Mar 08, 2019

ලෝක කාන්තා දිනය වෙනුවෙනි..! -මහපොළොව රැක්ක කතුන්

1971 වසරේ ඉපදී 2016 වසරෙ මියගිය බර්ටා ඉසබෙල් කැසරස් හොන්ඩියුරාස්හි ⁣ග්‍රෝත්‍රික ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන පරිසරවේදිනියකි. ඇය ඝාතනය කරන්නේ ලංකාවේ කළු ගඟ සහ උමා ඔය ව්‍යාපෘති සිදු කරන සිනෝ හයිඩ්‍රෝ නැමති චීන සමාගම විසින් යැයි අදටත් සැක කෙරේ. එයට හේතුව හොන්ඩියුරාස්හි වනාන්තර සහ මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කරමින් ගංඟා හා ජලාශ හරස්කර ඉදි කරල ලද ඩෑම් සහ ඒ අවට සිද්ධ වූ පරිසර විනාශය සම්බන්ධව ඇය දිගින් දිගටම තම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ස⁣ටන් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය 2015 වසරේදී පරිසර ආරක්ෂණය සම්බන්ධ රන් සම්මානයක්ද හිමිකර ගනී. නමුත් 2016 වර්ශයේදී ඇගේ නිවස තුළම ඇයව ඝාතනය කරන්නේ ඉහත කී මහාපරිමාණ ව්‍යාපෘති හා ගංඟා ජලාශ හරස්කරමින් ඉදිකරන ඇළ වේලි වලට විරුද්ධ වීමත් ඒවාගෙන් මිනිසුන්ට සහ පරිසරයට සිදුවන හානියත් තමන්ගේ ජනතාවට සිද්ධවන හානියත් සම්බන්ධව මැදිහත්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙය බර්ටා කැසරස්ගේ ජීවිතය කාන්තාවක් ලෙස ගත කලේ කෙසේද යන්න කෙටි උදාහරණයකි. ලෝකය පුරා මෙවැනි දැවැන්ත කාන්තා ව්‍යාපාර කාන්තා චරිත මහපොළොව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැදිහත් කාර්යභාරයක් කර ඇත. කෘෂිකර්මය ආරම්භයේ සිට අද දක්වාත් මහ⁣ පොළවේ ආරම්භයේ සිට අද දක්වාත් මවගෙන්, කාන්තාවගෙන්, ස්ත්‍රියගෙන් වූ කාර්යභාරය මෙලොව සනිටුහන් වන්නේ අතිසුවිශේෂී සහ ආදරණීය ආරක්ෂාකාරී කාර්යභාරවක් ලෙසයි. එය ඉතිහාසයේ ඵෙතිහාසාත්මකව මහ පොළොව ආරක්ෂා කර ගැනීමේ අරගලය මෙන්ම අනෙකුත් සිය අරගලයන්හි දී ඉතාමත් ඉහළින් සනිටුහන් වී ඇත.

ලංකාව දෙස හැරී බලන කල කොටි විමුක්ති අරගලයේදී තමන් සෙවූ විමුක්තිය වෙනුවෙන් ජීවිතය පිදූ කාන්තාවන් උදාහරණයක් ලෙස තමිලිනී වැනි චරිතත් අපට දැකගත හැකි වේ. වර්තමාන ලංකාව තුළ කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ වැඩි කිරීම වෙනුවෙන් කාන්තාවන් අරගල කරමින් සිටී. එය හොඳ ක්‍රියාවකි. පිරිමින් සේම කාන්තාවන්ද පාර්ලිමේන්තුව හෝ දේශපාලනය නියෝජනය කළ යුතුය. නමුත් බොහෝ අරගල වලදී සමස්ථයක් ලෙස කාන්තා සංවිධාන තෝරන්නේ පුද්ගලයෙක් ලෙස කාන්තා නියෝජනයක් මිස සමස්ථ අරගලය තුළින් පරිසරය හා ජන සමාජය ආරක්ෂා කර ගැනීමේ ආකර්ෂණීය කාර්යභාරයයක් නොවන බව පැහැදිලිව දකින්නට ඇත. එයට හේතුව පසුගිය කාලය පුරා කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ වැඩි කිරීමට ගත් උත්සහය අගය කළ යුතු වගේම එම උත්සහයෙන් පාර්ලිමේන්තුවට යන ලද කාන්තාවන් නැවත පෙරලා කාන්තා සමාජය ජන සමාජය සහ ඔවුන්ව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත් පියවර කුමක්ද?

එම නිසා කාන්තාව හෝ පිරිමියාද නැතිනම් මව හෝ පිරිමියාද යන ජීව විද්‍යාත්මක කරුණකින් පමණක් ඔවුන් වෙන් කරනු විනා මනුෂ්‍යයකු ලෙස කාන්තාව පිරිමියා යනු එකම මනුෂ්‍ය වර්ගයාට අයිති එක ලෙස හදවත් ඇති මිනිස් කොට්ඨාසයක්ය. එම නිසා ඔවුන් බෙදා වෙන් කිරීමම අප එකෙක් උස් හෝ පහත් ලෙසත් අනෙත් එකා පහත් ලෙසත් දැකීමට පුරුදු කිරීමකි. අප දන්නා ලෙස නිරන්තරයෙන්ම ලංකාව තුළ පිරිමින් අතින් පුරුෂ මූලික සමාජය අතින් කාන්තාවන් අපයෝජනයට ලක්වීම ඉතාමත් බරපතල ලෙස සිදුවෙමින් පවතී. නමුත් එය⁣ට අරගල කළ යුත්තේ මුළු මහත් සමාජයම විනා කාන්තාවන් තනිව හෝ පුරුෂයින් තනිව නොවේ. එය පෙරලා පිරිමි සමාජයටත් කාන්තා සමාජයටත් එක ලෙස බලපාන කරුණකි. එම නිසා කෑල්ලෙන් කෑල්ල නොකඩා සම්ස්ථ ප්‍රශ්නයම එකලෙස ගැනීමෙන් සහ මෙහි දේශපාලනික අර්ථය ගැනීමෙන් පමණක් කාන්තාවන්ගේ හා පුරුෂයින්ගේත් සමාජයේ විමුක්තියත් සොයාගැනීමට අප උත්සහ කළ යුතු අතර ඒ හැරෙන්නට කෝච්චි පෙට්ටියක් වෙන් කිරීමෙන් හෝ බසයේ අසුනක් කාන්තාවකට වෙන් කිරීමෙන් හෝ පුරුෂයා ගෙද⁣ර තේ හැදීමෙන් හෝ පුරුෂයා ගෙදර රෙදි සේදීමෙන් මේ ගැටලුව නිරාකරණය වෙන්නේ නැත. කාන්තා සංවිධානත් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුය.

– රවින්ද්‍ර කාරියවසම් –

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top