Pasidol

Sathosa

Sep 11, 2018

සිංහරාජය දෙස බලා වැළපෙමුද?

ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුල මේ වන විට විශාල වශයෙන් දැව ජාවාරම් හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම, මැණික් පතල් හැරීම ඇතුළු නිති වීරෝධි ක්‍රියාවන් සිදුවෙමින් පවතී. සමස්ථ සිංහරාජයේ විවිධ ප්‍රදේශවල මේ වන විට ඉහත පෙන්වාදුන් නිතී විරෝධි ක්‍රීයාවන් සිදුවන අතර සිංරාජයේ මාණික්ක වත්ත,රජවත්ත,වැද්දාගල, කුඩවැව,රඹුක ,බටේ මුල්ල වැනි ප්‍රදේශවල මෙම තත්වය වඩා වර්ධනය වෙමින් පවතී. එයට අමතරව සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද, තණබොල ප්‍රදේශයත් දැව ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට මේ වන විට හසුවී ඇත.

සබරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති සිංහරාජ වනාන්තරය 1988 වර්ෂයේ යුනිස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසාය.

හෙක්ටයාර් 8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහ රාජයට අයිතිව තිබූ වනාන්තර ගණනාවක් පුරා විසිර ඇති සිංහරාජය මෙරය ඇති ප්‍රථමාක වනාන්තරයක් වන අතර එය මිනිසා සහ ජෛව ගොල රක්ෂිතයක් ලෙස හදුන් වනු ලැබයි.5% වැඩි ආවේනික ක්ෂිරපායීන් හා සමනල්ලුනට වාසස්ථායක් වන මෙහි 70% පමණ ආවේණික ශාක විවිධත්වයක් දැක ගත හැකිය.

සිංහරාජයේ මුළු බිමි ප්‍රමානය හෙක්ටයාර් 11.187 ක් පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම වන භූමිය සමන්විත වේ.උතුරින් නාපොළ දොල හා කොස් ගුලන ගඟෙනුත් , දකුණින් මහදොල සහ ගිංගඟෙනුත්.බටහිරින් කළුංදාව ඇළ සහ පිට කැලේ ගඟෙනුත් නැගෙනහිරින් බිරෂ්වුඩ් ප්‍රදේශයෙනුත් සමස්ථ සිංහරාජයේ ආරක්ෂිත ප්‍රදේශය ආවරණය වී ඇති අතර රත්නපුර ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක පුරා මෙය විහිදි ඇත.

ඓතිහාසික වශයෙන් වසර කෝටි 15 පමණ පෙර සිංහරාජය ගොඩිවානා බිම හා එක්ව පැවති යුගයේ සිංහරාජය සම්බවය වී ඇති බව සැලකෙන අතර පරිණාමයේ මුල් අවදියේ සිට නොයිදුල් වනාන්තරයක් ලෙස මෙය පැවත එමින් ඇත.

මුවර්මහාන් සහ පානබොක්කේ විසින් 1961 වර්ෂයේ සදහන් කර ඇති පරිදි සිංහරාජයේ පස් සම්බන්ධව ලියන ලද පරියේෂන පත්‍රිකාවල සදහන් කරන්නේ රතු සහ පොඩිසොලික් පස සිංහරාජයේ වැඩි කොටසක දක්නට ඇති බවය.නමුත් වනාන්තර කපා ඉවත් කිරීම නිසාත් එහි උෂ්ණත්වය වැඩි වීමට පටන්ගෙන ඇති නිසාත් එහි යම් යම් ස්ථානවල ඇති ඇලුවියල් පස කබොක් සහ ලැටරයිට් පස් බවට පරිවර්ථනය වෙමන් පවතින බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත.

නිරිත දිග මෝසමින් හා ඊසාන දිග මොසමින් ඉහළ වර්ෂාපතනයත් ලැබු සිංහරාජ වනාන්තරය වර්ෂාපතන මට්ටම ක්‍රමානුකූලව වෙනස්වෙමින් හා අඩුවෙමින් යන්නේ සිංහරාජයේ සිදුවන දැවැන්ත වන සංහාරය නිසාය.මෙම වනාන්තරය තුලින් ගිංගගේ හා කළු ගගේ ප්‍රදාන ජලපෝෂක ආරම්භ වන අතර විශාල දියකදුරු ගණනාවකින්ද සමන්විත වෙයි.

කොස් ගුලන ගඟ, කුඩව ගඟ, පිටකැලේ ගඟ, කළුකන්දාව ඇල, නාපොල දොළ, මහ ගඟ, ආරනුව දොළ, ගිංගඟ, ආරනු දොල වැනි ජල පෝෂිතයන්ගෙන් සමන්විත වන අතර සිංහරාජ වැසි වනාන්තරය දකුණ හා සබරගමු පළාත් වල වැසි ලැබීමට අවශ්‍ය ජිවී ක්‍රීයාවලිය ශක්තිමත් කිරීමට මෙම වනාන්තරය මගින් සිදුවන උත්ස්වේදන ක්‍රියාවලිය මගින් සිදුවේ.

ඉතා ඉහල ශාක විවිධත්වයකට හිමිකම් කියන මෙම තෙත් සදාහරිත වනාන්තරය තුල හොර (Dipterocarpus Zeylanicus)” කැකිල්ල (Dicranopteris Linearis”)” කිරි හැඹිලිය (Palaquium grande) කටබොද (Cullenia Ceylaica)” මල බොඩ ( Myristica Dactyloides ) ශාක ඇතුළුව විශාල ශාක විවිධත්වයක් දැක ගැනීමට හැකිවන අතර එයින් හමුවන මුළු ශාක විශේෂ සංක්‍යාව 215 වැඩිය.වල්ල පටිටා ජාවරම් කරුවන්ගේ ග්‍රශණයට හා දැව ජාවාරම් කරුවන් නිසා සංහරායේ වනාන්තර විශාල වශයෙන් විනාශ වෙමින් ඇත.

