම නිසා මෙම අයතනය විසින් මේවන විට සිදු කරමින් තිබෙන සියලු ආකාරයේ පරිසර විනාශයන් ප‍්‍රබලවම ප‍්‍රදේශවාසී ජනතාවට දැනෙමින් ඇත.

ජලය දුෂිතයි

ඉහත පෙන්වා දුන් කර්මාන්ත ශාලාව මගින් නිකුත් කරන ලබන බැරලෝහ මේ වන විටත් ප‍්‍රදේශයේ පසට හා භූගත ජලයට එක්වී හාමාරය. භූවිද්‍යා හා පතල් කාර්යංශයේ විද්‍යාගාර සිමීක්ෂණ අංක Al/17/83 මගින් පෙන්වාදෙන අකාරයට පර්යේශණයට ලක්කල ප‍්‍රදේශයෙන් ලබාගත් ජලයේ බරපතල ලෙස කැඩ්මියම්, මර්කරි හා රසදිය වැනි බැරලෝහ අඩංගුව ඇත.

32592222 10214405785231119 6396382025271476224 n
මේ ජල සාම්පල පරික්ෂාවට අනුව ඉතාමත් පැහැදිලි වන කාරණය නම් ගොඩපරහේන ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාව අවට ජලයෙහි කැඩ්මියම්, ඊයම්, මර්කරි ශ‍්‍රී ලංකාවේ ජලයේ තිබිය යුතු ප‍්‍රමිති තත්වයන් ඉක්මවා ගෙස් ඇති අතර එම ප‍්‍රදේශයේ ජල සාම්පල්වල අඩගංගු වන ඊයම් ප‍්‍රමාණය තිබිය යුතු ප‍්‍රමිති තත්වයට වඩා 20 ගුණයකින් වැඩිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව තිබිය යුතු ප‍්‍රාමණයන්ට වඩා කැඩ්මියම් වාර්ථා වීම එම ප‍්‍රදේශවල ජන ජීවිත හා පරිසරය බරපතල අනතුරකට ඇද දමන්නකි.එම සංවිධානය පෙන්වා දෙන අකාරයට ජලයට හෝ වාතයට මුදා හැරෙන කැඩ්මියම් මගින් මානව සෞඛ්‍යයට හානිකරන අතර විශේෂයෙන් වකුගඩු රෝග වැනි බරපතල සෙඛ්‍ය අවධානමක් ප‍්‍රදේශ වල ජනතාවට ඇති විය හැකිය. පරිසරයට පතිතවන කැඩ්මියම් විසින් සතුන්ගේ සිරුරුවලට බීමට ගන්නා ජලය මගින් ඇතළු විය හැකි අතර ශාක මත පතිතවන කැඩ්මියම් අනු අහාරදාම හරහා මිනිස් සිරුරට මෙන්ම සතා සිව්පාවගේ සිරුරු වලටද ඇතුලත් වේ.

ඇමරිකානු එක්සත් රාජධානියේ පරිසර ආරක්ෂණ ඒජන්සිය (US EPA)දක්වන අන්දමට මිසිසිපි ගංගාව ආශ්‍රිතව කල පර්යේෂණ අනුව තහවුරු වී ඇත්තේ ජලයෙහි හෝ පරිසරයේ රසදිය ප‍්‍රමාණය තිබිය යුතු ප‍්‍රමාණයට වැඩි වීම තුල එවන් ප්‍රදේශ වල ජීවත් වන කුඩා දරුවන් හා ගැබිනි මව්වරුන් රෝගින් බවට පත්වීමට ඇති ඉඩකඩ වැඩි බවයි. විශේෂයෙන්ම දරුවන්ගේ වර්ධනය වන කාලය තුල රසදිය සිරුරට ඇතුල් වීම හේතු කොටගෙන විකෘතිතා ඔහුන් තුල ඇතිවිය හැකිය.

32464501 10214405784911111 4022863319453925376 n

රසදිය තේ 1/2කින් අක්කර 25 ක විශාල ජලාශයක් සුන්

මෙම තත්වය ගස්වැල් හා සතුන්ටද පොදුවන අතර ජෛව විවිධත්වය විනාශවී යාම හා අහාර විෂ වීමටද රසදිය බලපානු ලබයි. රසදිය තේ හැදි භාගයක් මගින් අක්කර විසිපහක විශාල ජලාශයක් වූව විනාශකල හැකි අතර සැම දිනකම සිලෝන් වේස්ට් සමාගම මගින් පොලවට එක්කරන රසදිය මගින් ගොඩපරහේන පමණක් නොව තවත් ප‍්‍රදේශ ගණනාවක ජලය තවත් වසර කිහිපයකින් විනාශ විය හැකිය.

