Sathosa

Oct 24, 2018

මෙහෙණියක් සජිත්ගෙන් ඉල්ලීමක් කරයි

‘‘ධම්ම දායාදෝ භවථ මා ආමිස දායාදා’’ මාගේ ධර්මය දෑවැද්දක් ලෙස සලකන්න ආමිසයට ගිජු නොවන්න ලොව්තුරු අමාමෑණි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාල පරිද්දෙන් ඒ ගමන් මාර්ගයේම ගමන් කරමින් ලෝක සත්වයාට ධර්ම දානය දායාද කරන මේ මෙහෙනියන් වහන්ස අපට මුණ ගැසෙන්නේ රාජංගණය 439 ග්‍රාම නිළධාරි වසමට අයත්, තඹුත්තේගම, රාජාංගණය, සිරිමාපුර ප්‍රදේශයෙනි.

SIl1කරුණාව, දයාව, සෙනෙහස, උපදවන සුළු උපේක්ෂා සහගතව සිල්වන්ත දිවියක් ගෙවන මේ මෙහෙනියන් වහන්ස ලෞකික දිවිපෙවත මුළුමනින්ම අමතක කර ඇතුවා සේය.

කටුමැටියෙන් ඉදිකළ තහඩු සෙවිලි කළ කුඩා පැල්පතක බොහොම අසීරුවෙන් දිවිගෙන මේ මෙහෙනියන් වහන්ස සංඝාවාසයක වාසය කිරීමේ දැඩි බලාපොරොත්තුව හදවතේ කොනක යටපත්කරගෙන බලාපොරොත්තු රැසක් කරපින්නාගෙන ජීවිකාව ගෙවයි.

මෙහෙනියන් වහන්සගේ මව්පියන්ගේ වියෝව හේතු කොටගෙන කාත්කව්රුත් නැතුව අසරණ වූ තැන මෙහෙනියන් වහන්සට ඒ වනවිටත් කරකියා ගන්නට තරම් යමක් ඉතිරි නොවන්නට ඇත. මාපිය සෙනෙහස අහසට වඩා උසයි සිතන අප මෙන් උන් වහන්සේටත් ඒ හැඟීම පහලවනවා නොඅනුමානය. මාපියන්ගේ වෙන්වීමත්, පසු කාලීනව සිටි පවුලේ බාල සහෝදරයාගේ වියෝවත් මෙහෙනියන් වහන්සගේ හදවත සසල කරවන්නක් වී ඇත. දැනට ඇප උපස්ථාන කිරීමට ඉතිරිව ඇත්තේ එකුස උපන් තවත් එක් සොහොයුරෙකු පමණි,

ඔහු නමින් ආර්.එම්. කුලතුංගය. ඔහුද මෑතක මෙහෙණින් වහන්සේට ඇප උපස්ථාන කිරීම සඳහා වතුර රැගෙන එද්දි ලිස්සා වැටී බරපතල කොන්දේ අමාරුයකින් පෙළෙයි.

මේ මෙහෙණින් වහන්ස මහනදම් පුරා දැනට වසර 40ට ආසන්න කාලයක් බව කියයි, නමින් සර්දාපාලි වන උන්වහන්සේ මේ වන විට (68) වන වියේ පසුවන අතර ඔත්පල තත්ත්වයෙන් සිටී.SIl3

කුරුණෑගල පොතුහැර ආරාමයේ වසර ගණානවක් වැඩ වාසය කර පසුව නැවත ගම්බිම් බලා පැමිණ ඇති උන්වහන්සේ ප්‍රමුඛ සොහොයුරා ලොවට කියා පාන්නේ අමුතුම අමුතු ආකාරයේ කතාවකි. ඒ කතාවේ ලොකු හරයක් සෑම වචනයක් වචනයක් පාසාම ගැබ්ව ඇති බව ඔවුන්ගේ ගොළුවූ ඇස් අපට කියන්නට විය. කදුළ, සුසුම, වේදනාව හද පොදි බැදන් මේ යන කර්කෂක කටුක ගමනේ මොවුන් ආ මග කෙටි යා මග දුරයි යන්න අපට පෙනුනි.

ඒ තරමට අන්ත අසරණ මේ මෙහෙනියන් වහන්සට දානයක් ලැබෙන්නෙ නැති තරම්මය. අසල පොල් වත්තකින් පොල් ඉරටු රහින උන්වහන්සේ එය විකුණා ගැනීමට වෙළෙදුන්ට අතපාන්නේ සිගමන් යදින්නාක් මෙනි. සොච්චම් මුදලට ඉරටු විකුණා ලැබෙන මුදලින් අඩක් පොල්තෙල්, පහන් තිර, හදුනකූරුවලට යොදවා ඉතිරිවන පිච්චියෙන් හකුරු කෑල්ලක් සමඟ තේ කහට උගුරක් වළදා පුරා දින ගණන් බැලූ අත බලා සිටින වාර අපමණය.

කසාවතට ජීවිතය පූජා කල මෑණියන්ට අද වන විට පැලදවීමට තරම් ප්‍රමාණවත් කසාවතක් ඉතිරි නොවීම අවාසනාවක මහිමයක්දෝ වරෙක සිතෙනු ඇත.

මේ මෙහෙනියන් වහන්ස ලෝකවාසී සමස්ත ජනයාගෙන් ඉල්ලා සිටින්නේ පුංචිම පුංචි ඉල්ලීමක් පමණි. ඒ ඉල්ලීමට සවන් දෙන්නේ කෙලෙසකදැයි සිතේ උපදින අනුකම්පාව විදදරා ගැනීමට නොහැකි තරම්මය.

අප සමඟ අදහස් දැක්වූ සිල්මෑණියෝ,

"අපි බොහොම අසරණයි. මට ඇවිද ගන්න බැහැ. අපිට කව්රුත් දානෙ දෙන්න මේ කැලේට හොයාගෙන එන්නෙ නැහැ. බොහෝ දුරට වළදන්නේ ඇල්වතුර විතරයි, අපි වනවාසී. ඒ නිසා අපිට ග්‍රාමවාසි විහාර සුදුසු නැහැ. මම සජිත් ප්‍රේමදාස මහත්තයට ලිපි කිහිපයක්ම දීලා කියෙනවා. කුඩා සංඝාවාසයක් ඉදිකරලා දෙන්න කියලා. හැබැයි තාම ඒ දේ සිද්ධ වුණේ නැහැ. මොකද මම හිතනවා ඇමතිතුමාට අපි විතරද මේ වගේ කියන්නෙ. කී දෙනෙක් ඒ විදියට නිවාස ඉල්ලනවා ඇතිද? මම බලාපොරොත්තු වෙනවා කවදා හෝ සජිත් මහත්තයා මට සංඝාවාසයක් හදලා දෙයි කියලා" යැයි පැවසූහ.

සටහන සහ ඡායා -
ප්‍රියංකර කළුපහන - පුත්තලම

SIl4

SIl10

SIl11

SIl12

SIl17

SIl19

SIl20

SIl21

SIl22

SIl24

SIl26

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top