සිංහරාජය තුල ඉහළ ශාක විවිධත්වයක් සේම ඉහළ සත්ව විවිධත්වයක්ද දැක ගැනීමට හැකියාව ඇත.මෙම වනාන්තරය පුරා පෘෂ්ට වංශික සත්ව විශේෂ 260 පමණ වාර්ථා වී ඇති අතර එයින් 74 ක් පමණ ලංකාවට අවේණික සත්ව ඛාංඩ ලෙස සැලකේ, අලියා(Eliphas maximus maximu)” දිවියා (Panthera pardus kotiya)දම් මුහුණැති කොළ වදුරා (Trachypithecus Vetulas) ලංකා මල් කුරුල්ලා, පුල්ලි වල් අවිචිචියා Zosterops cylonensis)පුල්ලි දත් කැටියා (Oligodon Sublinensis)ඇතුළු සත්ව විශේෂ ගණනාවක් මෙම මිනිසා හා ජෛවගොල රක්ෂිතය තුල වාර්ථා වේ.

වැසි වනාන්තර සිංහරාජය වනාන්තරය හා එහි සත්ව විශේෂ ආරක්ෂා කරගැනීමේ අරමුනින් 1992 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සම්මුතියට අත්සන් තබා ඇති අතර , පරියටන පක්ෂින් පිළිබද බොන් සමිමුතිය 1990, දේශගුණික විපර්යාස සමිමුතිය 1992, මිනිසා සහ ජෛව ගොල වැඩසටහන 1940, සතුන් හා ශාක විශේෂ වල ජාත්‍යන්තර වෙළද පිළිබද සමිමුතිය 1979 වැනි සමිමුති ගණනාවකට ලංකාව අත්සන් තබා ඇති අතර මෙහි සදහන් සියල්ල සිංහරාජයට ද අදාළ ජාත්‍යන්තර සම්මුතීන් වේ. මෙම සම්මුතීන් වලට අනුවද සිංහරාජය විනාශවන අයුරින් කිසිදු ක්‍රියාවක් කිරීම සපුරා තහනම් වුවද අද දවස වන විට සමස්ත සිංහරාජයම දැව ජාවරම් කරුවන්ගේ පාරාදීසයක් වී ඇත.

1970 ට පෙර කොස්ගම පිහිටි තුනී ලැලී සමාගමට ප්‍රධාන ලෙස දැව සපයනු ලැබුවේ සිංහරාජ වනාන්තරයෙන්ය, පසුව මෙය ලෝක උරුමයක් වූ අතර එහි දැව කැපීම, ශාක වලට හානි කිරීම, සතුන් දඩයම් කිරීම හෝ සිංහරාජයට හානි වන කිසිදු ක්‍රියාවක් කිරීම තහනම් වූ අතර එවන් ක්‍රියාවන් සිදුවේ නම් එය මෙරට වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව නිති විරෝධි ක්‍රියාවකි.එවන් නිති විරෝධි ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් අත්තඩංගුවට ගැනීම සදහා වන ජීවී නිළධාරින්ට හැකියාවක් ඇති අතර සිංහරාජයේ සිදුවන දැව ජාවරම් ඇතළු අනෙකුත් ජාවරම් වලට වන ජීවී නිළධාරීන් මෙන්ම ඇතැම් පොළිස් නිළධාරීන්ද සම්බන්ධය.

කලවාන ,කජුවත්ත, රජවත්ත ප්‍රදේශයේ සිදුවන දැව ජාවාරම් සදහා රක්වාන පොළිසය හා පොතුපිටිය පොලීසිය සෘජුව සමිබන්ධතා දක්වයි.රක්වාන ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනේක් හා ගම්වාසීන් කිහිපදෙනෙක්ද මෙම දැව ජාවරම් වලට සම්බන්ධ වී ඇති අතර පසුගිය 2018.07.18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් අල්ලන ලද දැව තොගය කිසිදු පරික්ෂණයකින් තොරව පොලීසිය විසින් නිදහස් කර ඇති අතර මෙම දැව ජාවාරම් සදහා වනජීවී නිලධාරීන් කිහිපදෙනක් සම්බන්ධ වී ඇත.

කෙසේ වෙතත් මෙලෙස සිදුවන දැව ජාවාරම් හා නිති විරෝධි ක්‍රියා නිසා මෙහි ජෛව ප්‍රජාවට හා පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවන අතර එය සමස්ථ ලංකාවට මෙන්ම ලෝකයටම මෙම පරිසර පද්ධතියේ විනශය හානිකාරී ලෙස බලපානු ලබයි .

ලෝක උරුම සිංහරාජ වැනසීමෙන් ගලවා ගැනීමේ උවමනාවක් පරිසර අමාත්‍යවරයාට නොමැති අතර 2004.07.22 දින අමාත්‍යමංඩල පත්‍රිකා 04x0858x001x005 -03 රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් සිංහරාජයේ මායිම්ව ඇති ඉඩම වසර 14 ක් ගියද මේ වනතෙක් පවරා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.එමෙන්ම දිනෙන් දින විනාශ වන ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ල කරුවන්ට හා දැව ජාවරම් කරුවන්ට පාරාදීසයක් වන්න්ට ඉඩහැර බලා සිටීමෙන් සිදු වන්නේ ලෝකයටම වටිනා පරිසර පද්ධතියක් අහිමි වී යාමයි.

රවීන්ද්‍ර කාරියවසම්
පූජ්‍ය වෑකදවල රාහුල හිමි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top