Sathosa

Sep 25, 2018

කැකිල්ලේ රජුගේ නඩු තින්දුව සහ ඌරු ප්‍රශ්නය

මේ දිනවල සමාජ මධ්‍යවල සහ බොහෝ කතා බහ අතරරේ ඌරන් ඝාතනය සඳහා නීතිය ලිහිල් කිරිම ගැන කතා බහට ලක්වේ .මේ පිළිබඳව තබන සටහනකි.

මෙම ප්‍රශ්නය විවිධ පාර්ශවයන් එක් එක් මානයන්ගෙන් විග්‍රහ කරනු පෙනේ එක්විට විද්‍යාත්මක අර්ථයකින් ගත් තීන්දුව සාධාරණිය කිරිමත් තවත් විටෙක මානව කෙන්ද්‍රිය අර්ථයකින් බලයි .තවත් විටක පිං පව් අර්ථයෙන් විග්‍රහ කිරිම් වශයෙන් විග්‍රහ කරනු ලබන බව පෙනේ. ඒ කුමන විග්‍රහ කිරිම් අතරේ වුවද නිවැරදි ඉලක්කය හිතාමතා හෝ නොදැවත්කමින් මගහරිමින් තිබේ. කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවේදි සිදුවන්නේ වැරදිකරුවා වෙනුවට අහිංසයෙකු දණ්ගෙඩියට යැවීමයි.ඌරා සම්බන්ධ තින්දුවේදි ද එවන්නක් සිදු කොට ඇත.එසේ නම් දණ්ගෙඩියට යැවිය යුත්තේ කවුරුන්ද ? හුදකලා විද්‍යාත්මක විග්‍රහන් තුළ පෙ⁣⁣නෙන සත්‍ය සත්‍යම නොවනු ඇත. එහෙත් විනාශ දැනුම් සම්භාරයකින් කෙරෙන විග්‍රහ සැමවිට සත්‍ය යටපත් කරනු ඇත. අප ලංවිය යුත්තේ හැකිතාක් දුරට සොබාදහමේ විද්‍යාවටයි. ඒ සඳහා මානවයා අසමත්ව ඇත. ඔහු පරික්ෂණ නිරික්ෂණ නිගමනවලට එලබෙන්නේ හුදු මානව අවශ්‍යතා පදනම් කරගෙන පමණි. එය සමස්ථයේ පැවැත්ම තහවුරු කිරිමට අසමත්ව ඇත. එනිසා එය පරම සත්‍ය ලෙස නොගත යුතුය .

තවත් අයෙකු මෙය මානව කේන්ද්‍ර ව දකිති. මිනිසා වනසතුන් හේතුවෙන් පිඩාවට පත්ව ඇති බවත්. පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ගත් නිවැරදි තින්දුවක් ලෙස ඌරු ප්‍රශ්නය දකී. පරිසරය අර්බුදයට ලක්වෙන හැම විටම ජනජිවිතය සේම සතාසිවුපාවන් සහිත සමස්ථ ක්‍රියාවලියම අවුල් සහගත තත්ත්වයට රැගෙන යයි. එහි ප්‍රතිඵලය වන්නේ පරිසරය තුළ ජීවන සටනක නිරත වන පාර්ශවයන් අතර ගැටුම් නිර්මාණය කිරිමයි. ජනතාව අද මුහුන දි ඇති අර්බුදය නිර්මාණය කළේ කවුරුන්ද යන්න සොයාබලා නිසි පිළිතුරු සෙවීම සහ සැලසුම් සකස් කිරිම සැබැ මානව හිතවාදයයි .මෙම ගැටළුවේදි මානහිවාදින්ට එය අමතකව ගොස් ඇත. දැන් ඔවුන්ගේ සතුරා කිසිවකට වග නොකිව යුතු ඌරා වරදකරුවකු වී හමාරය.

සමහරක් කිසිදු හේතු පල සම්බන්ධයක් නොසලකා හැල්මේ පිං පව් අර්ථයෙන් ගෙන ඇත. සියල්ලන් කැකිල්ලේ රජුන් සේ වරදකරු නිරුපද්‍රිත කොට වටේ අතගා බලා නන්දොඩවන්නන් සේ මට පෙනේ.

අප සිදු කළ යුත්තේ වරදකරු අල්ලා ගැනිමත්,වරද නිවැරදි කිරිමේ දිසාවට ගමන් කිරිමත්, සංවිධාන ගතව ඒ සදහා සැලසුම් සකස් කිරිමත් විශේෂයෙන් දැනුම අවබෝධයෙන් යුතුව ඉලක්කයට පහර දිමත්ය.එහෙත් අප ඌරාට බයිනෙත්තුව අමෝරා ඇත.එය හෙට දවසේ තවත් සතෙකුට වනු ඇත. අවසන ඔබද එහි ඉලක්කයක් වනු වැලැක්විය නොහැකිය.

