May 27, 2018

ප්ලෙයෝසීන වනාන්තරයක ඇවිද ගියෙමි

ගහකොළ ඇළ දොළ සතා සිව්පාවා සොයා මා වසර දහ අටක් තිස්සේ ලංකාවේ  අස්සක් මුල්ලක් නෑර අවිද ඇත්තෙමු. නමුත් මා හට ලංකාවේ දී හෝ ඉන්දියාවේ දී හමුනොවුණ අපූරු වනාන්තරයක් ඉතාලියේදී හමුවිය.

ඇල්ප්ස් කදු වලල්ලෙන් වටවු වූ ටොරීනො නගරය පුරාණ රෝම අධිරාජ්‍යාගේ නිර්මාණයකි. මෙම නගරයට කිලෝමිටර් 20 පමණ ප‍්‍රංශ මායිම පැත්තට වන්නට ඇත්තේ ඇල්ප්ස් කදු වලල්ලයි.  විශාල කදුයායෙන් වැහෙන් දිය දහරාවන් සියල්ල එක්කර ගෙන එම ජලය ස්තුරා නම් ගඟක් දිගේ පහලට ගෙන යනු ලබයි. ගඟ දිගේ ඇවිද යන විට පුරාණයේ ගඟ ගලා ගිය මාර්ගය දැනට වෙනස් වී ඇති බව පැහැදිලිව පෙනෙන්ට ඇති අතර වසර ගණනාවක් තිස්සේ ගඟ ගලන්නේ වෙනත් මාර්ගයකින්ය.

ඇලප්ස් කදු පාමුල සිට ලන්සො නිම්නය දිගේ කපස්සේ, රොබැස්සමේරෝ යන පුරාණ ගම්මාන පසුකර ස්තුරා ගඟ  ඉවුර දිගේ පහලට ඇදෙනවිට විශාල ලෙස ඛාදනය වූ ගං ඉවුරු හොදින් නෙත ගැටෙයි. මෑතකදි වවන ලද පයින් ගස් වලටවත් මෙල්ල නොවූ ස්තුරා නදිය ඛාදනය වී මතුකර ඇත්තේ වසර මිලියන් 5.333- 2.5  අතර කාලයට යැයි සැලකෙන ෆොසීල වී ගිය මහා වනාන්තරයකි.

13535841 10210012895462531 864279447 n

කලු පාටීන් දිස් වනනේ ෆොසීල වී ගිය වනාන්තරයේ කොටසකි.

එතරම් ප‍්‍රසිද්ධියක් නොමැති වුවත් මෙය ලෝකයටම වටිනා ෆොසීල වනාන්තරයකි. වසර මිලියන් 5.333- 2.5   ප්ලයෝසීන්  යුගයේදී නිර්මාණය වුයේ යැයි සැලකෙන මෙම වනාන්තරය තුල ටොරීනො විශ්ව විද්‍යාලය මගින් දැනට පර්යේෂණ කරගෙන යනු ලබන අතර එවකට මිලිටෙරේනියන් මුහුද වසර මිලියන් 5.96 කාලසිමාවකදී සිදු වූයේ යැයි පැවසේන විශාල ජලගැල්මක් නිසා දැනට පොසීල ලෙස පවතින මෙම වනාන්තරය වැලි හා මඩ වලින් වැසී යන්නට අති බව විද්‍යාත්ඥයින් මත පල කරනු ලබයි.
13552718 10210012980304652 561091686 n

ෆොසීල කොටස් නිරීක්ෂණයට ලක්කරන අතර තුර 2017 වර්ෂයේදී

ඛාදනය වන ස්තුරා ඉවුරේ පොසීල වනාන්තරය හමුවන්නේ ගං ඉවුරෙන් අඩි පහක් 10 පමණ යටට කැණිම් කරන විටය. දැනටමත් ටොරීනෝ විශ්ව විද්‍යාලයේ කැණිම් කල ස්ථාන කිහිපයක් ඇති අතර එම ස්ථාන වලදි හමුවී ඇති පස් හා වැලි සාම්පල් පරීක්ෂාවට ලක්කර ඇති විද්‍යාඥවරයින්  පවසන්නේ ඉහත පෙන්වා දුන් කාල වකවානුව තුලදී මෙම වනාන්තරය මුහුදු වැලි හා රොන්මඩට යටවි ෆොසීල බවට පත්වී ඇති බවයි.

