Jun 03, 2018

කුණු නිසා කුණු වන ලංකාව මෙවරත් ලෝකවාර්තාවක් පිහිටුවයි Featured

ලෝක පරිසර දිනය  ජුනි 05 වන දිනට යේදී ඇති අතර මෙවර පරිසර දින තේමාව වන්නේ ප්ලාස්ටික් භාවිතය අවම කරමු  යන්නයි. ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාර රටවන්නේ ඉංදියාවයි.  ලංකාවද මේ වන විට ලෝක පරිසර දිනය සැමරීමට සූදානම් වන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ කෙතනද යන්න තේරුම් ගැනීම සදහාය.  

පරිසර දින තේමාව ප්ලාස්ටික් භාවිතය නවතමු : ප්ලාස්ටික් මුහදට දමන රටවල් අතර ලංකාව පස්වන තැන

මුහුදුට ප්ලාස්ටික් ඇතුළු   ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතුරින් මෙවර පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබේ.  ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් (Intranational Busness Times) සගරාව කළ පර්යේෂණයකට අනුව එහි  (Amy Nordum)  පෙන්වාදෙන ආකාරයට ලොව පුරා රටවල් 192 පිළිබද අවදානය යොමු කරනවිට විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අප ද්‍රව්‍ය මුදාහරින ප්‍රධාන රටවල් 20 නම් කර තිබේ.  එහි පස්වන ස්ථානය ලංකාවට හිමිවී තිබේ.

එහි අනුපිළිවෙල අනුව  පළමු තැන චීනය ,02 ඉන්දුනීසියාව, 03 පිළිපීනය, 04 වියටිනාමය, 05 ශ‍්‍රී ලංකාව ලෙස පෙන්වා දී ඇත.

ස්ථානය මුහුදට අපරිමිත කුණු දැමු රටවල් වසරකට දමන මෙට්‍රික් ටොන් ප‍්‍රමාණය
01 චීනය 8.82
02 ඉන්දුනීසියාව 3.22
03 පිළිපීනය 1.88
04 වියට්නාමය 1.83
05 ශ‍්‍රී ලංකාව 1.59
06 තායිලන්තය 1.03
07 ඉජිප්තුව 0.97
08 මැලේසීයාව 0.94
09 නයිජීරීයාව 0. 85
10 බංගලිදේශය 0.79
11 දකුණු අප්‍රිකාව 0.63
12 ඉන්දියාව 0.6
13 ඇල්ජීරීයාව  0.52
14 තුර්කිය 0.49
15 පාකිස්තානය 0.48
16 බ්‍රසීලය 0.47
17 බුරුමය 0.46
18 මොරොක්කෝව  0.31
19 උතුරු කොරියාව 0.3
20 ඇමරිකා එක්සත් ජනපදය 0.28
  එකතුව 26.5

INTERNATIONAL BUSINESS TIMES/HANNA SENDER

මෙම සගරාව පෙන්වා දෙන පරිදි වසරකට ලොව පුරා  ප්ලාස්ටික් හා   දිරා නොයන අප ද්‍රව්‍ය   ටොන් මිලියන 13 කටත් වඩා ලොව පුරා සාගර පරිසර පද්දතියට එකතුවේ.  එයින්  80 %    වන ප්ලාස්ටික් හා ඝණ අපවය එකතු වන්නේ රටවල් 20 කින් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙයි. එයින් 30%  චීනය විසින්  සාගරයට මුදා හරිනු ලබනු ලබයි.

එලෙස මුහුදට කැළිකසල එකතු වන්නේ එම රටවල ඇති කසළ කළමණාකරණයේ දුර්වලතා නිසා වන අතර  ප්ලාස්ටික් හා දිරානොයන අපද්‍රව්‍ය නිසා ලොව පුරා සාගර වල වෙසෙන සත්ව හා ශාක විශේෂ අධික ලෙස විනාශ වීමට පටන් ගෙන ඇත. එය මෙම දශකය තුල හා ඉදිරියේදී ලොව මුහුණ දෙන බරපතල ගැටවක් බවට දැනටමත් පත්වී හමාරය.

ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් (Intranational Busness Times) පෙන්වා දෙන්නේ ලංකාව තුල වෙසෙන සෑම පුද්ගලයෙක්ම දිනකට (නිෂ්පාදිත කුණු ජනගහණය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1 පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය පමණක් ග්‍රෑම් 300 පමණ වෙන බවයි.

ඒ අනුව දිනකට රටතුල ගොඩ ගැසෙන ප්ලාස්ටික් හා නොදිරණ කසල ප්‍රමාණය  කිලෝ ගෑමි 5163689 වන අතර දිනකට පරිසරයට එක්වන සමස්ථ කසළ ප්‍රමාණයකිලෝ ග්‍රෑම් 74297687 පමණ වේ.

අප භාවිතා කරන  ප්ලාස්ටික් ජල බොතලයක් සම්පුර්ණයෙන් දිරායාම සදහා වසර 450 පමණ ගත වේ.

අප භාවිතයට ගන්නා ප්ලාස්ටික් දිරායාම සදහා වසර ගණනාවක් ගතවන අතර අද අප භාවිතා කරන  ප්ලාස්ටික් ජල බොතලයක් සම්පුර්ණයෙන් දිරායාම සදහා වසර 450 පමණ ගත වේ. උදාහරණයක් ලෙස මෙවර පරිසර සැමරුම් උත්සවයේදී භාවිතා කරණ ප්ලාස්ටික් ජල බොතල් සම්පූර්ණ ලෙස දිරායාම සිදු වන්නේ වසර  2.468  දී පමණය. දෙදහස් දාහත වර්ෂයේ බිබිසි පරිසර හා විද්‍යාව ( Seven charts that explain the plastic pollution problem) හිසින් පළවු ලිපියට අනුව  ප්ලාස්ටික් බොතල් දිරායාමට වසර 450 පමණවත් අවම ගත වන අතර ස්ටයිරොෆොම්  සදහා වසර 50, ඇලුමෙනියමි කෑන් සදහා වසර 200, කුඩා දරුවන්ට පලදන නැපි සදහා වසර 450 ද ගතවේ.

chart

මේ අනුව ප්ලාස්ටික් යනු ලොව  බරපතල පාරිසරික අර්බුදයකට ගෙන යනු ලබන  නිෂ්පාදිතයන්ය. එම නිසාම ලොව පුරා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම ආරම්භ කර ඇති අතර රටක් ලෙස අප කුණු කදු මත ගොඩ ගසා පසුව ගංවතුර හා ගංගා ඔස්සේ මුහුදටද බැහර කරනු ලබයි.

ශ‍්‍රී ලංකාව තුළ කසළ කළමනාකරණයට නිසි වැඩ පිළිවලක් නොමැති අතර දිනෙන් දින ගොඩ ගැසෙන කුණු රට තුල දැවැන්ත අර්බුදයක් මේ  වනවිට නිර්මාණය කර ඇත.  රටෙහි නායකයින්  ,පරිසර ඇමතිවරු  කොළඔ ගොඩ ගැසෙන කුණු විල්පත්තු රක්ෂිත මායිමට ගෙනයාමට මේ වනවිට සුදානම් වෙමින් ඇත.

එමෙන්ම  මුහදට ප්ලාස්ටික් හා නොදිරණ කසල දැමීම  2025 වන විට  ලංකාව තුල බරපතල ලෙස ඉහල යනු ලබන බව පෙන්වාදෙන ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්   (Intranational Busness Times)සගරාව එය  වසරකට මෙට්ට්‍රික් 1.92 බවට පත්වීමේ අවදානමක් ඇති බව තහවුරු කර ඇත.

පොලිතින් හා ප්ලාස්ටික් භාවිතා කරමින් තම රටත් මහා සාගරයත් විනාශ කරන මිනිසුන් සිටින රටක කුණු කන දේශපාලකයන් විසින් හෙට දින ලොව පළමු තැනට කුණු වූ රට ලෙස  ලෝක වාර්ථාවට  ලංකාව ඔසවා තබන තුරු පරිසර ඇමති වරුන්ගේ  හා පාලකයන්ගේ නරිවාදන්  අසමින් නිහඩව සිටින මිනිසුනි අපට සිදුවන්නේ කුමක්ද තේරුමි ගැනීමට මෙය කදිම උදාහරණයකි.
  

 -රවින්ද්‍ර කාරියවසම්   -                                               

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top