ජීවය මඩින මර්කරි
ඇමරිකානු රජය විසින් 2000 වර්ෂයේ ඔක්තොම්බර් මස වාර්තාකර ඇති අකාරයට සතුන්ගේ , මිනිසුන්ගේ හා ශාකවල උත්පාදනයට, පැටවුන් බිහි කිරීමට බරපතල ලෙස හානි කිරීම මර්කරි නැමති විෂ රසායන ද්‍රව්‍ය මගින් සිදුකරනු ලබයි.

ලෝක මට්ටමේ සිදුකල පර්යේෂණ ගණනාවක් පෙන්වා දෙන්නේ ඉහත පෙන්වා දුන් බැරලෝහ මානව සෙඛ්‍යට මෙන්ම පරිසරයටද එහි සතා සිව්පාවටද බරපතල ලෙස හානි කරන බවයි. ඒ අනුව ගොඩපරහේන ප‍්‍රදේශය පුරා ඇති වී ඇති බරපතල පාරිසරික ගැටළුව සෙඛ්‍ය ගැටළු ගණනාවක ආරම්භයයි. රතු පස්වල විනිගෝස් කර්මාන්ත ශාලාව තුලද සිදු වූයේ මෙවන් ක‍්‍රියා දාමයකි. මේ වන විට ප‍්‍රදේශයේම ජලය විනාශ වී ගොස් ඇති අතර වකුගඩු රෝගීන්, විවිධ ඌණතා ඇති දරුවන් හා හමේ රෝග සහිත රෝගීන් වාර්තා වේ. ගොඩපරහේන ප‍්‍රදේශයෙත් ඇතිවිය හැකි තත්වයද මෙයයි

විනාශය තහවුරුයි- ආයතනය ක්‍රියාත්මකයි

කෙසේ වෙතත් මෙම නිති වීරෝධි පරිසරය වනසන කර්මාන්ත ශාලාව සම්බන්ධව ප‍්‍රදේශවාසී ජනතාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 76761 යටතේ නඩුවක් ගොනු කර තිබූ අතර සිය නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් හෝමාගම මහේස්ත්‍රාත්  අධිකරණය ප‍්‍රකාශ කර ඇත්තේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්නේනම් එය පරිසරයට හා මහජනතාවට හානියක් නොවන පරිද්දෙන් සිදුකල යුතු බවයි.

අද වනතෙක් මෙම කර්මාන්ත ශාලාව ඉහතින් පෙන්වා දුන් පරිසර ව්‍යවසනය සිදු කරමින් ඇති අතර එය දණ්ඩ නීති සංග‍්‍රහයේ 98: 1 අනුව විශාල මහජන පීඩාවක්ය. එසේම නීත්‍යානුකූල  අපරාධයකි. මෙම පරිසර ව්‍යවසන සම්බන්ධ නොයෙක් ආයතන වලට දැනුම් දී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණිම් කර්යංශය, හේමාගම ප‍්‍රදේශීය සභාව මගින් මෙම ආයතනය විසින් සිදුකරන විනාශය තහවුරු කර ඇත.

සිලෝන් වේස්ට් ආයතනය මෙලෙස කරන විනාශය තහවුරු වී තිබියදීත් ජාතික පාරිසරික පනත ඇතළු අණපනත් ගණනාවක් කඩ කර පවත්වාගෙන යන මෙම පරිසර දූෂක කර්මාන්ත ශාලාව වසා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය ක‍්‍රියාකර නොමැත.

මෙම වසරේදී අවශ්‍ය අනුමැතිය පරිසර අධිකාරිය විසින් ඔහුනට ලබාදී නොමැති අතර අනුමැතිය ලබා නොදී තිබීයදීත් මෛ පාරිසරික විනාශය කරගන යන්නේ නම් එම නීති විරොධී ක‍්‍රියාවලියට එරෙහිව පරිසර අධිකාරිය ක‍්‍රියා කල යුතුය.

ආයතන කුමටද?

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ සංෂොදිත 53 න්2000 පනත් කෙටුම්පත් අනුව දඩුවම් ලබාදිය හැකි තත්වයක් තිබියදීත් එසේ නොකරන්නේනම් මධ්‍යම පරිසර අධිකාරියද නිති වීරෝධි මෙම කර්මාන්ත ශාලාව තවදුරටත් පවත්වාගෙනයාම සදහා උදව් උපකාර කිරීම මගින් නීතිය රැකීමට අණදෙන ආයතන නීතිය කඩමින් සිටින බව ඔප්පුකරමින් සිටනු ඇත.

-රවීන්ද්‍ර කාරියවසම්-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top