ක්‍රි.ව. 1505 ට පෙර මිනිසා සහ සතාසිවුපාවන් අතර මනා සහජිවන පැවැත්මකින් යුතු ජිවියක් අපට තිබුණි. එහිද යම් යම් අඩු පාඩු නොතිබුණි යයි නොකියමි. එහෙත් පෘතුගීසි ආගමනයත් සමග වෙරළ බඩ තිරයත් පහතරට වනාන්තරත් වනසා දමමින් අප රටේ කුළු බඩු පමනක් නොව දැව සම්පත අලි සම්පත ඔවුන්ගේ රටවල් සඳහා රැගෙන යන ලදි. අනතුරුව ලන්දෙසින්ද එයම සිදු කරන ලදි . ඉන් අනතුරුව ඉංග්‍රීසීන් රට අත්පත් කර ගැනිමෙන් අනතුරුව පහත රට වනාන්තර සේම කඳුකර වනාන්තරද වනසා දමමින් වැවිලි බෝග සදහා ඉඩ ලබා ගන්නා ලදි. එසේ වනසා දැමුයේ හදවත මෙන් රැකිය යුතු මධ්‍යම කදුකරයද වනසා දමමිනි. ඔවුන්ට රැකිමට කිසිවක් නොවුයෙන් සියළු සැලසුම් අප රටේ සම්පත් සිය රටට රැගෙන යාමේ ඉලක්කයට වැඩ සටහන දියත් කරන ලදි. ඉවක්බවක් නැති වන විනාශයේ ප්‍රතිඵලයක් ලෙස අලි වැවිලිවගා සහ ගම්වලට සංක්‍රමණයට මග සැලසුනි. එදා සිට අලි මිනිස් ගැටුම නිර්මාණය විය. සුද්දාට අලියා හිසරදයක් විය වැවිලි බෝග වගාවන්ට හනිකරන බැවින් බ්‍රිතාන්යන් ගත් තීරණය වුයේ අලි වෙඩිතබා ඝාතනය කිරිමටයි. අලියෙකු වෙඩි තබා ඝාතනය කරන්නෙකු වෙනුවෙන් මුදලක් ද ගෙවන ලදි.ඒ අනුව 1845 සිට 1859 දක්වා අලි අතුන් 5194ක් ඝාතනය කොට ඇත.⁣සුදු ජාතිකයන් ඝාතන සංස්කෘතිකය එලෙස හදුන්වා දෙන ලදි. අද අප ඌරාට වෙඩි තබමු.

නාමික නිදහසක් දි ඔවුන් ගියද අපරටේ සම්පත් ඔවුන්ගේ රටවල් සඳහා සම්පත් ගලනයට අවශ්‍ය සැලසුම් අපට එවන ලදි.අධාර ලෙස ඔවුන්ගේ ප්‍රාග් ධනය අප පොළව මත හෙලා මුදල් ඉපයිමට අවස්ථාව දෙන ලදි එදා මෙදා සියලු පාලකයන් සිදු කලේ පරිසරය අමතක කොට සංවර්ධන විමටයි. නිදසින් ගෙනා මහා සංවර්ධන හිනයන් අප මාතෘ භුමියේ සම්පත් කෘෂ කොට සතාසීපාවන් මානව සමාජය සතුරන්සේ ගැටෙන සේ ගැටුම් නිෂ්පාදනය ⁣කර ඇත.
එවන් මහා පරිමාන සංවර්ධන නාමික විනාශයන් අඳ අදවසේ අපව බෙදා වෙන්කොට සතුරන්සේ දකින්නට උගන්වා ඇත.

01.නැගෙනහිර ප්‍රදේශයේ ඇති කළ ගල් ඔය ව්‍යාපාරය

02.දකුණු පාලාත තුළ ඇරඹුණු වලවේ සහ කිරිඳි ඔය ව්‍යාපෘතිය

 03.නැගෙනහිර ,ඊසාන දිග හා වයඹ යන ප්‍රදේශවල ක්‍රියාත්මක මහවැලි ව්‍යාපාරය

04.වර්තමානයේ ද ක්‍රියාත්මක 2011 සහ 2030 ජාතික භෞතික සැලසුම

වැනි සංවර්ධන ව්‍යාපෘතින් සිදු කළ පරිසරික විනාශය අප මනය මේ සෑම ව්‍යාපෘතියකම ණය ආධාර මුදල් වියදම් කොට බලය පවත්වා ගැනිමත් පාලකයන් පොහොසතුන් බවට පත්විමත් හැර මිනිසුන් සහිත සතාසීපාවන්ගේ සුබ සිද්ධිය ට යෝදවා නැති බව අද පත්ව ඇති අර්බුදය අපට කිපාන කැඩ පතක් නොවන්නෙද ? සුදා අපට සංවර්ධන උගන්වන අතර වෙඩි තැබිමටද උගන්වා ඇත.ඔවුන් අලින්ට වෙඩි තබන ලදි.අප ඌරන්ට වෙඩි තබමු.

අර්බුදය නිර්මාණය කරන්නන් සැමවිට අර්බුදය මතින් යැපෙති. ඌරන් මැරීම පරිසරය රැකිමේ මාර තින්දුවකි. එහෙත් සිංහරාජය,විල්පත්තුව ,දුම්බර කදුවැටිය, අද ද වැනසේ ඌව පළාතේ පමනක් අක්කර 20.000 වඩා වනාන්තර ගිණිබත්ව ඇත. රටේ තත්ත්වය මීට වඩා වෙනස්ය ⁣එහෙත් ජනපති පරිසර ඇමතිය. එකදු විසදුමක් නැත. එහෙත් ඌරන්රට වෙඩි තබන්නට අත් ඔසවා ඇත. මිනිසා සහිත ගහ කොළ සතාසීපාවන් අනතුරේ හෙලා සතාසීපාවන් සතුරන්සේ දකින ගැටුම් නිර්මාපකයන්ට වෙඩි තැබිය යුතුනොවන්නේද ? ( මෙහි ගැටුම් නිර්මාපකයන්ට වෙඩි තැබීම අවශයෙන් සඳහන් කළේ ජනතාවාදී ක්‍රියාමාර්ගයකට බව කරුණාවෙන් සලකන්න)

වෑකඳවල රාහුල හිමි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top