2007 වර්ෂයේ මර්තිනෙත්තො විසින් මෙම වනාන්තරය සම්බන්ධ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දැක්වෙන්නේ ඇල්ප්ස් කදු වල විශාල ඛාදනය වීම් හමුවේ මුහුදු වැලි වලට යටවූ වනාන්තරය මතුපිට ගල් හා තවත් පස් තටටි මිටර්  130 පමණ උසට ඇතම් ස්ථානවල තැන්පත් කරවී ඇති බවයි.

ෆොසිල වනානත්රයක් මිට පෙර මා විසින් අධ්‍යනය කර නෙතිබුන අතර දැනට පස්යට තැන්පත් වී ඇති මෙම  වනාන්තරය සම්පුර්ණ ශාක වශයෙන් දැක ගැනීමට නොහැකි අතර විවිධ හේතූන් මත බීදීගිය විශාල ශාක කොටස් නිරීක්ෂණයට අවස්ථාව ලැබිණි. වසර මිලියන පහක් ගත වුවත් ඉතාමත් හොදින් අධ්‍යයනයන්ට හසු කර ගත හැකි ශාක කොටස් විශාල ප‍්‍රමාණයක් නිරික්ෂණයට ලක් කිරීමට හැකි වූ අතර ගස් වල මුල් කදන් හා ගල් මත පතිතවූ පත‍්‍ර වල ද්‍රව්‍ය ඒ අතර විය.

13530671 10210012978464606 1192711145 n

ෆොසිල වී ගිය ශාක කොටස් අදටත් හොදින් දැක ගත හැකිය

ප්ලයෝසීන් යුගයට අයත් යැයි සැලකෙන මෙම වනාන්තරය තුල  සයිප්රස් ශාක පවුලට අයති ශාක හා ඒවායේ කෙටස් හොදින්ම පර්යේෂකයන් විසින් හදුනා ගන ඇත. Taxodioxylon gypsaceum    නැමති විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මවු ශාක විශේෂයට අයිති ශාක කොටස් හා Glyptostrobus ඝනයට අයත් යැයි විශ්වාස කල හැකි ඇතැම් ශාක කොටස් දැනට හමුවී ඇත.

aa

කිලෝමීටර් ගනනාවක් දිග මෙම පොසීල වනාන්තරය තුල ලෝකයේ ඉතිහාසය සැගව ගොස්  ඇති අතර විවිධ විද්‍යාඥයින් විසින් මෙහි පර්යේෂණ දිගටම කරගෙන යනු ලබයි. නමුත් දැනට සිදු කර ඇති විද්‍යාත්මක පර්යේෂණ වලින් මෙම වනාන්තරය තුල සත්ව පොසිල කිසිවක් දැනට හමු වී නොමැත.

තවද මෙම ෆොසීල වානාන්තරයේ සිට  කිලොමිටර් කිහිපයක් ඇතට යන්න්ට හුදකලා වී වනාත්තර ගත වී ඇති ඇතැම් ස්ථාන වල අදටත්  ප්ලයෝසීන හො මැසිනියන් කාල වලට අයත්යැයි විශ්වාස කරන  මුහදු වැලි තටිටු ගණනාවක් දැකගැනීමට හැකිය.

පුරා ශාක විවිධත්මක හා පංශු වටිනාකමක් ඇති මෙම ප‍්‍රදේශ දැනට සංරක්ෂිත ප‍්‍රදේශ ලෙස ඉතාලි රජය විසින් ආරක්ෂා කර ඇති අතර මෙහි අධ්‍යයනයන් සදහා ඔනෑම පර්යේෂකයෙකුට කොන්දෙසි කිහිපයකට යටත්ව සිය අධ්‍යයනයන් සිදු කල හැකිය.

-රවීන්ද්‍ර කාරියවසම්-







”ග

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top